අවසන් තරඟයේ නායක මාලිංග?

ලසිත් මාලිංග

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ලසිත් මාලිංග

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ලබන ඉරිදා පැවැත්වෙන අවසාන මහා තරඟයේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය ලසිත් මාලිංගට පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ක්‍රිකට් විචාරකයෝ පවසති.

ඩේලි මිරර් පුවත් පතේ ක්‍රීඩා සංස්කාරක චන්නක ද සිල්වා

ඡායාරූප මූලාශ්‍රය, facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩේලි මිරර් පුවත් පතේ ක්‍රීඩා සංස්කාරක චන්නක ද සිල්වා

ක්‍රිකට් විචාරක චන්නක ද සිල්වා සංදේශය සමඟ කළ විශේෂ සාකච්ඡා පැවසුවේ ලහිරු තිරිමාන්න ඉතා හොඳින් ලකුණු අතරට පිවිසීම නිසා දිනේෂ් චන්දිමාල් නැවත කැඳවීමට ඇති ඉඩකඩ බොහෝ අඩු බවයි.

කෙසේ වෙතත් ඉන්දියාව අවසාන තරඟයට පැමිණීම ශ්‍රී ලංකා පිලට විශාල අභියෝගයක් වනු ඇති බවද චන්නක ද සිල්වා පැවසීය.

‘ඉන්දියාව සහ ලංකාව දඟ පන්දු යවන්නන් හරහා තරඟ දියත් කරන කණ්ඩායම් දෙකක්. කණ්ඩායම් දෙකටම තියෙන්නේ එක හා සමාන තරඟ රටාවන්. ඒ නිසා ශ්‍රී ලංකාවට ඉන්දියාව ලොකු අභියෝගයක් වෙනවා. හොඳ තරඟයක් දැකීමට හැකි වෙයි කියල කවුරුත් බලාපොරොත්තු වෙනවා.’ චන්නක ද සිල්වා ප්‍රකාශ කළේය.

අවසාන පූර්ව තරඟයට සහභාගී වූ කණ්ඩායම අවසන් මහා තරඟයට ද යොදවනු ඇති බවයි විචාරකයන්ගේ මතය.