විස්සයි විස්ස:'අවසන් තරඟයට ශ්‍රී ලංකාව සූදානම්'

ඡායාරූප මූලාශ්‍රය, AP
හෙට,ඉරිදා බංග්ලාදේශයේ 'මීර්පුර්' ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟය සඳහා ශ්‍රී ලංකාව සූදානම් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු පවසයි.
මෙම අවසාන මහා තරඟය සඳහා ශ්‍රී ලංකාව තරඟ වදින්නේ ඉන්දියාව සමගයි.
පසුගිය තරඟය සඳහා තරඟ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එකොලොස් දෙනා මෙම තරඟය සඳහාද තෝරාගෙන ඇති අතර,ඊට අමතරව තිසර පෙරේරා කණ්ඩායමට එක් කොට ඇති බවයි කළමනාකාර මයිකල් ඩි සොයිසා සංදේශයට පැවසුවේ.
“දොළොස් දෙනාගෙන් එකොලොස් දෙනෙක් තෝරා ගන්නව. පිටියේ තත්වය බලල තමයි ක්‍රීඩකයන් කවුද යන්න තීරණය කරන්නෙ” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ තරඟයකදී ඉන්දියාව පරාජය කරනු ලැබ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මෙම තරඟයේ දීත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ලසිත් මාලිංග විසිනි.
පසුගිය ලෝක කුසලාන සීමිත ඕවර් තරඟාවලියේ අවසන් තරඟයේදී ද ශ්‍රී ලංකාව තරඟ වැදුණේ ඉන්දියාව සමගයි.




