හමුදා බාධක බිඳදමා කැරලිකරුවෝ අලෙප්පෝ නගරයට ඇතුළුවෙති

වීඩියෝ ශීර්ෂ වැකිය, Amateur footage purports to show rebel factions advancing towards Aleppo

උතුරු සිරියාවේ අලෙප්පෝ නගරයේ සතියක් පුරා පැවති හමුදා අත්පත්කරගැනීම බිඳ දමා ඇතුළු වූ කැරලිකාර කණ්ඩායම් ප්‍රමෝදයට පත්වී සිටින බව වාර්තා වේ.

රජයට සමීප ආරංචි මාර්ග හමුදාව නගරයෙන් පිටතට තල්ලු වී ඇතැයි යන ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අතර කාලතුවක්කු හමුදා මුලස්තනයකින් කැරලිකරුවන් පලවා හළ බවයි ඔවුන් පවසන්නේ.

Syrians gather in a street in the northern city of Aleppo in celebrations after rebels said they have broken a government siege

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, කැරලිකාර කණ්ඩායම් රජයේ හමුදාවේ පාලනය බිඳ දමා ඇතුළුවූ බව ප්‍රකාශකිරීමෙන් පසු උද්දාමයට පත් සිරියානු ජනතාව නගරයට රැස්වූහ

එක්සත් රාජධානිය පදනම් කොටගෙන සිටින ක්‍රියාධරයෙකු පැවසුවේ කැරලිකරුවන් නැගෙනහිර අලෙප්පෝ වල සිටින තම සගයන් සමග සබඳතා ඇතිකර ගැනීමට සමත් වී ඇති බවයි.

එහෙත් ආරකෂකාරී මාර්ගයක් ස්ථාපිත කර ගැනීමට කැරලිකරුවන් තවමත් අසමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

A group of men and boys gather on a vehicle in celebration

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, විරුද්ධ පක්ෂ නිලධාරීන් පවසන්නේ ඔවුන් අලෙප්පෝ නගරයට වෙනත් මාර්ගයක් විවෘත කළ බවයි

මෙම කැරලිකාර සන්ධානයට අල් ඛයිදා වේ සහය ලබන කණ්ඩායම් ද ඇතුළත් වී සිටිති.

පසුගිය මාසයේ දී රජයේ හමුදාවන් අලෙප්පෝ නගරයේ කැරලිකරුවන් සතුව තිබූ ප්‍රදේශ අත් පත් කරගත් අතර දෙලක්ෂ පනස්දහසක් පමණ වූ ජනතාවක් එම ප්‍රදේශවල ජීවත්විය.

People carry a Free Syrian Army flag and a Jabhat Fatah al-Sham flag as they celebrate

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සති ගණනක් තිස්සේ නගරයේ පාලනය පැවතියේ රජයේ හමුදා යටතේය

රමි අබ්දෙල් රහමන් නම් එක්සත් රාජධානියේ සිටින සිරියාවේ මානවහිමිකම් සොයාබැලීමේ කමිටුවේ ප්‍රධානී පැවසුවේ කැරලිකරුවන් හමුදා වළල්ල බිඳ දමා ඇති නමුත් මාර්ගය තවමත් මුළුමනින්ම ආරක්ෂා සහිත නැති බවයි.

A woman flashes the victory sign as she celebrates the news of the breaking of the siege of rebel-held areas of Aleppo

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, හමුදා වළල්ල බිඳ කැරලිකරුවන් නගරයට අතුලුවීම පිලිබඳ සතුටට පත් කාන්තාවක් ජයග්‍රහණයේ සංකේතය පෙන්වමින්

සිකුරාදා කැරලිකරුවන් පැවසුවේ ඔවුන් කාලතුවක්කු මූලස්ථානයකට කඩා වැඩුණු බවයි.

Rescue workers celebrate in Aleppo, 6 August

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සුදු හෙල්මට් පැළඳි සහන සේවකයෝද ජයඝෝෂා කරන්නවුන් අතර සිටියහ

එහෙත් තමන් එම ප්‍රහාරය මෙල්ල කළ අතර කැරලිකරුවන්ට දැඩි හානි සිදුවූ බවයිරජයේ හමුදා පැවසුවේ.