විපතට පත්වූවන්ට ජනතා සරණ

ගංවතුර

ඡායාරූප මූලාශ්‍රය, FB/Galu Yalu

වසර දාහතරකට පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතළම ගංවතුර සහ නාය යාම් තත්වය හමුවේ මේ වන විට පන්ලක්ෂයකට ආසන්න පිරිසක් අවතැන් වී සිටිති.

හදිසි ආපදා තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ආධාර ලබා දෙන මෙන් රජය ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව විපතට පත් වූවන් සඳහා ආධාර ලබා දීමට ඉන්දියාව, පාකිස්තානය ඇතුළු රටවල් කිහිපයක් කටයුතු කළේය.

මේ අතර විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ෆේස්බුක් ඇතුළු සමාජ ජාල භාවිතයෙන් ඇතැම් තරුණ කණ්ඩායම් ස්වේච්ඡාවෙන් කටයුතු කරමින් සිටිති.

ගංවතුර

ඡායාරූප මූලාශ්‍රය, Facebook

සියලු දෙනා එක්ව එකිනෙකාට උපකාර කර ගන්නා අවස්ථා දැක්වෙන ඡායාරූප ෆේස්බුක් ඔස්සේ දැක ගත හැක.

ගංවතුර

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ගාල්ල දිස්ත්‍රික්කයේ අවතැන් වූ පිරිස් වෙත ආහාර පිසීම සඳහා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සහාය ලබා දෙන ආකාරය දැක්වෙන ඡායාරූප ද ඒ අතර විය.

ගංවතුර

ඡායාරූප මූලාශ්‍රය, Facebook

එමෙන්ම අනතුරුදායක කලාපවලින් ඉවත් වන ලෙස දැන්වීමට සහ සිය ඥාතීන් සහ මිතුරන්ට හදිසි පණිවුඩ ලබා දීම සඳහා බොහෝ දෙනෙක් සමාජ ජාල යොදා ගනිති.

ගංවතුර

ඡායාරූප මූලාශ්‍රය, Facebook