පකිස්ථානයේ සහ ඉන්දියාවේ හමුදා බලය ගැන සංසන්දනාත්මක විග්‍රහයක්: මිලියන ගණනක හමුදාවක සිට නවීන ගුවන් යානා, බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා දක්වා

According to a report by a Swedish think tank, India spent nine times more on defense than Pakistan in 2024.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්වීඩන් බුද්ධි මණ්ඩප වාර්තාවකට අනුව, 2024 වසරේදී ඉන්දියාව පකිස්ථානයට වඩා නව ගුණයකින් ආරක්ෂක කටයුතු සඳහා වියදම් කර තිබේ.
    • Author, බීබීසී උර්දු

ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රදේශයේදී සංචාරකයින් පිරිසකට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයකින් පසුව ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇති වූ උණුසුම් තත්ත්වයේ උච්ඡතම අවස්ථාවට පැමිණ ඇති අතර, ඊයේ (මැයි 6 වන) දින රාත්‍රියේදී ඉන්දියාව විසින් පකිස්ථානයේ සහ එහි පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථාන වෙත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබිණි.

එම ඉන්දීය ගුවන් ප්‍රහාර සහ දේශසීමා ආශ්‍රිත වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් තවත් 46 දෙනෙකු තුවාල ලබා ඇති බව පකිස්ථානය පවසන අතර පකිස්ථාන ප්‍රතිප්‍රහාර වලින් ඉන්දීය පාරිපාලනයට නතු කාශ්මීරයේ පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දියාව පවසයි.

පකිස්ථානය සහ ඉන්දියාව අතර ප්‍රධාන වශයෙන් යුද ගැටුම් තුනක් තිබී ඇති අතර, අවසාන යුද්ධය 1971 දී බංග්ලාදේශය නිර්මාණය වීමට හේතු විය. සිව්වන, වරට කුඩා ගැටුමක් 1999දී කාර්ගිල්හිදී සිදුවූ අතර, එය පළමු වරට දෙරට අතර න්‍යෂ්ටික යුද්ධයක බිය මතු කිරීමට සමත් විය.

ලෝකයේ ආයුධ සහ හමුදා බලය නිරීක්ෂණය කරන Global Firepower වෙබ් අඩවියට අනුව, 2025 දී ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ චීනයට පසුව ඉන්දියාව ලොව බලවත් ම හමුදා බළකාය වනු ඇත.

එම වෙබ් අඩවියට අනුව රට රටවල් සංසන්දනය කිරීමේ ලැයිස්තුවේ රටවල් 145ක් අතරින් පකිස්ථානය පසුවන්නේ 12 වන ස්ථානයේ ය.

භූ පිහිටීම, ආර්ථිකය, දේශීය කර්මාන්ත, ස්වාභාවික සම්පත්, කාර්ය සාධනය සහ පළමු, දෙවන සහ තුන් වන ලෝකයේ රටවල් සමග රටේ සම්බන්ධතාව ඇතුළු විවිධ සාධක 55ක් පදනම් කරගෙන මෙම ලැයිස්තුව සම්පාදනය කර ඇති බව එම ආයතනය පවසයි.

මෙම ලිපියෙන් අපි පකිස්ථානය සහ ඉන්දියාව වැනි න්‍යෂ්ටික බලවතුන්ගේ හමුදාමය ශක්තිය කුමක් දැයි විමසා බැලීමට උත්සහ කළෙමු.

India has about 2.2 million ground troops, while Pakistan has 1.3 million ground troops ඉන්දියාව සතුව පාබල හමුදා භටයින් මිලියන 2.2 ක් පමණ සිටින අතර, පාකිස්ථානය සතුව පාබල හමුදා භටයින් මිලියන 1.3 ක් පමණ සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාව සතුව පාබල හමුදා භටයින් මිලියන 2.2ක් පමණ සිටින අතර, පකිස්ථානය සතුව පාබල හමුදා භටයින් මිලියන 1.3ක් පමණ සිටි යි.

ආරක්ෂක අයවැය සහ හමුදා සෙබළුන් සංඛ්‍යාව

ඉන්දියාවේ සහ පකිස්ථානයේ ආරක්ෂක අයවැය තුළ පැහැදිලි වෙනසක් තිබේ.

ස්වීඩන් බුද්ධි මණ්ඩපයක් වන ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ වාර්තාවකට අනුව, 2024 දී ඉන්දියාව පකිස්ථානයට වඩා නව ගුණයකින් ආරක්ෂාව සඳහා වියදම් කර ඇත.

මෙම වාර්තාවට අනුව, 2025 දී ඉන්දියාව සිය ආරක්ෂාව සඳහා ඩොලර් බිලියන 86කට සමාන මුදලක් වැය කිරීමට සැලසුම් කර ඇති අතර, පකිස්ථානය 2024-25 මූල්‍ය වර්ෂය සඳහා සන්නද්ධ හමුදාවන් සඳහා ඩොලර් බිලියන 10කට වඩා වෙන් කර ඇත.

Global Firepower වෙබ් අඩවියට අනුව, ඉන්දියාවේ පාබල හමුදා භටයින් මිලියන 2.2ක්, ගුවන් හමුදා සාමාජිකයින් 310,000ක් සහ නාවික හමුදා සාමාජිකයින් 142,000ක් පමණ සිටියි.

ඉන්දියාව සමග සංසන්දනය කිරීමේදී, පකිස්ථාන යුද හමුදාවේ ආසන්න වශයෙන් පාබල හමුදා සාමාජිකයින් මිලියන 1.31ක්, නාවික හමුදා සෙබළුන් 124,000ක් සහ ගුවන් හමුදා සෙබළුන් 78,000ක් සිටිති.

ගුවන් හමුදාව

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ලොව සිව් වන විශාලතම ගුවන් හමුදාව ලෙස සැලකෙන ඉන්දීය ගුවන් හමුදාවට පකිස්ථානයට වඩා සංඛ්‍යාත්මක වාසියක් නිසැකව ම ඇත. ඉන්දීය ගුවන් හමුදාවට ගුවන් යානා බලඝන 31ක් ඇත. සෑම බලඝනයකට ම ප්‍රහාරක ජෙට් යානා 17ක් හෝ 18ක් ඇති අතර, ප්‍රතිවාදී පකිස්ථාන ගුවන් හමුදාවට බලඝන 11ක් ඇත.

ග්ලෝබල් ෆයර්පවර් වෙබ් අඩවියේ සංඛ්‍යා ලේඛනවලට අනුව, ඉන්දියාව සතුව ගුවන් යානා 2,229ක් ඇති අතර, පකිස්ථානය සතුව ගුවන් යානා 1,399ක් තිබේ.

ඒවා අතරින්, ප්‍රහාරක ගුවන් යානා පිළිබඳව සඳහන් කිරීමේදී, පකිස්ථානයේ ගුවන් යානා 418 (ප්‍රහාරක යානා 328ක් සහ බෝම්බ හෙලන යානා 90) සමග සසඳන විට, ඉන්දියාව සතුව ප්‍රහාරක ගුවන් යානා 643ක් (ප්‍රහාරක යානා 513ක් සහ බෝම්බ හෙලන යානා 130ක්) ඇත.

පකිස්ථාන ගුවන් හමුදාව සතු වඩාත් ඵලදායී අවිය වන්නේ, ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලබාගත් F-16 සහ චීන සහය ඇතිව සංවර්ධනය කරන ලද JF-17 තන්ඩර් යන ගුවන් යානා දෙක යි. JF-17 සංවර්ධනය කිරීමේ අරමුණ වූයේ ඕනෑ ම කාලගුණික තත්ත්වයකදී ප්‍රහාරක යානයක් ලෙස ක්‍රියා කළ හැකි සැහැල්ලු ගුවන් යානයක් නිර්මාණය කිරීම යි. මෙම ගුවන් යානය කම්රාහි පකිස්ථාන ගුවන් යානා සංකීර්ණය සහ චීනයේ චෙන්ග්ඩු ගුවන් යානා නිෂ්පාදන සමාගම සමග සහයෝගයෙන් ඉදිකරන ලදී.

පකිස්ථාන ගුවන් හමුදාව සතු වඩාත් ඵලදායී අවිය වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලබාගත් F-16 සහ චීන සහාය ඇතිව සංවර්ධනය කරන ලද JF-17 තන්ඩර් යන ගුවන් යානා දෙකයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පකිස්ථාන ගුවන් හමුදාව සතු වඩාත් ඵලදායී අවිය වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලබා ගත් F-16 සහ චීන සහාය ඇතිව සංවර්ධනය කරන ලද JF-17 තන්ඩර් යන ගුවන් යානා දෙක යි.

ඉන්දියානු ගුවන් හමුදාවට මෑතකදී කරන ලද ප්‍රධාන වැඩිදියුණු කිරීමක් වන්නේ ප්‍රංශ රෆේල් ජෙට් යානා එකතු කිරීම යි. න්‍යෂ්ටික හැකියාව ඇති මෙම ගුවන් යානාවලට ගුවනේදී කිලෝමීටර 150ක් දක්වා මිසයිල එල්ල කළ හැකි අතර කිලෝමීටර 300ක් දක්වා දුරින් වූ භූමියේ පිහිටි ඉලක්කවලට පහර දිය හැකි ය.

ඉන්දීය ගුවන් හමුදාව භාවිත කරන මිරාජ් 2000 යානය නවීකරණය කරන ලද එකක් වන අතර, ඉන්දීය ගුවන් හමුදාව සතුව දැනට මිරාජ් 2000 වර්ගයේ ගුවන් යානා 51ක් ඇත.

ප්‍රහාරක ජෙට් යානාවලට අමතරව, පකිස්ථානය සතුව ප්‍රවාහන ගුවන් යානා 64ක්, පුහුණු යානා 565ක්, ඉන්ධන ප්‍රවාහන කළ හැකි ගුවන් යානා 4ක් සහ ප්‍රහාරක හෙලිකොප්ටර් 57ක් ඇතුළුව හෙලිකොප්ටර් 430ක් ඇත.

පකිස්ථානය සමග සංසන්දනය කිරීමේදී, ඉන්දියානු ගුවන් හමුදාව සතුව ප්‍රවාහන ගුවන් යානා 270ක්, පුහුණු යානා 351ක්, ඉන්ධන ප්‍රවාහන කළ හැකි ගුවන් යානා 6ක් සහ ප්‍රහාරක හෙලිකොප්ටර් 80ක් ඇතුළුව හෙලිකොප්ටර් 979ක් ඇත.

ඉන්දියාවේ ක්‍රියාකාරී ගුවන්තොටුපළ 311ක් ඇති අතර පකිස්ථානය සතුව ඇති ක්‍රියාකාරී ගුවන් තොටුපළ සංඛ්‍යාව 116කි.

වීඩියෝ ශීර්ෂ වැකිය, පකිස්ථානයේ සහ ඉන්දියාවේ හමුදා බලය ගැන සංසන්දනාත්මක විග්‍රහයක්

අනර්ථකාරී බලය

යුද ටැංකි සම්බන්ධයෙන් සඳහන් කිරීමේදී, Global Firepower වෙබ් අඩවියේ සංඛ්‍යා ලේඛනවලට අනුව, පකිස්ථානය සතු මුළු යුද ටැංකි සංඛ්‍යාව 2,672කි. ඉන්දියාව සතුව එම ප්‍රමාණයට වඩා එක හමාරක්, එනම් යුද ටැංකි 4,201ක් තිබේ.

ටොන් 60ක් බරැති ජර්මනියේ නිෂ්පාදිත ලෙපර්ඩ් 2 සහ ඇමෙරිකාවේ නිෂ්පාදිත එම් 1 ඒබ්‍රම්ස් යුද ටැංකි හා සසඳන විට එය සාපේක්ෂව සැහැල්ලු යුද ටැංකියකි (බර ටොන් 46).

එය මුලින් ම දේශීයව සංවර්ධනය කරන ලද්දේ, යුක්රේනයේ Six TD2 Tecnis වෙතින් අශ්වබල 1,200ක ද්‍රව-සිසිල් ඩීසල් එන්ජිමක් භාවිත කරමිනි, එමගින් එයට පැයට කිලෝමීටර 70ක උපරිම වේගයක් ලබා දෙන ලදී.

සංසන්දනය කිරීමේදී, ඉන්දියාව සතුව Arjun Mk 1A සහ Mk 2 යුද ටැංකි තිබේ. Mk 2 යනු Arjun Mk 1 හි වැඩිදියුණු කළ අනුවාදයකි. මෙම යුද ටැංකියට අශ්වබල 1400ක එන්ජිමක් ඇති අතර පැයට කිලෝමීටර 70ක වේගයෙන් ගමන් කළ හැකි ය.

