ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වැස්සොත් ඉවත් වෙන්න! - අනතුරු ඇඟවීමක්
වැසි ඇති වූ වහාම රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑලිය යන දිස්ත්‍රික්කවලට අයත් පහත සඳහන් ප්‍රදේශවල ජනතාව ඉන් ඉවත්ව ආරක්‍ෂිත ස්ථාන කරා යන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.
ඉතා සුළු වර්ෂාපතනයකින් වුවත් එම ප්‍රදේශවල කඳු බෑවුම් නාය යාමට ඇති අවදානම ඉහළ මට්ටමක පවතින බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
- රත්නපුර දිස්ත්‍රික්කය: රත්නපුර, පැල්මඩුල්ල, ඇලපාත, කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කහවත්ත, කලවාන, කොලොන්න, නිවිතිගල, යන ප්‍රාදේශීය කොට්ඨාස සහ ඒ වට ප්‍රදේශ
- කෑගල්ල දිස්ත්‍රික්කය: බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට සහ දෙහිඕවිට යන ප්‍රාදේශීය කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ
- ගාල්ල දිස්ත්‍රික්කය: බද්දේගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියාගම, නාගොඩ, යන ප්‍රාදේශීය කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ
- කළුතර දිස්ත්‍රික්කය: බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට සහ බදුරලිය යන ප්‍රාදේශීය කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ
- මාතර දිස්ත්‍රික්කය : කොටපොල, පස්ගොඩ, පිටබැද්දර, මුලටියන යන ප්‍රාදේශීය කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ
- හම්බන්තොට දිස්ත්‍රික්කය: වලස්මුල්ල සහ කටුවන ප්‍රාදේශීය කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ
- නුවරඑලියc දිස්ත්‍රික්කය: අඹගමුව කෝරළේ ප්‍රාදේශීය කොට්ඨාසය සහ ඒ අවට ප්‍රදේශ
සබැඳි යොමු: