ජෝ බයිඩ්න් තමන්ගේ ම කීර්තියට හානි කර ගත් ආකාරය

Joe Biden looks down

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ඇන්තනි සර්චර්
    • Role, උතුරු ඇමෙරිකා වාර්තාකරු

පසුගිය බ්‍රහස්පතින්දා වොෂින්ටනයේ ජාතික ආසන දෙව්මැදුරේදී ජෝ බයිඩ්න්, ජිමී කාටර් පිළිබඳ ගුණානුස්මරණ දේශනය පැවැත්වූවේ, හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකු වන බිල් ක්ලින්ටන්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් හා බරැක් ඔබාමා සහ වරක් ජනාධිපති ලෙස කටයුතු කළ හා වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ දෙස බලා සිටියදී ය.

එහි සිටි අනෙක් සෑම ජනාධිපතිවරයෙකුට ම, බයිඩ්න් මග හැරුණු ඇමෙරිකානු ජනතාවගේ සහතිකය (දෙවන ධූර කාලයක් සඳහා නැවත තේරී පත් වීම) ලැබී තිබිණි. එපමණක් නොව, බයිඩන් ඔහු වැනි ම එක් වරක් පමණක් ජනාධිපති ධූරයේ කටයුතු කළ කාටර්ට උපහාර දැක්වීම, ඔවුන් අතර ඇති වෙනත් සමානකම් පිළිබඳව දැකීමෙන් වැළකී සිටීම දුෂ්කර කරයි.

"බොහෝ අය සිතන්නේ ඔහු අතීතයෙන් පැවත එන්නෙක් විදිහට. නමුත් යථාර්ථවාදීව ගත්තා ම, ඔහු අනාගතය හොඳින් දුටුවා," බයිඩන්, කාටර් ගැන පැවසීය. සිවිල් අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමේදී කාටර් ලද ජයග්‍රහණ, සාමය සහ න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ ඔහුගේ වැඩ කටයුතු සහ පරිසරය ආරක්ෂා කිරීමට ඔහු ගත් උත්සහයන් පිළිබඳව ද බයිඩන් එහිදී සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ඉකුත් සතිය මුලදී, බයිඩන් ඔහුගේ ම කීර්තිය සහ ඉතිහාසය තමාව ධනාත්මකව විනිශ්චය කළ යුතු ආකාරය පිළිබඳව කරුණු දැක්වීය.

From left to right, front row, US President Joe Biden, First Lady Lady Jill Biden, Vice President Kamla Harris, Second Gentleman Doug Emhoff, second row, former President Bill Clinton, former Secretary of State Hillary Clinton, former President George W. Bush, his wife Laura Bush, former President Barack Obama, President-elect Donald Trump and his wife Melania Trump attend the State Funeral Service for former US President Jimmy Carter

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, බයිඩ්න් (වමේ ඉදිරි පෙළ) හිටපු එක්සත් ජනපද ජනාධිපති ජිමී කාටර් වෙනුවෙන් පැවති රාජ්‍ය අවමංගල්‍ය උත්වසයේ දේව මෙහෙය සඳහා කමලා හැරිස්, හිලරි ක්ලින්ටන් (දෙදෙනා ම ඡයාරූපයේ ඇත) සහ හිටපු එක්සත් ජනපද ජනාධිපතිවරුන් කිහිප දෙනෙකු සමග සහභාගි විය

"මම බලාපොරොත්තු වෙනවා, ඉතිහාසය මම ධූරයට ඇවිල්ලා මට ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන්නේ කොහොම ද සහ ලෝකයේ ඇමෙරිකාවේ නායකත්වය නැවත ස්ථාපනය කරන්නේ කොහොම ද කියන එක ගැන මට සැලැස්මක් තිබුණා කියලා කියාවි කියලා," ඔහු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. "ඒ වගේ ම මම විශ්වාස කරනවා මම ඒක අවංකව සහ සද්භාවයෙන් කළා කියලා සටහන් වේවි කියලා; මම මගේ හිතේ තියෙන දේ කිව්වා කියලා."

එය සිදුවේ ද යන්න දැඩි සාකච්ඡාවකට බඳුන් වනු ඇති නමුත් ඔහු ධවල මන්දිරයෙන් පිටව යන්නේ, ඔහු තම ධූර කාලය තුළ ලද අඩු ම ජනතා ප්‍රසාදය අතැතිව ය. නවතම ගැලප් සමීක්ෂණයට අනුව, එය ඔහුගේ ධූර කාලය ආරම්භයේදී තිබුණු 57% සිට 39%ක් දක්වා පහත වැටීමකි.