අනෙකුත් ආයුධ අතරට මිලි මීටර් 7.62 මැෂින්ගන් අවියක්, ගුවන් යානා නාශක අවියක් සහ ගොඩබිම් ඉලක්ක සඳහා මිලි මීටර් 12.7 වර්ගයේ මැෂින් තුවක්කුවක් ඇතුළත් වේ. මීට අමතරව, යුද ටැංකියට අඳුරේ දැකීමේ රාත්‍රී දර්ශන පහසුකමක් ඇති අතර ඊට පෙර මාදිලියේ ඒවා ඇතුළත් වී නොතිබිණි..

සන්නද්ධ වාහන සම්බන්ධයෙන් ගත් කල, ඉන්දියාවේ එවැනි වාහන 3,147ක් ඇති අතර පකිස්ථානයේ 2,604ක් ඇත.

කාලතුවක්කු අතින්, පකිස්ථානය ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින අතර, ඉන්දියාවේ කාලතුවක්කු 100ක් ඇති අතර, පකිස්ථානය කාලතුවක්කු 662ක හිමිකාරීත්වය දරයි.

වාහනවල සවිකර ඇති තුවක්කු සම්බන්ධයෙන් ගත් කල, ඉන්දියාවේ එවැනි තුවක්කු 3,975ක් ඇති අතර, පකිස්ථානය සතුව එවැනි තුවක්කු 2,629ක් ඇත.

මල්ටි බැරල් රොකට් විදින රථ අතින් ද පකිස්ථානය ඉදිරියෙන් සිටින බව පෙනෙන අතර, Global Firepower වෙබ් අඩවියට අනුව, පකිස්ථානය සතුව එවැනි මල්ටි බැරල් රොකට් කාලතුවක්කු 600ක් ඇති අතර, ඉන්දීය හමුදාව සතුව එවැනි මල්ටි බැරල් කාලතුවක්කු 264ක් ඇත.

නාවික ශක්තිය

නාවික බලඇණි අතින් ගත් කළ ඉන්දියාව සතුව පකිස්ථානයට වඩා ශක්තිමත් නාවික බලයක් ඇත.

ඉන්දියාව සතුව INS වික්‍රම් ආදිත්‍ය සහ INS වික්‍රාන්ට් යන ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් ඇත. එයින් වික්‍රාන්ට් යනු ඉන්දියාව විසින්ම නිපදවා 2022 දී නාවික හමුදාවට භාර දෙන ලද නෞකාවයි.

ඊට වෙනස්ව, පකිස්ථානය සතුව කිසිදු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් නැත.

ග්ලෝබල් ෆයර්පවර්ට අනුව, ඉන්දීය නාවික හමුදාව සතුව නාවික යාත්‍රා 293ක් ඇති අතර, ඒවාට මුර සංචාර බෝට්ටු 135ක්, ප්‍රහාරක නෞකා 13ක්, නැව් 14ක් සහ කොර්වෙට් 18ක් (කුඩා නාවික යුධ නැව්) ඇතුළත් වේ.

මීට අමතරව, ඉන්දීය නාවික හමුදාව සතුව සබ්මැරීන 18ක් ද ඇති අතර, ඉන් තුනක් වන 'අරිහන්ත්', 'අරිගත්' සහ 'අරිද්මන්' න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන වේ.

ඉන්දියාව සතුව INS වික්‍රම් ආදිත්‍ය සහ INS වික්‍රාන්ට් යන ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් ඇත. එයින් වික්‍රාන්ට් යනු ඉන්දියාව විසින්ම නිපදවා 2022 දී නාවික හමුදාවට භාර දෙන ලද නෞකාවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාව සතුව INS වික්‍රම් ආදිත්‍ය සහ INS වික්‍රාන්ට් යන ගුවන් යානා ප්‍රවාහන නෞකා දෙකක් ඇත. එයින් වික්‍රාන්ට් යනු ඉන්දියාව නිපදවා 2022 දී නාවික හමුදාවට භාර දෙන ලද නෞකාව යි.

