ICCය 2023 කාන්තා T20 ලෝක කුසලාන කාල සටහන නිවේදනය කරයි.

2023 කාන්තා T20 ලෝක කුසලාන කාල සටහන

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එළඹෙන වසරේ කණ්ඩායම් 10ක් දකුණු අප්‍රිකාවේදී කරට කර ක්‍රීඩා කිරීමට නියමිත කාන්තා 20යි 20 ලෝක කුසලාන තරඟාවලියේ 9 වැනි සහ 10 වැනි කණ්ඩායම් ලෙස බංගලාදේශය සහ අයර්ලන්තය තේරී පත්වීමෙන් අනතුරුව ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

අටවැනි වතාවටත් පැවැත්වෙන ICC කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලිය 2023 පෙබරවාරි 10 වන දින සත්කාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතය.

පළමු අදියරයෙන් පසුව පිළිමළුන් පිටුදැකීමේ අදියරය කේප් ටවුන්හිදී පැවැත්වීමට නියමිත අතර එම තරග කේප් ටවුන්, පර්ල් සහ ජීබර්හා ක්‍රීඩාංගන වලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අවසන් මහා තරගය 2023 පෙබරවාරි 26 වන දින පැවැත්වීමට නියමිත අතර අදාළ දිනයේදී ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් 27 වැනි දින අතිරේක දිනයක් ලෙස නම් කර ඇත.

කාන්තා 20යි 20 ලෝක කුසලානය පස්වතාවක් ජයගෙන ඇති ඕස්ට්‍රේලියානු කණ්ඩායම, සත්කාරක්ක දකුණු අප්‍රිකානු කණ්ඩායම ඇතුළුව ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ නවසීලන්තය පළමු කාණ්ඩයේ කාණ්ඩ ගත කර ඇත.

දෙවැනි කාණ්ඩයේ එංගලන්තය, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, පකිස්තානය සහ අයර්ලන්තය ක්‍රීඩා කිරීමට නියමිතය.

01 කාණ්ඩය

  • ඕස්ට්‍රේලියාව
  • දකුණු අප්‍රිකාව
  • ශ්‍රී ලංකාව
  • බංග්ලාදේශය
  • නවසීලන්තය

02 කාණ්ඩය

  • එංගලන්තය
  • ඉන්දියාව
  • බටහිර ඉන්දීය කොදෙව්
  • පකිස්තානය
  • අයර්ලන්තය

2023 පෙබරවාරි 21 දක්වා පැවැත්වෙන කාණ්ඩ තරගවලදී, එක් කාණ්ඩයක් තුළ සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් හතර සමඟ එක් තරගයක් ක්‍රීඩා කරනු ඇත. කාණ්ඩ අදියර අවසානයේ සෑම කාණ්ඩයකම මුල් තැන ගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට ක්‍රීඩා කරයි.

තරග කාලසටහන

දිනය තරගය ස්ථානය

පෙබරවාරි 10 දකුණු අප්‍රිකාව - ශ්‍රී ලංකාව කේප් ටවුන්

පෙබරවාරි 11 බටහිර ඉන්දීය කොදෙව් - එංගලන්තය පාර්ල්

පෙබරවාරි 11 ඕස්ට්‍රේලියාව - නවසීලන්තය පාර්ල්

පෙබරවාරි 12 ඉන්දියාව - පකිස්තානය කේප් ටවුන්

පෙබරවාරි 12 බංගලාදේශය - ශ්‍රී ලංකාව කේප් ටවුන්

පෙබරවාරි 13 අයර්ලන්තය- එංගලන්තය පාර්ල්

පෙබරවාරි 14 දකුණු අප්‍රිකාව - නවසීලන්තය පාර්ල්

පෙබරවාරි 14 ඕස්ට්‍රේලියාව- බංගලාදේශය ජීබර්හා

පෙබරවාරි 15 බටහිර ඉන්දීය කොදෙව් - ඉන්දියාව කේප් ටවුන්

පෙබරවාරි 15 පකිස්තානය - අයර්ලන්තය කේප් ටවුන්

පෙබරවාරි 16 ශ්‍රී ලංකාව - ඕස්ට්‍රේලියාව ජීබර්හා

පෙබරවාරි 17 නවසීලන්තය - බංගලාදේශය කේප් ටවුන්

පෙබරවාරි 17 බටහිර ඉන්දීය කොදෙව් - අයර්ලන්තය කේප් ටවුන්

පෙබරවාරි 18 එංගලන්තය - ඉන්දියාව ජීබර්හා

පෙබරවාරි 18 දකුණු අප්‍රිකාව - ඕස්ට්‍රේලියාව ජීබර්හා

පෙබරවාරි 19 පකිස්තානය - බටහිර ඉන්දීය කොදෙව් පාර්ල්

පෙබරවාරි 19 නවසීලන්තය - ශ්‍රී ලංකාව පාර්ල්

පෙබරවාරි 20 අයර්ලන්තය- ඉන්දියාව ජීබර්හා

පෙබරවාරි 21 එංගලන්තය - පකිස්තානය කේප් ටවුන්

පෙබරවාරි 21 දකුණු අප්‍රිකාව - බංගලාදේශය කේප් ටවුන්

පෙබරවාරි 23 අවසන් පූර්ව තරග 1 කේප් ටවුන්

පෙබරවාරි 24 අතිරේක දිනය කේප් ටවුන්

පෙබරවාරි 24 අවසන් පූර්ව තරග 2 කේප් ටවුන්

පෙබරවාරි 25 අතිරේක දිනය කේප් ටවුන්

පෙබරවාරි 26 අවසන් මහා තරගය කේප් ටවුන්

පෙබරවාරි 27 අතිරේක දිනය කේප් ටවුන්