ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගංවතුර සහ නාය යෑම්: මරණ සංඛ්‍යාව ඉහළට
ඇතැම් ප්‍රදේශවල ගංවතුර මට්ටම පහළ යමින් පවතින අතර එම ප්‍රදේශවල අවතැන්ව සිටින ජනතාව වෙත සහන සැලසීමට බලධාරීහු කටයුතු කරමින් සිටිති.
ධාරානිපාත වර්ෂාව හමුවේ ඇති වූ ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් මරණයට පත් පිරිස මේ වන විට 146 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වසර 14 කට පසු වාර්තා වූ බරපතළම ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් තවත් 112 දෙනෙකු අතුරුදහන්ව සිටින අතර අවතැන් වී සිටින සංඛ්‍යාව පන්ලක්ෂයකට ආසන්නය.
බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යට වී පවතින අතර ලෙඩරෝග ව්‍යාප්ත වීම වැළකීම සඳහා එම ප්‍රදේශ වෙත වෛද්‍ය කණ්ඩායම් යොදවා ඇති බව බලධාරීහු පවසති.
රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුරට හසු වූ ප්‍රදේශවල ජල මට්ටම කෙමෙන් පහළ යමින් පවතින නමුත් කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටව පවතින බවත් බලධාරීහු කියා සිටියහ.
අවතැන් වී සිටින පිරිස් වෙත සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් හෙලිකොප්ටර් සහ බෝට්ටු යොදවනු ලැබ ඇත.
ගංවතුරින් සහ නාය යෑම් හේතුවෙන් විපතට පත් පිරිස් වෙත ආධාර සපයන මෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටි අතර ආධාර රැගත් ඉන්දීය නෞකාවක් ශ්‍රී ලංකාව වෙත ළඟා විය.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පානීය ජලය ලබා දීමට කටයුතු කරන බවය.
සහනාධාර ලබා දීම සඳහා කටයුතු කරමින් සිටින බව පාකිස්තානය පවසයි.
මීට පෙර 2003 වසරේ දී ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ගංවතුර සහ නාය යෑම්වලට හසුව පුද්ගලයන් 250 දෙනෙකු මරුමුවට පත් විය.
පසුගිය වසරේ ඇදහැළුණු මෝසම් වැසි හමුවේ ගංවතුරට සහ නාය යාම්වලට හසුව සියයකට අධික පිරිසක් මරුමුවට පත්ව තිබේ.