පකිස්ථානය ගැන කතා කරන විට, එහි සබ්මැරීන අටක් ඇති අතර, ඒවාට Agusta 90B පන්තියේ සබ්මැරීන තුනක්, Agusta 70 පන්තියේ සබ්මැරීන දෙකක් සහ කුඩා කොස්මොස් පන්තියේ සබ්මැරීන තුනක් ඇතුළත් වේ.

ඊට අමතරව, චීනයේ සහය ඇතිව පකිස්ථානය හන්ගුර් පන්තියේ සබ්මැරීන අටකට ද හිමිකම් කියමින් සිටින අතර, ඉන් හතරක් පකිස්ථානයේ නිෂ්පාදනය කෙරේ.

පකිස්ථානය සතු මුළු නාවික යාත්‍රා ගණන 121ක් වන අතර, එයට මුර සංචාර බෝට්ටු 69ක්, නෞකාවන් 9ක් සහ කොර්වෙට් යාත්‍රා 9ක් මෙන් ම මුහුදු බෝම්බ යෙදවිය හැකි යාත්‍රා 3 ක් ද ඇතුළත් වේ.

මිසයිල වැඩසටහන

Pakistan's missile program consists of cruise and battlefield tactical ballistic missiles, as well as short- and medium-range ballistic missiles. පකිස්තානයේ මිසයිල වැඩසටහන කෲස් සහ යුධ භුමියේ උපායික බැලස්ටික් මිසයිල මෙන්ම කෙටි හා මධ්‍යම දුර බැලස්ටික් මිසයිල වලින් සමන්විත වේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, පකිස්ථානයේ මිසයිල වැඩසටහන කෲස් සහ යුධ භුමියේ උපායික බැලස්ටික් මිසයිල මෙන් ම කෙටි හා මධ්‍යම දුර බැලස්ටික් මිසයිලවලින් සමන්විත වේ.

පකිස්ථානයේ මිසයිල වැඩසටහන කෲස් සහ යුද භුමියේ උපායික බැලස්ටික් මිසයිල මෙන් ම කෙටි හා මධ්‍යම දුර බැලස්ටික් මිසයිලවලින් සමන්විත වේ.

උපායමාර්ගික බැලස්ටික් මිසයිල අතරට Hatf-1 සහ Nasr මිසයිල ඇතුළත් වන අතර Hatf වර්ගයේ බැලස්ටික් මිසයිලවලට කිලෝමීටර් 60 සිට 100 දක්වා වූ පරාසයක පිහිටි ඉලක්කවලට පහර දිය හැකි ය.

පකිස්ථානය සතුව ඇති කෙටි දුර මිසයිල අතර කිලෝමීටර් 200ක පරාසයක පිහිටි ඉලක්ක වෙත පහර දිය හැකි අබ්දාලි මිසයිලය, කිලෝමීටර් 300ක පරාසයක් සහිත ඝස්නාවි, කිලෝමීටර් 350ක පරාසයක් සහිත රාඩ්, කිලෝමීටර් 700ක පරාසයක් සහිත බාබර් සහ කිලෝමීටර් 750 සිට 1,000 දක්වා පරාසයක් සහිත ෂහීන්-1 යන මිසයිල ඇතුළත් වේ.

2025 අප්‍රේල් මාසයේදී ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පෙහෙල්ගාම්හි සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ආරම්භ වූ ඉන්දු-පකිස්ථාන මතභේදාත්මක තත්ත්වය අතරතුර, පකිස්ථානය අබ්දාලි මිසයිලයේ තවත් අනුවාදයක පුහුණු පරීක්ෂණයක් පවත්වා ඇත. ISPRට අනුව, ගොඩබිමේ කිලෝමීටර් 450ක් දුරින් පිහිටා ඇති ඉලක්කයට පහර දීමට ඊට හැකියාව ඇත.

පකිස්ථානයේ මධ්‍යම දුර මිසයිල අතරට ගෞරි 1 සහ 2, අබාබීල්, ෂහීන් 2 සහ ෂහීන් 3 ඇතුළත් වේ.

මෙයින්, ගෞරි-1 මිසයිලයට කිලෝමීටර් 1,500ක් දුරින් පිහිටි ඉලක්ක වෙත පහර දිය හැකි අතර, ගෞරි-2 කිලෝමීටර් 2,000 කට වඩා දුරින් පිහිටි ඉලක්ක වෙත පහර දිය හැකි අතර, අබාබීල් මිසයිලයට කිලෝමීටර් 2,200 ක පරාසයක පිහිටි ඉලක්ක වෙත පහර දිමේ හැකියාවක් පවතී.

