කොන්කෝඩ් යානා වෙනුවට ආදේශකයක්?

A drawing of the plane that Boom would like to build

ඡායාරූප මූලාශ්‍රය, Boom

ඡායාරූප ශීර්ෂ වැකිය, බූම් සමාගම විසින් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති නව යානයේ සිතුවමක්

කොන්කෝඩ් (Concorde) යානයට ආදේශකයක් ලෙස යොදා ගැනීමේ අරමුණින් නිර්මාණය කෙරෙන යානය ගුවන ජය ගතහොත් වසර පහකට මදක් වැඩි කාලයක් ඇතුළත ශබ්දයට වඩා වේගයෙන් යළි ගුවන් ගමන් ක්‍රියාත්මකවනු ඇත.

සුපර්සොනික් තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කෙරෙන මූලාකෘති ගුවන් යානයේ පළමු පරීක්ෂණ ගුවන් ගමන 2018 වසරේ අගවන විට සිදු කිරීමට බූම් සුපර්සොනික් (Boom Supersonic ) සමාගම අපේක්ෂා කරයි.

සුපර්සොනික් තාක්ෂණය යොදා ගනිමින් නිමවන ගුවන් යානාවලට ශබ්දයේ වේගය ඉක්මවා පියාසර කළ හැක.

උපධ්වනි (subsonic) සහ අතිධ්වනි (supersonic) ගුවන් යානා ඇමරිකාවේ දී පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.

ශබ්දයේ වේගය අභිබවා

A picture of the plane that Boom wishes to build, with the proposed XB-1 demonstration plane in the background

ඡායාරූප මූලාශ්‍රය, Boom

ඡායාරූප ශීර්ෂ වැකිය, නිර්මාණය කිරීමට නියමිත නව ගුවන් යානය සහ පරීක්ෂා කිරීම් සඳහා යොදා ගැනෙන XB-1 ආදර්ශ යානය

මගී ආසන පනස් පහකින් සමන්විත යානය පරීක්ෂා කිරීම්වලින් සමත් වුවහොත් වසර 2023 වනවිට අත්ලාන්තික් සාගරයට ඉහළින් ශබ්දයේ වේගය අභිබවා පියාසර කිරීමේ අවස්ථාව ගුවන් මගීන්ට උදා වනු ඇත.

බූම් සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරි බ්ලේක් ස්කොල් කියා සිටියේ නිෂ්පාදනය ආරම්භ කිරීමට පෙර පැරිස් ගුවන් ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ XB-1 ආදර්ශ යානයක් ක්‍රියාකාරිත්වය සහ ආරක්ෂාව සම්බන්ධ පරීක්ෂණයෙන් සමත් වූ බවය.

බූම් සමාගම නම් හෙළි නොකරමින් සඳහන් කළේ ගුවන් සමාගම් පහක් වෙතින් මේ වන විටත් සිය මගී ගුවන් යානා සඳහා ඇණවුම් 76 ක් ලැබී ඇති බවය.