ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගංවතුර සහ නාය යාම්: 'පළාත් පහකට කඩ වැසි හෝ ගිගිරුම් සහිත වැසි'
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත් තුළ කඩවැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ඇතැම් ප්‍රදේශවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ තුළ මිලිමීටර 100 ට වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
උතුරු සහ උතුරු මැද පළාත්වල සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ තැනින් තැන ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ සහ දිවයින වටා වෙරළබඩ ප්‍රදේශ තුළ විටින් විට පැයට කිලෝමීටර 80 දක්වා තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම බෙන්ගාල බොක්ක මුහුදු කලාපයේ නැගෙනහිර දෙසින් පවතින MORA නමැති සුළි කුණාටුව දිවයිනෙන් ඔබ්බට ගමන් කරමින් පවතින බවත් එය, අඟහරුවාදා (මැයි 30) වන විට බංග්ලාදේශ වෙරළ හරහා ගොඩබිමට ඇතුළු විය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු පළ කරයි.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර වැසි සහ සුළං තත්වයක් අපේක්ෂා කළ හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.