විවාද මැද සිරියාවේ තවත් සටන් විරාමයක්

Syrian man carries bicycle through rubble of destroyed buildings following air strike on rebel-held Salihin neighbourhood of northern city of Aleppo, on September 11, 2016.

ඡායාරූප මූලාශ්‍රය, AFP

රුසියාව සහ ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් ඇති කර ගන්නා ලද සිරියාවේ සටන් විරාමය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතියි.

එහෙත් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන කැරලිකරුවන්ට එරෙහිව දිගටම ප්‍රහාරඑල්ල කිරීමට සිරියානු ආණ්ඩුවට අවසරය හිමි වේ.

සටන් විරාමය ක්‍රියාවට නැගීමට පැය කිහිපයකට පෙරාතුව දරායා නගරයේ සංචාරයක් අතරවාරයේ ප්‍රකාශයක් කළ ජනාධිපති අසාද් අල් බශාර් සිරියාව සම්පූර්ණයෙන් කැරලිකරුවන්ගේ පාලනයෙන් නිදහස් කරගන්නා බව අවධාරණය කළේය.

දින හතක් සටන් විරාමය ක්‍රියාත්මක වුවහොත්, ජිහාඩ් කැරලිකරුවන්ට එරෙහිව ඒකාබද්ධ මෙහෙයුම් ආරම්භ කරන බවට රුසියාව සහ ඇමෙරිකාව ප්‍රතිඥා දී තිබේ.

සටන් විරාමය ක්‍රියාවට නැගීමට නම් සහතික කිහිපයක් ලබා දිය යුතු බව කැරලිකාර කණ්ඩායම් කිහිපයක් ඊට පෙරාතුව ඉල්ලා සිටියහ.

ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙසින් හඳුන්වන්නේ කුමන කණ්ඩායම්ද යන්න පිළිබඳව පැහැදිලි කළ යුතු බවයි, සිරියාවේ ප්‍රධාන විපක්ෂය කියා සිටියේ.

සටන් විරාමයක් එකඟ වී තිබුනත් ගැටුම්වල අඩුවක් දක්නට නොලැබුන අතර, විශේෂයෙන්ම අලෙප්පෝ නගරයේ දිගටම සටන් පැවතිණි.