ෂහීන් II සහ ෂහීන් III යනු පකිස්ථානය සතු දිගු දුර මිසයිල වන අතර ඒවායේ පරාසය කිලෝමීටර් 2,500 සිට 2,750ක් වේ.

අබබීල් සහ ෂහීන් III යනු බහු යුධ හැකියාව සහිත දියුණු මිසයිල වන අතර, ඒවා මිසයිල ආරක්ෂක පද්ධති පසුකර යාමට නිර්මාණය කර ඇත. විශේෂඥයින් පවසන්නේ ඒවා පකිස්ථානයේ බලවත්ම මිසයිල බවයි.

කැන්බරා ජාතික විශ්වවිද්‍යාලයේ උපායමාර්ගික සහ ආරක්ෂක අධ්‍යයනයන් පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය මන්සූර් අහමඩ්ට අනුව, අබාබීල් යනු දකුණු ආසියාවේ පළමු මිසයිලය වන අතර එයට කිලෝමීටර් 2,200 ක් දක්වා බහු න්‍යෂ්ටික යුධ ශිර්ෂ රැගෙන යා හැකි අතර ඉලක්ක කිහිපයකට ද පහර දිය හැකි යි.

Brahmos is one of India's cruise missiles that can also carry nuclear weapons. බ්‍රහ්මෝස් යනු න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි ඉන්දියාවේ කෲස් මිසයිලවලින් එකකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රහ්මෝස් යනු න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි ඉන්දියාවේ කෲස් මිසයිලවලින් එකකි.

සංසන්දනය කිරීමේදී, ඉන්දියාවේ මිසයිල වැඩසටහන කිලෝමීටර් 250 සිට 600 දක්වා පරාසයක් සහිත ප්‍රිත්වි මිසයිලවල සිට කිලෝමීටර් 1,200 සිට 8,000 දක්වා පරාසයක් සහිත අග්නි වර්ගයේ මිසයිල දක්වා මෙන්ම නිර්භයා සහ බ්‍රහ්මොස් ශ්‍රේණියේ කෲස් මිසයිල දක්වා විහිදේ.

අග්නි යනු අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් වන අතර එයට අග්නි-V මිසයිලය ඇතුළත් වන අතර කිලෝමීටර් හත්දහසේ සිට අටදහසක් දක්වා පරාසයක් දක්වා දුරකට පහර දිය හැක.

ඉන්දියාවේ ධනුෂ් යනු නැව්වල සිට දියත් කළ හැකි කෙටි දුර බැලස්ටික් මිසයිලයකි. එය ප්‍රිත්වි මිසයිල මාලාවේ තුන් වන අනුවාදය වන අතර න්‍යෂ්ටික හෝ සාම්ප්‍රදායික යුද ශීර්ෂ රැගෙන යා හැකි ය. විශේෂඥයින් පවසන්නේ ඒ සඳහා ද්‍රව ඉන්ධන භාවිත කරන බව ය.

ඊට අමතරව, ඉන්දියාවේ K-15 හෝ B-05 මිසයිලය, සාගරිකා හෝ ෂෞර්යා ලෙස ද හැඳින්වේ, එය සබ්මැරීනයකින් දියත් කළ හැකි බැලස්ටික් මිසයිලයකි. එයට කිලෝමීටර් 700ක් පමණ පරාසයක් ඇත.

සුපර්සොනික් බ්‍රහ්මෝස් යනු සාම්ප්‍රදායික අවියක් මෙන් ම න්‍යෂ්ටික අවියකි. 2022 දී බ්‍රාහ්මොස් මිසයිලයක් ද පකිස්ථානයට පතිත වූ බව මතක තබා ගත යුතු ය, එය අහම්බෙන් ඉන්දියාවෙන් එල්ල වූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පසුව පැවසීය.

2024 නොවැම්බර් මාසයේදී ඉන්දියාව දිගු දුර හයිපර්සොනික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ අතර, ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං එය "රටට ලැබුණු ප්‍රධාන ජයග්‍රහණයක්" සහ "ඓතිහාසික අවස්ථාවක්" ලෙස හැඳින්වීය.

