ශෂිකලා ලෝක කාන්තා කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලෝක කාන්තා කණ්ඩායමට නම් කෙරුණු පළමු වතාව මෙයයි

ඡායාරූප මූලාශ්‍රය, Nadeeshan Meedin cricturf.com

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලෝක කාන්තා කණ්ඩායමට නම් කෙරුණු පළමු වතාව මෙයයි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා ශෂිකලා සිරිවර්ධන ලෝක කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නම් කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක් ලෝක කාන්තා කණ්ඩායමට නම් කෙරුණු පළමු වතාව මෙය බවයි, බංග්ලාදේශයේ සිට බීබීසී සංදේශය සමඟ අදහස් දැක්වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සම්බන්ධීකරණ නිලධාරීනි වැනේසා ද සිල්වා කියා සිටියේ.

ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ශ්‍රේණි ගත කිරීම් වලට අනුව, තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන් අතර ප්‍රථම ස්ථානයටද ශෂිකලා සිරිවර්ධන තේරී සිටී.

විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ක්ෂත්‍රයේ පන්දු යවන්නියන් අතරින් පළමු ස්ථානය උදේශිකා ප්‍රබෝදනීට හිමි වී තිබේ.

මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෑත කාලයේ ලද විශිෂ්ටතම ජයග්‍රහණයක් බවත් වැනේසා ද සිල්වා සංදේශයට කියා සිටියාය.