මෙම සතියේ, 2020දී ඔහු පරාජය කළ පුද්ගලයා නැවත බලයට පැමිණියේ, ජනාධිපති ධූරයක බලාපොරොත්තු සුන් වූ අවසානයක් ලෙස ඔහුට හැඟිය යුතු දේ සලකුණු කරමිනි.

බයිඩන් ලද සාර්ථකත්වයන් ද තිබිණි. අඩු බහුතරයක් තිබියදීත් කොන්ග්‍රසය හරහා සංකීර්ණ ආයෝජන සහ යටිතල පහසුකම් නීති දක්ෂ ලෙස කොංග්‍රසය තුළදී සම්මත කර ගැනීමට හැකිවීම, නේටෝව ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම, ෆෙඩරල් විනිසුරු මඩුල්ලට විවිධ පසුබිම් ඇති විනිසුරුවරුන් කැපී පෙනෙන ගණනක් පත් කිරීම [නමුත් අවම වශයෙන් දැනට, එය යටපත් වී ඇත] ආදිය ඒවා අතර වේ.

Biden smiling and surrounded by people

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති බයිඩන් ධවල මන්දිරයේදී 2022 උද්ධමනය අඩු කිරීමේ පනතට අත්සන් කිරීමෙන් පසුව

ඉතිහාසයේ ඔහුගේ වර්තමාන ස්ථානය ලෙස සැලකෙන්නේ, ට්‍රම්ප්ගේ ධූර කාල දෙකක් අතර කෙටි කාලයක් සඳහා පැමිණි පාලකයෙකු ලෙස ය. හැරවුම් ලක්ෂයකට වඩා එය කෙටි කලක් පැවති මොහොතකි.

"අපිව ට්‍රම්ප්ගෙන් ගලවා ගත්තා කියලා මතකයේ රැඳෙනවා නම් ඔහු කැමති වේවි," කතුවරයෙකු සහ ඩිමොක්‍රටික් මූලෝපායඥ සූසන් එස්ට්‍රිච් පවසයි. "ඒත් කණගාටුවට කරුණ තමයි, ඔහුගේ කීර්තියට ආයෙත් ට්‍රම්ප් සම්බන්ධ වීම. ඔහු තමයි පළවෙනි ට්‍රම්ප්ගේ ඉඳලා දෙවන ට්‍රම්ප්ට ඇති පාලම."

එය එසේ විය යුතුව නොතිබිණි. බයිඩන් සහ ඔහුගේ කණ්ඩායමට සිදුවීම් ගණනාවකට මුහුණ දීමට සිදුවිය. ඉන් ඇතැම් ඒවා ඔහුගේ පාලනයේ තිබුණු අතර ඇතැම් ඒවා පාලනයේ නොතිබිණි. දැඩි හානිකර සිදුවීම් බොහොමයක් මුළුමනින් ම පුරෝකථනය කළ හැකි විය. නමුත් ඇත්ත වශයෙන් ම ඒවා පුරෝකථනය කළ ද ජනාධිපතිවරයා සහ ඔහුගේ පරිපාලනය ඒවාට සූදානම් වී සිටි බවක් පෙනෙන්නට නොතිබිණි.

ඒ හේතුවෙන් ඔවුන්ට බොහෝ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය.

කාබුල් වියවුලේ සිට මුල් වැරදි 'තීරණ' දක්වා

ජනාධිපතිවරයා ලෙස බයිඩන් තැබූ පළමු වැරදි පියවර වූයේ, 2021 අගෝස්තු මාසයේදී එක්සත් ජනපදය සිය හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනීම ය. තම භූමියෙන් බොහෝ දුර වුව ද ඉන් අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය විය.

ට්‍රම්ප් පරිපාලනයේ අවසාන මාසවලදී ඉන් හමුදා ඉවත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇති නමුත් බයිඩන් එයට ක්‍රියාත්මක කළේ, ඔහුගේ ඇතැම් හමුදා උපදේශකයින්ගේ අනතුරු ඇඟවීම් ද නොතකමිනි.

එම අනාවැකිය සත්‍ය බව තහවුරු වූයේ, කාබුල් නුවර භීතියෙන් හා නොසන්සුන්තාවයෙන් වෙළී යාමත් සමග ය.

People climb atop a plane as they wait at the Kabul airport, and crowd around, there is smoke in the background

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2021 අගෝස්තු මාසයේදී මිනිසුන් කාබුල් ගුවන් තොටුපළේ තිබුණු ගුවන් යානයක් මතට නැග්ගේ ඊට ඇතුළු වීමට මගක් සෙවීමට ය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එම මාසය අවසන් වන විට, බයිඩන් වෙත තිබුණු ප්‍රසාදය ගැලප් ශ්‍රේණිගතකිරීම් අනුව පළමු වරට 50%ටත් වඩා පහත වැටුණේ එය යළි කිසිදා ඉහළ නොයන බව තහවුරු කරමිනි.