මෙම හයිපර්සොනික් මිසයිලයට කිලෝමීටර් 1,500 කට වඩා දුරින් පිහිටි ඉලක්කයකට පහර දිය හැකි අතර ගුවනේ, ගොඩබිම සහ ජලය යන ස්ථාන තුනේ සිටම සතුරාට පහර දිය හැකි ය.

හයිපර්සොනික් මිසයිල යනු ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් තම ඉලක්කය කරා ගමන් කරන මිසයිලයක් වේ. ඊට වෙනස්ව, සබ්සොනික් මිසයිලවලට ශබ්දයේ වේගයට වඩා වන වේගයෙන් ගමන් කළ නොහැකි අතර, සුපර්සොනික් මිසයිල ශබ්දයේ වේගය මෙන් දෙගුණයක් හෝ තුන් ගුණයක් ගමන් කරයි.

ඩ්‍රෝන යානා

The Predator is considered the world's most successful and dangerous drone. ප්‍රෙඩේටර් යානය ලොව සාර්ථකම සහ භයානකම ඩ්‍රෝනය ලෙස සැලකේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රිඩේටර් යානය ලොව සාර්ථක ම සහ භයානක ම ඩ්‍රෝනය ලෙස සැලකේ.

ඉන්දියාව සහ පකිස්ථානය යන දෙක ම සිය අවි ගබඩාවල හමුදා ඩ්‍රෝන යානා සංඛ්‍යාව වැඩි කරමින් සිටි යි. එම රටවල් දෙක ම විදේශීය ඩ්‍රෝන යානා කිහිපයක් මිල දී ගෙන තිබෙන අතර නියමුවන් නොමැතිව සතුරන් නිරීක්ෂණය කිරීමට, ඔත්තු බැලීමට හෝ ඉලක්ක කිරීමට හැකි තමන්ගේ ම තාක්ෂණයක් ද සංවර්ධනය කර ඇත.

හමුදා ක්‍රියාකාරකම්වලදී ඩ්‍රෝන යානාවලට දිගු කාලයක් ඉහළට පියාසර කිරීමට, භූමි ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට සහ ඉලක්ක විනාශ කිරීමට හැකි ය.

හමුදාමය අරමුණු සඳහා භාවිත කරන ඩ්‍රෝන යානා දිගු කාලයක් ඉහළ උන්නතාංශවල පියාසර කිරීමටත්, භූමියේ හමුදා ක්‍රියාකාරකම්, ඒවායේ ස්ථානගත කිරීම්, වැදගත් ස්ථාපනයන්, නව ඉදිකිරීම්, හමුදා කඳවුරු ආදිය රේඩාර්වලට හසුනොවී නිරීක්ෂණය කිරීමටත්, නිශ්චිත ඉලක්ක විනාශ කිරීමටත් හැකියාව ඇත.

ඉන්දියාවේ සහ පකිස්ථානයේ යුදමය හැකියාවන් ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් සංසන්දනය කළහොත්, මෑත අතීතයේදී රටවල් දෙකම තම හැකියාවන් වැඩි දියුණු කරගෙන ඇති බව පැහැදිලිය.

"ඉදිරි වසර දෙකේ සිට හතර තුළ ඔවුන්ට ඩ්‍රෝන යානා 5,000ක් පමණ තිබෙනු ඇතැයි ඉන්දියාව ඇස්තමේන්තු කර ඇති" බව ආරක්ෂක විශ්ලේෂක රාහුල් බේඩි බීබීසීයට පැවසීය.

2024 ඔක්තෝබර් මාසයේදී ඉන්දියාව ඩොලර් බිලියන 3.5ක් වටිනා ප්‍රිඩේටර් ඩ්‍රෝන යානා 31ක් මිල දී ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ගිවිසුමක් අත්සන් කරන ලදී. ප්‍රෙඩේටර් ලොව සාර්ථකම හා භයානකම ඩ්‍රෝනයක් ලෙස සැලකේ.

රාහුල් බේඩිට අනුව, පකිස්ථානය සතුව ඉන්දියාවට වඩා 'අඩු' ඩ්‍රෝන යානා සංඛ්‍යාවක් තිබුණ ද, ඔවුන් සතුව ඇති ඩ්‍රෝන යානාවලට වෙනස් හැකියාවන් ඇති අතර ඒවායේ විවිධ මාදිලි 10 සිට 11 දක්වා වේ.

