ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක ශූරයෝ

ඡායාරූප මූලාශ්‍රය, getty
ඉන්දියාව කඩුලු හතරක් දැවී රැස් කළ ලකුණු 130 හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව කඩුලු හයකින් පරාජය කරමින් විස්සයි විස්ස ලෝක කුසලානය <link type="page"><caption> ජයග්‍රහණය කළේය. </caption><url href="http://www.bbc.co.uk/sport/0/cricket/26899672" platform="highweb"/></link>
අවසාන මහා තරඟයේදී නොදැවී ලකුණු 52ක් රැස් කළ කුමාර් සංගක්කාර තරඟයේ වීරයා ලෙස නම් කෙරිණ.
විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ක්‍රිකට් ක්ෂේත්‍රයට කළ මෙහෙය වෙනුවෙන් එම ජයග්‍රහණය අවශ්‍යව තිබූ බවයි, කණ්ඩායමේ වැඩ බලන නායක ලසිත් මාලිංග කියා සිටියේ.
හිටපු නායක මහේල ජයවර්ධන අදහස් දක්වමින් කියා සිටියේ, ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම සඳහා වසර 18 ක් බලා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට එම ජයග්‍රහණය පුද කරන බවයි.
ක්‍රිකට්ලෝලීන් වෙනුවෙන්
පස් වතාවක්ම අවසාන මහා තරඟයට තේරුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයක් අවශ්‍යව තිබුණු බව පැවසූ හිටපු නායක තිලකරත්න ඩිල්ශාන්, ජයග්‍රහණයේ ප්‍රීතිය වචනයෙන් විස්තර කළ නොහැකි බව කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි තරඟාවලියේ වීරයා ලෙස නම් කෙරිණ.
බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසාන මහා තරඟයට <link type="page"><caption> වැස්සෙන් බාධා පැමිණීමෙන්</caption><url href="http://www.bbc.co.uk/sport/0/cricket/26894993" platform="highweb"/></link> අනතුරුව තරඟය ආරම්භ වූයේ ප්‍රමාද වී.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පන්දුවට පහර දීම ඉන්දීය කණ්ඩායමට භාර කළේය.
විශේෂයෙන්ම වැසිබර කාලගුණය හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමය මත තරඟය තීරණය වීමට ඉඩ තිබීම පන්දුවට පහර දීම ඉන්දියාවට භාරදීමට හේතුව බවයි, ඇන්ජලෝ මැතිවුස් ඉන්දීය ඉනිමෙන් අනතුරුව කියා සිටියේ.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු ඕවර විස්ස අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 130 ක් රැස් කර ගත්තේය.
සීක්කුගේ ප්‍රසන්න වෙනුවට තිසර පෙරේරා කණ්ඩායමට කැඳවා තිබුණි.