දේශීය වශයෙන් ගත් කල ද, ජනාධිපතිවරයාගේ තත්ත්වය ඒ හා සමානව අශුභදායක විය. ගිම්හාන ඍතුව වන විට එක්සත් ජනපදයේ උද්ධමනය වසර 30කට පසු පළමු වතාවට 5% ඉක්මවා ගියේ ය.

භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පැවසුවේ, මෙම ඉහළ යාම "කෙටි කාලීන" වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ය. බයිඩන් එය "තාවකාලික" ලෙස හැඳින්වීය. පරිපාලනයෙන් පිටත ඇතැමුන්, විශේෂයෙන් ඔබාමාගේ ආර්ථික උපදේශක ලැරී සමර්ස් සිතුවේ වෙනත් ආකාරයකට ය.

වසරකට පසුව උද්ධමනය එහි උච්චතම අවස්ථාවට ළඟා වන විට, එනම් 2022 ජූනි මාසයේදී 9.1%ක් වූ විට, යෙලන් සහ බයිඩන් තම ගණනය කිරීම වැරදි බව පිළිගෙන තිබිණි.

කෙසේ වෙතත්, ඇමරිකානුවන් අමතක කළේ හෝ සමාව දුන්නේ නැත. 2024 ගිම්හාන ඍතුව වන විට මාසික උද්ධමන අගයන් 3%ට වඩා පහත වැටී තිබුණ ද, විරැකියාව අඩු මට්ටමක පැවතිය ද, ආර්ථික වර්ධනය ස්ථාවරව පැවතුණ ද, එක්සත් ජනපදය ලෝකයේ අනෙකුත් කාර්මික රටවල් අභිබවා ගිය ද, ඡන්ද දායකයින්ට ආර්ථිකය පිළිබඳ අශුභවාදී දැක්මක් දිගට ම පැවතිණි.

අනෙක් ගැටලු ද මෙම රටාවට අනුව සිදුවිය: පශ්චාත් කොවිඩ් සමයේ එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ නීති විරෝධී සංක්‍රමණිකයින් ඉහළ යාමට ප්‍රතිචාර දැක්වීමට බයිඩන් පරිපාලනය ප්‍රමාද විය.

රිපබ්ලිකන් පිටුබලය ලත්, ඩිමොක්‍රටික් පක්ෂය විසින් පාලනය කරනු ලබන, දේශ සීමාවෙන් ඈත පිහිටි උතුරු නගර වෙත සංක්‍රමණිකයන් ගෙන යාමේ වැඩපිළිවෙළ රාජ්‍ය සේවාවන්ට ඇති කරනු ලබන කඩාකප්පල්කාරී බලපෑමෙන් ද ඔවුන් විමතියට පත් වුණු බවක් නිරීක්ෂණය විය.

කොවිඩ් පරීක්ෂණ සහ ළදරු කිරිපිටිවල හිඟතා, බිත්තර මිලෙහි සිදු වූ ඉහළ යාම, රෝ එදිරිව වේඩ් මගින් ගබ්සා කිරීම් සඳහා ඇති කර තිබුණු ආරක්ෂාවේ අවසානය සහ යුක්රේනයේ සහ ගාසාවේ යුද්ධ වැනි ගැටලු සඳහා විසඳුම් සොයා ගිය ද, එලෙස විසඳෙන සෑම ගැටලුවක් පාසා ම තවත් අලුත් ගැටලු දෙකක් මතුවන්නට විය.

Biden pointing and giving a speech, as Obama listens

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මීට පෙර ඔහු 2009 සිට 2017 දක්වා ජනාධිපති ඔබාමා යටතේ උපජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ය. (2008දී ඉලිනොයිස්, ස්ප්‍රින්ග්ෆීල්ඩ්හි පැරණි රාජ්‍ය කැපිටල් ගොඩනැගිල්ලේදී ගත් ඡායාරූපයක්)

මීට පෙර ඔහු 2009 සිට 2017 දක්වා ජනාධිපති ඔබාමා යටතේ උපජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ය. (2008දී ඉලිනොයිස්, ස්ප්‍රින්ග්ෆීල්ඩ්හි පැරණි රාජ්‍ය කැපිටල් ගොඩනැගිල්ලේදී ගත් ඡායාරූපයක්)

එහෙත් බයිඩන් සහ ඩිමොක්‍රටිකයින් සඳහා, ඔවුන් ට්‍රම්ප්ට පමණක් නොව ගෝලීය ඒකාධිපති පාලන තන්ත්‍රයන්ට ද දක්ෂ හා ඵලදායි ප්‍රතිමූර්තියක් බව ඔප්පු කිරීමට බලාපොරොත්තු වූ අවස්ථාවේ ලද ප්‍රතිඵල තීරණාත්මක විය.