පකිස්ථානය සතුව විවිධ ඩ්‍රෝන යානා ඇති අතර, ඒ අතර දේශීයව නිෂ්පාදනය කරන ලද සහ ආනයනය කරන ලද ඒවා ද වේ.

පකිස්ථානය දේශීයව නිෂ්පාදනය කරන ලද ඩ්‍රෝන අතරට ෂාපර් මාලාවේ (එක, දෙක, තුන), බුරාක් සහ උකාබ් ඇතුළත් වේ.

ෂාපාර්-3 යනු නවීන මධ්‍යම-උන්නතාංශ පැය 30ක් පියාසර කළ හැකි සහ මිසයිල රැගෙන යා හැකි නවීන පකිස්ථාන සටන් ඩ්‍රෝන යානයකි. බුරාක් යනු 2015 දී ත්‍රස්තවාදීන්ට එරෙහිව භාවිතා කරන ලද පළමු පකිස්ථාන සටන් ඩ්‍රෝන යානයයි.

උකාබ් ඩ්‍රෝනය උපායික අරමුණු සඳහා (නිරීක්ෂණ සහ ප්‍රහාර නිවැරදි කිරීම වැනි) භාවිතා කරයි. මෙම ඩ්‍රෝන යානා බොහොමයක් සම්පූර්ණයෙන්ම පකිස්තානයේ නිෂ්පාදනය කර ඇති අතර එන්ජින් වැනි කොටස් කිහිපයක් පමණක් ආනයනය කරනු ලැබේ.

ඊට අමතරව, පකිස්ථානය තුර්කියෙන් සහ චීනයෙන් නවීන ඩ්‍රෝන යානා ආනයනය කර ඇති අතර, ඒවාට Bayraktar Akanji TB2, Bayraktar Akanji සහ චීන CH-4 ඇතුළත් වන අතර ඒවා නවතම තාක්‍ෂණයෙන් සමන්විත වන අතර නිරීක්ෂණ, ඉලක්ක කිරීම සහ දිගු දුර පියාසර කිරීමේ හැකියාව ඇත.

න්‍යෂ්ටික අවි

ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල් දෙක ම සතුව න්‍යෂ්ටික අවි ඇති නමුත් Global Firepower සිය වාර්තාවේ න්‍යෂ්ටික අවි ගැන සඳහන් කර නැත. එම සංවිධානය පවසන්නේ, තම තක්සේරු කිරීම්වලදී න්‍යෂ්ටික හැකියාවන් සලකා නොබලන බව ය.

කෙසේ වෙතත්, ස්වීඩන් නිරීක්ෂණ ආයතනයක් වන ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ (SIPRI) 2024 වාර්තාවකට අනුව, න්‍යෂ්ටික යුද ශීර්ෂ අනුව රටවල් දෙක සමාන බව පෙනේ.

මෙම වාර්තාවට අනුව, ඉන්දියාව සතු න්‍යෂ්ටික යුද ශීර්ෂ 172ක් ඇස්තමේන්තු කර ඇති අතර, පකිස්ථානය සතුව එවැනි යුද ශීර්ෂ 170ක් ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

කෙසේ වෙතත්, මෙම න්‍යෂ්ටික යුද ශීර්ෂවලින් කොපමණ ප්‍රමාණයක් දෙරට සතුව මෙහෙයුම් සූදානමක තිබේ ද යන්න පැහැදිලි නොවේ.

'ස්පිරිට්' සඟරාව පවසන්නේ පකිස්ථානය ඉන්දියාව සමග තරග කිරීම සඳහා න්‍යෂ්ටික අවි සංවර්ධනය කරමින් සිටින අතර, ඉන්දියාව දිගු දුර අවි, එනම් චීනය ඉලක්ක කළ හැකි අවි කෙරෙහි අවධානය යොමු කර ඇති බව ය.

ඉන්දියාව සහ පකිස්ථානය යන දෙරටේ ම අසල්වැසියෙකු සහ ලොව තුන් වන විශාලතම න්‍යෂ්ටික බලවතා වන චීනය, සිය න්‍යෂ්ටික අවි ගබඩාව 22%කින් වැඩි කර ඇති අතර, එහි යුද ශීර්ෂ ගණන 410 සිට 500 දක්වා ඉහළ නංවා ගෙන තිබේ.