කැනඩා මැතිවරණයෙන් ලිබරල් පක්ෂ ජයග්‍රහණයට සහ කොන්සර්වේටිව් පක්ෂ පරාජයට බලපෑ හේතු 5ක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
- Author, ජෙසිකා මර්ෆි - ටොරොන්ටෝ
- Role, බීබීසී පුවත්
ට්‍රම්ප් විරෝධී හැඟීම් මධ්‍යයේ මීළඟ රජය පිහිටුවීම සඳහා මාර්ක් කාර්නිගේ නායකත්වයෙන් යුත් ලිබරල් පක්ෂය කැනඩාවේ ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කර ඇත.
මීට මාස කිහිපයකට පෙර මරණයට පත්ව, භූමිදානය කර දමනු ලැබූ බවට දැඩිව සලකනු ලැබූ පක්ෂයකට මෙය විශ්මයජනක දේශපාලන පෙරළියකි.
ප්‍රතිඵල තවදුරටත් නිකුත් වෙමින් පවතින අතර, දශකයකට ආසන්න කාලයක් කැනඩාවේ බලයේ සිටින ලිබරල් පක්ෂයට බහුතරය ලබා ගැනීමට හැකි වේද යන්න මෙතෙක් පැහැදිලි නැත.
කොන්සර්වේටිව් විපක්ෂය ද විශාල ජයග්‍රහණයක් ලබා ගත් නමුත් ඔවුන් පරාජයට පත්ව සිටියි. මේ, ලිබරල් පක්ෂ ජයග්‍රහණයට සහ කොන්සර්වේටිව් පක්ෂ පරාජයට බලපෑ කරුණු 5කි.
1. පැහැදිලි ගැටලුව බවට පත්වූ ට්‍රම්ප්ගේ තර්ජනය
කැනඩාවේ ස්වෛරීභාවයට හානි කර වූ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරුබදු තර්ජන සහ ප්‍රකාශ මෙම මැතිවරණයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බවට සැකයක් නොමැත, නායකත්වය සහ රටේ ආර්ථික පැවැත්ම හදිසියේම මැතිවරණ ව්‍යාපාරයේ තීරණාත්මක කරුණු බවට පත් කළේය.
මාර්ක් කාර්නි එය තම වාසියට යොදා ගනිමින්, ට්‍රම්ප්ට එරෙහිව මෙන්ම ඔහුගේ ප්‍රධාන විපක්ෂ ප්‍රතිවාදියා වූ කොන්සර්වේටිව් නායක පියරේ පොයිලීවර්ට එරෙහිව ද තරග කළේය.
කැනඩාව අර්බුදකාරී මොහොතක සිටින බවට කාර්නි අනතුරු ඇඟවීය, ට්‍රම්ප් ට අවශ්‍ය වී ඇත්තේ, "ඇමෙරිකාවට අපව අයිති කර ගත හැකි වන පරිදි අපව බිඳ දැමීමට" යැයි මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී මෙන්ම සහ ඔහුගේ ජයග්‍රාහී කතාවේදී පැවසීය.
මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ පොයිලිවර් ට්‍රම්ප් ගැන බොහෝ අඩුවෙන් කතා කළ අතර, ඔහු ජීවන වියදම, නිවාස මිල අර්බුදය සහ අපරාධ - වැනි දේශීය ප්‍රශ්න - කෙරෙහි වැඩි අවධානය යොමු කළ අතර එම කරුණු සම්බන්ධයෙන් ලිබරල්වාදීන් ලබා ඇති ප්‍රගතිය ඉලක්ක කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ පැරණි සම්බන්ධතාවය "අවසන්" යැයි ප්‍රකාශ කර ඇති කාර්නි, මැතිවරණයෙන් පසු වහාම නව ආර්ථික හා ආරක්ෂක සම්බන්ධතාවයක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
කොන්සර්වේටිව් නායකත්වය සඳහා කලින් තරග කළ ට්‍රම්ප්ට සමීප කැනේඩියානු ව්‍යාපාරිකයෙකු වන කෙවින් ඕ'ලියරි එය සාර්ථක මැතිවරණ ප්‍රචාරක උපාය මාර්ගයක් යැයි පිළිගත්තේය.
"දැන් කැනේඩියානුවන් ඇමෙරිකාව ගැන බොහෝ කලකිරිලා ඉන්නේ, කාර්නි ඒක එයාගේ වාසියට යොදා ගත්තා," ඡන්ද විමසීම් අවසන් වීමට ටික වේලාවකට පෙර ඔහු බීබීසීයට පැවසීය. "ඔහුට කැනේඩියානුවන් ඔහුගේම වැරදි පිළිබඳ අවධානය වෙනතකට යොමු කරන්න පුළුවන් වුණා... 'ඒ දෙස බැලීම නවත්වන්න. දේශ සීමාවෙන් දකුණට බලන්න, මට ඔබව බේරා ගත හැකිය' යැයි පැවසීමට ඔහුට හැකි විය."