'දුර්වල මතකයක් ඇති වයසක මනුස්සයෙක්'

මේ සියල්ල මධ්‍යයේ, පරිපාලනයේ ප්‍රතිචාරය ඇතැම් විට පැහැදිලිව ම නුසුදුසු බව පෙනී ගියේ ය. 2021 නොවැම්බර් මාසයේදී ගෑස් මිල අඩු කිරීම සඳහා ඇමෙරිකාවේ තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීම පිළිබඳව රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී විමසූ විට, බලශක්ති ලේකම් ජෙනිෆර් ග්‍රැන්හෝම් සිනාසෙමින් ප්‍රතිචාර දැක්වීය.

"ඒක විහිළුසහගතයි," ඇය පැවසුවා ය. "මගේ ළඟ මැජික් යෂ්ටියක් තිබ්බා නම් හොඳයි."

බයිඩන් - වරක් දක්ෂ සන්නිවේදකයෙකු සහ කථිකයෙකු ලෙස සැලකූ ඔහුට ඇමෙරිකානු ජනතාව සමග මනා සම්බන්ධතාවක් පවත්වා ගැනීමට නොහැකි බව පෙනී ගියේ ය. ඔහු වයස්ගත වන බව ද නිරීක්ෂණය විය.

බයිඩන් කතා කරනවා බලන එක, මම නිකම්, ඕහ්! දෙවියනේ, මේ ඉන්නේ වෙනස් ම මනුස්සයෙක්," බයිඩන් පරිපාලනයේ මුල් වසරවලදී ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස සේවය කළ, නම හෙළි නොකිරීමේ කොන්දේසිය මත අදහස් දැක්වූ නිලධාරියෙක් පැවසීය.

"සමහර විට ඔබ හැම දවසක ම එහි හිටිය නම් ඒක, ඔබට පේන එකක් නැහැ."

Joe Biden is helped up after falling during the graduation ceremony at the United States Air Force Academy

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපද ගුවන් හමුදා ඇකඩමියේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වී සිටියදී ජනාධිපතිවරයා ඇද වැටිණි

බයිඩන්ගේ රහසිගත ලේඛන හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද විශේෂ උපදේශකයෙකු වන රොබට් හර්ගේ වර්තාවක ජනාධිපතිවරයා "දුර්වල මතකයක් ඇති වයෝවෘද්ධ මිනිසෙකු" ලෙස හඳුන්වයි. එය ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අතර කණස්සල්ලක් ඇති කිරීමට තුඩු දුන්නේ ය.

මාධ්‍ය සමග බයිඩන් කටයුතු කිරීම සීමා කරන ලද අතර ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටීම දැඩි ලෙස පිටපතක් අනුව සිදුවන්නට විය. ඔහුගේ වැරදි ලෙස කරන ප්‍රකාශ සහ අඩුපාඩු රිපබ්ලිකන් ප්‍රහාර පෝෂණය කිරීමට ඉවහල් විය. නමුත් බයිඩන් දෙවන වරටත් බලයට පත්වීමට සහ ජයග්‍රහණය කිරීමට අධිෂ්ඨාන කර ගත්තේ ය.

බයිඩන්ගේ මිනිස්සු: ඔහුගේ අභ්‍යන්තර කවය

සිය ධූර කාලය තුළ, බයිඩන් රජයේ සේවයේ ප්‍රවීණයන් තම සමීපයට ගත්තේ ය. ඔහුගේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සෙනෙට් සභාවේ සිටි දින සිට ඉහළින් ම සිටි ඔහුගේ විදේශ ප්‍රතිපත්ති උපදේශකයෙකු විය. කීර්තිමත් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු සහ බරැක් ඔබා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා යෝජනා කරන ලද නමුත් අසාර්ථක වුණු මෙරික් ගාර්ලන්ඩ් නීතිපතිවරයා සඳහා පත් කෙරිණි. භාණ්ඩාගාරය සඳහා ඔහු තෝරාගත් යෙලන් මීට පෙර ෆෙඩරල් සංචිතයේ මුලසුන හෙබවීය.

ධවල මන්දිරය තුළ, බයිඩන් සිය කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඩිමොක්‍රටික් ජනාධිපති පරිපාලනයේ දශක ගණනාවක් සේවය කළ රොන් ක්ලේන් තෝරා ගත්තේ ය. බයිඩන් තෝරා ගත් තවත් ප්‍රවීණයෙකු වන මයික් ඩොනිලොන් ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස සේවය කළේ ය.

