හමුදා බාධක බිඳදමා කැරලිකරුවෝ අලෙප්පෝ නගරයට ඇතුළුවෙති

උතුරු සිරියාවේ අලෙප්පෝ නගරයේ සතියක් පුරා පැවති හමුදා අත්පත්කරගැනීම බිඳ දමා ඇතුළු වූ කැරලිකාර කණ්ඩායම් ප්‍රමෝදයට පත්වී සිටින බව වාර්තා වේ.

රජයට සමීප ආරංචි මාර්ග හමුදාව නගරයෙන් පිටතට තල්ලු වී ඇතැයි යන ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අතර කාලතුවක්කු හමුදා මුලස්තනයකින් කැරලිකරුවන් පලවා හළ බවයි ඔවුන් පවසන්නේ.

එක්සත් රාජධානිය පදනම් කොටගෙන සිටින ක්‍රියාධරයෙකු පැවසුවේ කැරලිකරුවන් නැගෙනහිර අලෙප්පෝ වල සිටින තම සගයන් සමග සබඳතා ඇතිකර ගැනීමට සමත් වී ඇති බවයි.

එහෙත් ආරකෂකාරී මාර්ගයක් ස්ථාපිත කර ගැනීමට කැරලිකරුවන් තවමත් අසමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කැරලිකාර සන්ධානයට අල් ඛයිදා වේ සහය ලබන කණ්ඩායම් ද ඇතුළත් වී සිටිති.

පසුගිය මාසයේ දී රජයේ හමුදාවන් අලෙප්පෝ නගරයේ කැරලිකරුවන් සතුව තිබූ ප්‍රදේශ අත් පත් කරගත් අතර දෙලක්ෂ පනස්දහසක් පමණ වූ ජනතාවක් එම ප්‍රදේශවල ජීවත්විය.

රමි අබ්දෙල් රහමන් නම් එක්සත් රාජධානියේ සිටින සිරියාවේ මානවහිමිකම් සොයාබැලීමේ කමිටුවේ ප්‍රධානී පැවසුවේ කැරලිකරුවන් හමුදා වළල්ල බිඳ දමා ඇති නමුත් මාර්ගය තවමත් මුළුමනින්ම ආරක්ෂා සහිත නැති බවයි.

සිකුරාදා කැරලිකරුවන් පැවසුවේ ඔවුන් කාලතුවක්කු මූලස්ථානයකට කඩා වැඩුණු බවයි.

එහෙත් තමන් එම ප්‍රහාරය මෙල්ල කළ අතර කැරලිකරුවන්ට දැඩි හානි සිදුවූ බවයිරජයේ හමුදා පැවසුවේ.