ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දිස්ත්‍රික්ක අටක පාසල් දින හතරකට වසා තැබෙයි
අයහපත් කාලගුණය හමුවේ දිස්ත්‍රික් අටක රජයේ පාසල් දින හතරකට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අදාළ දිස්ත්‍රික්ක අටට අයත් පාසල් ලබන සිකුරාදා (ජුනි 02) තෙක් වසා තබන ලෙස බලධාරීන්ට දැනුම් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටී.
පාසල් වසා තැබෙන දිස්ත්‍රික්ක
- කොළඹ
- ගම්පහ
- කළුතර
- රත්නපුර
- කෑගල්ල
- ගාල්ල
- මාතර
- හම්බන්තොට
එම දිස්ත්‍රික්කවලට අයත් පෞද්ගලික පාසල් ද තාවකාලිකව වසා තබන ලෙස ඉල්ලීමක් කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.
අදාළ දිස්ත්‍රික්කයන්හි පවතින කාලගුණික තත්වය සලකා බලා තවදුරටත් පාසල් පවත්වාගෙන යාමේ හැකියාවක් ඇත්දැයි යන්න දන්වන ලෙස මීට ඉහතදී විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබිණි.
ඒ අනුව ඉදිරි දින හතර තුළ පාසල් වසා දැමීමට තීන්දු කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.