පාර්ලිමේන්තුව තුළ සහ සෙනෙට් සභාව තුළ තිබුණු සුළුතර බහුතරය කළමනාකරණය කර ගැනීමට කණ්ඩායම විශේෂයෙන් සාර්ථක වූ අතර, ඒකාබද්ධ රිපබ්ලිකන් ප්‍රතිරෝධය සහ ඔහුගේ ම පක්ෂයේ මධ්‍යවාදීන්ගේ අකමැත්ත හමුවේ පවා මුල් අවධියේදී ව්‍යවස්ථාදායක ජයග්‍රහණ ලබා ගත්තේ ය.

US President Joe Biden and First Lady Jill Biden during a Fourth of July event on the South Lawn of the White House

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ජූලි හතර වන දා ධවල මන්දිරයේ පැවති උත්සවයකට සහභාගි වෙමින්

බයිඩන් බලයට පත්වී මාස දෙකක් පමණ ගත වූ පසුව සම්මත වුණු "American Rescue Plan" සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2කට ආසන්න ප්‍රමාණයක් වෙන් කෙරිණි. එමගින් සෞඛ්‍ය සේවා සහනාධාර පුළුල් කළ අතර, කොවිඩ් එන්නත් බෙදා හැරීමට සහ ළමා දරිද්‍රතාවය අඩකින් එනම්, 5% දක්වා අඩු කරන ගෙවීම් වැඩසටහනක් සඳහා අරමුදල් සපයන ලදී.

එම වසරේ අගභාගයේදී, ඩිමොක්‍රටිකයින් සහ සමහර රිපබ්ලිකානුවන් යටිතල පහසුකම් ආයෝජන පනතක් සම්මත කිරීමට එක් වූ අතර එහි ප්‍රවාහනය, පිරිසිදු බලශක්තිය, ජලය, බ්‍රෝඩ්බෑන්ඩ් සහ අනෙකුත් ඉදිකිරීම් වැඩසටහන් සඳහා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1ක නව ප්‍රතිපාදන ඇතුළත් විය.

ඉන් අනතුරුව, ඔහු තවත් නීති සම්මත කර ගත්තේ, පළමු ධූර කාලයක තුළ නූතන යුගයේ ජනාධිපතිවරුන් කිහිප දෙනෙකුට හෝ ළඟා කර ගැනීමට නොහැකි වූ ඉලක්ක ළඟා කර ගනිමිනි. නමුත් එහි බරපතළ ගැටලුවක් ලෙස ඇතැම් විවේචකයෝ එය දුටුවහ.

Joe Biden under an umbrella with a mask on, as press ask questions

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රකාශ අනුව, බයිඩන්ගේ කවය පටු චින්තනයක් ඇති පිරිසකගෙන් සමන්විත වේ

පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ සහකාර මහාචාර්ය බ්‍රෙන්ට් සීබුල් තර්ක කරන්නේ, සාමාන්‍ය ඇමෙරිකානු කම්කරුවන් සඳහා ආර්ථික ප්‍රතිලාභ අත්කර දීමට වසර ගණනාවක් ගත වන ප්‍රතිපත්ති වෙනස් කිරීමේ උත්සහයන් කෙරෙහි බයිඩන්ගේ වැඩි අවධානයක් යොමු වූ බව ය.

"මට හිතෙන්නේ, දීර්ඝ කාලීන ප්‍රතිඵල ලබා දෙන මෙම විශාල නීති ජානධිපතිවරණයේ අවශ්‍යතා එක්ක සමපාත වුණේ නැහැ," ඔහු පවසයි.

ඡන්ද දායකයින්ට දෘශ්‍යමාන, ක්ෂණික ප්‍රතිලාභ ගෙන ඒමේ ක්‍රම සෙවීම කෙරෙහි අවධානය යොමු කළේ, බයිඩන් වඩා ත් සාර්ථක වීමට ඉඩ තිබිණි. එය මෑත කාලීන පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී බයිඩන් ම විසින් ම ප්‍රකාශිත මනොභාවයකි.

ඇතුළත 'ගැටුම් සහ කලකිරීම්'

සාර්ථකත්වය පනවන ලද නීතිවලින් නොව, වඩ වඩාත් ස්ථීර ලෙස වැඩෙන දේශපාලන විපක්ෂයකට එරෙහිව දක්වන ප්‍රතිචාරවලින් මැනීමේදී ඔහුගේ කණ්ඩායම ද එතරම් සාර්ථකත්වයක් නොපෙන්වීය.

බයිඩන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ධවල මන්දිර කණ්ඩායම ඔහුගේ ජනාධිපති ධූරයේ මුල් අවධියේදී වඩාත් තීරණාත්මක වූ බව ය.

