ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විපතට පත්වූවන්ට ජනතා සරණ
වසර දාහතරකට පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතළම ගංවතුර සහ නාය යාම් තත්වය හමුවේ මේ වන විට පන්ලක්ෂයකට ආසන්න පිරිසක් අවතැන් වී සිටිති.
හදිසි ආපදා තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ආධාර ලබා දෙන මෙන් රජය ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව විපතට පත් වූවන් සඳහා ආධාර ලබා දීමට ඉන්දියාව, පාකිස්තානය ඇතුළු රටවල් කිහිපයක් කටයුතු කළේය.
මේ අතර විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ෆේස්බුක් ඇතුළු සමාජ ජාල භාවිතයෙන් ඇතැම් තරුණ කණ්ඩායම් ස්වේච්ඡාවෙන් කටයුතු කරමින් සිටිති.
සියලු දෙනා එක්ව එකිනෙකාට උපකාර කර ගන්නා අවස්ථා දැක්වෙන ඡායාරූප ෆේස්බුක් ඔස්සේ දැක ගත හැක.
ගාල්ල දිස්ත්‍රික්කයේ අවතැන් වූ පිරිස් වෙත ආහාර පිසීම සඳහා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සහාය ලබා දෙන ආකාරය දැක්වෙන ඡායාරූප ද ඒ අතර විය.
එමෙන්ම අනතුරුදායක කලාපවලින් ඉවත් වන ලෙස දැන්වීමට සහ සිය ඥාතීන් සහ මිතුරන්ට හදිසි පණිවුඩ ලබා දීම සඳහා බොහෝ දෙනෙක් සමාජ ජාල යොදා ගනිති.