ජල මට්ටම අඩු වුවත් නිවෙස් වෙත යන්න එපා!

Sri Lankan residents make their way through floodwaters in Kaduwela on May 27, 2017. Rainfall on May 26 triggered the worst flooding and landslides in 14 years in the southern and western parts of Sri Lanka, authorities said. The Disaster Management Centre (DMC) said 103 people were confirmed killed while another 113 were missing. / AFP PHOTO / ISHARA S. KODIKARA (Photo credit should read ISHARA S. KODIKARA/AFP/Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගංවතුරෙන් යටව තිබූ ප්‍රදේශවල ජල මට්ටම අඩුව ගියත් නැවත සිය නිවෙස් වෙත නොයන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

නිවෙස්වලට නැවත යන ලෙස නැවත දැනුම් දෙන තුරු දැනට සිටින ආරක්‍ෂිත ස්ථානවලම රැඳී සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

සඳුදා (මැයි 29) සවස සහ අඟහරුවාදා නැවත ධාරානිපාත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් එසේ ඉල්ලා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

ගංවතුරෙන් යට වූ ප්‍රදේශ ගණනාවක ජලය බැස යමින් තිබෙන බව වාර්තා වේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, ජල ගැලීම් ගුවනින් දුටු ආකාරය

කෙසේ නමුත් නැවත සුළු වර්ෂාපතනයක් ඇති වුවත් නාය යාම් ඇති වීමේ අවදානමක් පවතින බැවින් ආරක්‍ෂිත ස්ථානවලම රැඳී සිටින ලෙස බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

නාය යාම් හමුවේ පස් කඳු වලට යට වී මිය ගිය පුද්ගලයන්ගේ මෘත ශරීර ගොඩ ගැනීම අද දින ද සිදු විය.

ඒ අනුව ගංවතුර සහ නාය යාම්වලට ගොදුරු වී මරණයට පත් සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් තිබේ.

අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 4,800 පමණ විනාශ වී ඇති බව බලධාරීහු පවසති.