"දේවල් සංකීර්ණ වෙන්න පටන් ගත්තා ම සහ විශාල දේවල් කිරීමේ හැඟීම ඔබට නැති වුණා ම, ඒකෙන් අභ්‍යන්තර ගැටුම් සහ කලකිරීම්වලට මග පෑදිය හැකි යි," ඔහු පිළිගත්තේ, පීඩනය ඉහළ යත් ම බයිඩන් වඩා ඇති කවය පටු චින්තනයක් දැරි පිරිසක් වූයේ යැයි තාමාට හැඟෙන බව සඳහන් කරමිනි.

Close up of President Joe Biden in sunglasses

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බයිඩන්ගේ ජනාධිපති ධූර කාලය අර්ධ දෙකකින් දැකිය යුතු බව එක් විචාරකයෙක් පවසයි

වසර දෙකක විවේකයකින් පසු, ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. (ඇෆ්ගනිස්ථානයෙන් [හමුදා] ඉවත් කර ගැනීම, බයිඩන් පවුලේ ව්‍යාපාරික ගනුදෙනු සහ තවත් බොහෝ දේ). එමෙන් ම, ඔවුහු 2023 සැප්තැම්බර් මාසයේදී නිල වශයෙන් ජනාධිපති දෝෂාභියෝග පරීක්ෂණයක් ආරම්භ කළහ. මේ සියල්ල අතරතුර ඔහුට තිබුණු මහජන ප්‍රසාදය හතළිස් ගණන්වලට පහත වැටිණි.

බයිඩන්ගේ ජනාධිපති ධූර කාලය අර්ධ දෙකකින් දැකිය යුතු බව සීබුල් පවසයි. පළමුවැන්න වඩා ත් සාර්ථක විය. දෙවැන්න ඉලක්කගත නොවීය.

"එක්සත් ජනපදය සාර්ව-ආර්ථික වශයෙන් හොඳින් ක්‍රියා කරන බව බයිඩන් හැඟීම නිසා බොහෝ ඇමෙරිකානුවන් තවමත් අපහසුතාවන්ට මුහුණ දෙමින් ඉන්නේ කියන එක ඔහු සහ ඔහුගේ උපදේශකයින්ට පෙනුනේ නැහැ."

අවුල්සහගත මැතිවරණ ව්‍යාපාරයක්

2023 අප්‍රේල් 25 වන දින, ට්‍රම්ප් "අන්තවාදීන්" ඇමෙරිකාවට තර්ජනය කරන බවට අනතුරු අඟවන ප්‍රචාරක වීඩියෝවකින් බයිඩන් සිය ජනාධිපති අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශ කළේ ය.

ඊළඟ මාස කිහිපය තුළ, ට්‍රම්ප් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන අනතුර පිළිබඳව තවත් අනතුරු ඇඟවීම් සඳහන් විය. ඔහු තම ආර්ථික සැලැස්ම - "Bidenomics" ලෙස ලේබල් කරමින් ආර්ථිකය වර්ධනය වෙමින් තිබියදී උද්ධමනය පහත වැටුණු ආකාරය පෙන්වා දුන්නේ ය.

මම බයිඩන් සමග 2023 ජූනි මාසයේ චිකාගෝ වෙත ගිය අතර, එහිදී ඔහු සිය ධනවත් ආධාරකරුවන් සඳහා උත්සවයක් පැවැත්වූ අතර නගර මධ්‍යයේ ඇති ඓතිහාසික තැපැල් කාර්යාලයකදී ආර්ථිකය පිළිබඳ දේශනයක් පැවැත්වීය.

"Bidenomics යනු, අනාගතය ගැනයි," ඔහු පැවසීය. Bidenomics කියන්නේ: ඇමෙරිකානු සිහිනය ප්‍රකෘතිමත් කිරීම කියන තවත් එක විධියක්."

එය නරක පියවරක් බව සීබුල් විශ්වාස කරයි.

"වසන්ත සහ ගිම්හාන කාලයේ මුල් භාගයේ තමන් නූතන ඉතිහාසයේ වඩාත් ම සාර්ථක ආර්ථික ජනාධිපතිවරයා වන්නේ කෙසේ ද යන්න ගැන ඔහු මූලික වශයෙන් කතා කිරීම යථාර්ථයත් එක්ක ගැළපුණේ නැහැ," ඔහු පැවසීය.

"පණිවිඩය නොගැළපීම පමණක් නෙවෙයි, ඔහු අසාර්ථක පණිවිඩකරුවෙක්."

US President Joe Biden shakes hands with US President-elect Donald Trump during a meeting in the Oval Office of the White House

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි 20 වන දින දිවුරුම් දුන්නේ ය

අනෙක් ස්ථානවල බයිඩන් සිදු කළ කතා මෙන් චිකාගෝහි ද ඔහුගේ කතාවේ ගලා යාමක් නොතිබිණි. ඔහු ඇතැම් අවස්ථාවලදී මිමිණූ අතර ඔහුගේ වාක්‍ය ඛණ්ඩවල ගැළපීමක් නොවිණි.

කෙසේ වෙතත්, ඒ සියලු අභියෝග තිබියදීත්, බයිඩන් සහයකයින්ට පැවසුවේ, ට්‍රම්ප් පරාජය කිරීමට හොඳ ම විකල්පය තමන් බව ඔහු විශ්වාස කරන බව ය. එනම්, තමන් එක් වරක් එය කළ බව ත්, යළිත් තමන් එය කරන බව ත් ය. කවුරුන් හෝ බයිඩන්ගේ හැකියාවන් ගැන ප්‍රශ්න කරන සෑම විට ම ඔහුගේ එම සහයකයෝ ඊට දැඩි ලෙස විරෝධය පෑම සිදු කළහ.

"මම තරුණ පුද්ගලයෙක් නෙවෙයි, ඒක රහසක් නෙවෙයි," බයිඩන් ප්‍රචාරක දැන්වීමකදී පැවසීය. "ඒත් මෙන්න මේක තමයි දේ: ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් දේවල් කරගන්නේ කොහොමද කියල මට තේරෙනවා."

හමාස්, හන්ටර් සහ අවසාන බාධක

සරත් ඍතුවේදී, බයිඩන් තවත් අර්බුදයකට මුහුණ දුන්නේ ය. ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව, ලේ වැගිරීම්වලට ප්‍රතිචාර දැක්වීමේදී අධික ලෙස ප්‍රතික්‍රියා නොකරන ලෙස හෝ ඉක්මවා නොයන ලෙස ඔහු ඉක්මනින් ඊශ්‍රායලයට අවවාද කළේ ය.

යුක්රේනයේ රුසියානු ආක්‍රමණයේදී මෙන් ම ජනාධිපතිවරයා ලෝක කටයුතු කෙරෙහිද අවධානය යොමු කළේ ය. නමුත් යුක්රේනයට සහය දැක්වීම සඳහා බටහිර රටවල් එක්සත් කිරීමට බයිඩන් ගත් පියවර මෙන් නොව, ඊශ්‍රායලයට ඔහු ලබා දුන් අඛණ්ඩ සහයෝගය එක්සත් ජනපදයේ ඇතැම් පුද්ගලයින්ගෙන් ඔහුට තිබුණු සහය අඩු වීමට හේතු විය.

 US President Joe Biden (L) and Prime Minister Benjamin Netanyahu (R) meet in Tel Aviv

ඡායාරූප මූලාශ්‍රය, Getty /Israeli GPO handout

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායලයට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහයෝගය ලැබීම ඇතැම් පාර්ශවවල සහය බයිඩන් වෙත අහිමිවී යාමට හේතු විය

ඒ අතර ම, බයිඩන් තම පුත් හන්ටර්ගේ නීතිමය ගැටලුවලට මුහුණ දෙමින් සිටියේ ය. ජූනි මස පැවති නඩු විභාගයක් සහ ගිනිඅවි චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරු කිරීම සහ, හන්ටර්ගේ විදේශ ව්‍යාපාරික ගනුදෙනු සම්බන්ධ බදු උල්ලංඝණයන් පිළිබඳ අධිචෝදනාවක් ජනාධිපතිවරයාට වධ දුන් ගැටලු විය.

පවුලේ ගැටලු ප්‍රසිද්ධියට පත් වීම, එතරම් බරපතළ නොවුණත් ජනාධිපතිවරයාගේ අවධානය වෙනස් කළ සහ ඔහු චිත්තවේගීය දුර්වල කළ කාරණයක් විය. නොවැම්බරයේ මැතිවරණයෙන් පසුව ගත් ඔහුගේ පුතාට සමාව දීමට ඔහු ගත් අවසාන තීරණය ඇතැම් මිත්‍ර පාක්ෂිකයින් ඇතුළු බොහෝ දෙනෙකු විසින් හෙළා දකින ලදී.

අවසානයේදී, බයිඩන්ගේ ජනාධිපති අපේක්ෂකත්වය - සහ ඔහුගේ ජනාධිපති ධූරය - ජූනි මස අගදී ට්‍රම්ප් සමග පැවති විවාදයක් අතරතුර ඇට්ලන්ටාහි වේදිකාවක් මත කඩා වැටිණි. ඔහුගේ ව්‍යාකූල සහ ඇතැම් විට තේරුම්ගත නොහැකි ප්‍රකාශ, එනම් රිපබ්ලිකන් විවේචන අනුමත කරන හැසිරීම් සහ ඔහුගේ වයස පිළිබඳව ඩිමොක්‍රටික් පාක්ෂිකයින් තුළ පැවති භීතිය සනාත කරන හැසිරීම් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට මාරාන්තික පහරක් එල්ල කළේ ය.

නමුත් අවසානයේදී, ට්‍රම්ප් අසාර්ථක ඝාතන ප්‍රයත්නයකට නොහොබිනා ලෙස ප්‍රතිචාර දැක්වීමෙන් පසුව සහ ජූලි මැද භාගයේදී උද්වේගකර, ඒකාබද්ධ ජාතික පක්ෂ සම්මේලනයක් පැවැත්වීමෙන් පසුව, බයිඩන් තරගයෙන් ඉවත් විය.

Kamala Harris and U.S. President Joe Biden greet each other in a hug

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බයිඩන් සහ ඔහුගේ කණ්ඩායමට සිදුවීම් ගණනාවකට මුහුණ දීමට සිදුවිය. ඉන් ඇතැම් ඒවා ඔහුගේ පාලනයේ තිබුණු අතර ඇතැම් ඒවා පාලනයේ නොතිබිණි

බයිඩන් විසින් තෝරා ගන්නා ලද සිය අනුප්‍රාප්තිකයා වූ කමලා හැරිස් පරදවමින් ට්‍රම්ප් ලද ජයග්‍රහණය, අඩ සියවසක් දක්වා වූ බයිඩන්ගේ දේශපාලන ජීවිතය පිළිබඳව ලබා දුන් අවසාන මැතිවරණ තීන්දුව එය ප්‍රතික්ෂේප වීම සහ පරාජය වීමක් බව සහතික කළේ ය.

බයිඩන් දෙවන වාරයක් අපේක්ෂා නොකර සරලව පසෙකට වූයේ නම්, - ඔහුගේ වචනවලින් පවසන්නේ නම්, "ගිනි සිළුව වෙනත් අයෙකුට ලබා දුන්නේ නම්" ඔහුගේ කීර්තියට කුමක් වනු ඇති ද? වීඩියෝ ප්‍රචාරණ සිදු නොවනු ඇත. අපහසුවෙන් ප්‍රචාරණ රැලි සඳහා කතා සකසා ගැනීමට හෝ ට්‍රම්ප් සමග අපහසුවෙන් විවාද සිදු කිරීමට නොවනු ඇත. ඒ වෙනුවට ඩිමොක්‍රටික් අපේක්ෂකත්වයට වඩා ත් ශක්තිමත් නමක් යෝජනා වී බයිඩන් ඒ සියල්ලන්ට ඉහළින් වැජඹෙනු ඇත.

"අපේක්ෂකයෝ තෝරා ගනිද්දී එහෙනම් අපිට මීට වඩා තරගයක් තියෙන්න තිබුණා," එස්ට්‍රිච් තර්ක කරයි. "ඔහුගේ අනුප්‍රාප්තිකයාට තමන්ගේ සැලසුම් ඉදිරිපත් කරන්න ඉඩක් ලැබෙන්න තිබුණා."

President Joe Biden receives a briefing at his desk in shadows

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, යුගයක අවසානය ආසන්නයේ: බයිඩන් 2025 ජනවාරි ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ

අවසානයේදී, බයිඩන්ගේ වයස සහ ට්‍රම්ප්ගේ කල්පවත්නා ආකර්ෂණය, ඔහුගේ පරිපාලනයට කිසිදා නිවා දැමීමට නොහැකි වූ ගිනිදැල් වන අතර අවසානයේ ඔහුගේ ජනාධිපති ධූරය දවාගත් ඒවා විය.

දැන් ට්‍රම්ප් සිය ධූරයේ දිවුරුම් දී ඇති අතර, පසුගිය වසර හතර තුළ බයිඩන් ගත් බොහෝ ක්‍රියාමාර්ග ඉවත දැමීමට ඉඩ ඇත. ඔහු මෙය කෙතරම් සාර්ථකව සිදු කරන්නේ ද යන්න මත අනාගතයේදී බයිඩන් ජනතාව මතකයේ තබා ගන්නා ආකාරය තීරණය වනු ඇත.

සති කිහිපයකට පෙර, මම නීතිපති ගාර්ලන්ඩ්ගෙන් මෙසේ ඇසුවෙමි: ඉතිහාසය බයිඩන් සහ මෙම පරිපාලනය විනිශ්චය කරනු ඇතැයි ඔහු සිතන්නේ කෙසේ ද?

"මම ඒක ඉතිහාසඥයින්ට භාර දෙනවා," ඔහු පිළිතුරු දුන්නේ ය.

අවසානයේ බයිඩන්ට ඉතිරිව ඇත්තේ එය පමණි.