2. දේශපාලනික නවකයෙකුට අපූරු කුළුදුල් මැතිවරණ ජයක්
වසර ආරම්භයේදී, කාර්නි දේශපාලනඥයෙකු ලෙස කිසිදු අත්දැකීමක් නොතිබූ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු විය. මාර්තු මැද භාගය වන විට, ලිබරල් නායකත්ව තරගය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසු, ඔහු කැනඩා අගමැති ධුරයේ දිවුරුම් දෙනු ලැබීය. ඒ, කිසිදිනක මැතිවරණයකින් තේරී පත්ව මහජන තනතුරක් නොදැරූ පළමුවැන්නා ලෙස ය.
දැන්, ඔහු පළමු වරට මැතිවරණ අපේක්ෂකයෙකු ලෙස කැනේඩියානු ඡන්දදායකයින්ට මුහුණ දී, ඔටාවා ප්‍රදේශයේ මන්ත්‍රී මණ්ඩලයේ ආසනයක් දිනා ගෙන තම පක්ෂය අනපේක්ෂිත ජයග්‍රහණයක් කරා මෙහෙයවා තිබේ.
කැනේඩියානු දේශපාලනයට පිවිසීමට කාර්නි දිගු කලක් තිස්සේ කැමැත් පළ කර තිබූ අතර ඔහු තම අවස්ථාව ලබා ගත්තේ ජනවාරි මාසයේදී හිටපු අගමැති ජස්ටින් ටෲඩෝගේ හදිසි ඉල්ලා අස්වීමෙන් පසුවය.
කැනේඩියානුවන් තම ආර්ථික අනාගතය ගැන කනස්සල්ලෙන් සිටි අවස්ථාවක, කැනඩාවට සහ එක්සත් රාජධානියට පෙර පැවති අර්බුද ජය ගැනීමට උපකාර කිරීමෙන් ලද අත්දැකීම් ඇසුරෙන්, ඔහු නව දේශපාලන භූ දර්ශනයෙන් උපරිම ප්‍රයෝජන ගත්තේය.
3. ජයග්‍රහණ ලැබුවද කොන්සර්වේටිව් පක්ෂය තවමත් අසාර්ථකයි
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වෙනස් මැතිවරණයක් නම්, මෙය කොන්සර්වේටිව් පක්ෂයට සාර්ථක මැතිවරණයක් වීමට ඉඩ තිබුණි.
2011 දී, කොන්සර්වේටිව් පක්ෂය 39.6% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් බහුතරය දිනා ගත්තේය. 'ඉලෙක්ෂන් කැනඩා' අනුව සහ බොහෝ මත විමසුම් වාර්තා කර ඇති පරිදි, කොන්සර්වේටිව් නායක පියරේ පොයිලීවර්, දළ වශයෙන් 41.6% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මෙවර එය බිඳ දැමීමට නියමිතව තිබිණි.
පියරේ පොයිලීවර්ගේ කොන්සර්වේටිව් පක්ෂය ද සැලකිය යුතු වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගත්තේය. ඔවුන් දැනට ආසන 149ක් දිනා ගනු ඇතැයි පුරෝකථනය කර ඇත - එය මාර්තු මාසයේ මැතිවරණය ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුව විසුරුවා හරින විට 120ක් ලෙස පැවතුණි.
නමුත් ප්‍රගතිශීලී ඡන්ද ලිබරල්වාදීන් වටා ඒකරාශී වීමත් සමඟ, මෙවර එම සංඛ්‍යා ප්‍රමාණවත් නොවීය.
මාස කිහිපයකට පෙර ජයග්‍රහණය සඳහා පැහැදිලි මාවතක් තිබූ සහ මැතිවරණ පරාජයන් මාලාවකින් පසු ඉදිරි මාවතක් සොයා ගැනීමේ අවශ්‍යතාවෙන් සිටි කොන්සර්වේටිව් පක්ෂයට මෙය කටුක පරාජයක් වනු ඇත.
"අද රාත්‍රියේ අපට සැමරීමට බොහෝ දේ තිබෙනවා," පොයිලිවර් සිය කතාවේදී පක්ෂය ලැබූ සැලකිය යුතු ජයග්‍රහණවලට ආචාර කරමින් පැවසීය.
නමුත් ඔහු තවදුරටත් මෙසේ පැවසීය: "අපිට ජයග්‍රහී කඩඉම පසු කරන්න බැරිවුණ බව අපි දන්නවා."
2015 මැතිවරණයෙන් පසු ලිබරල් පක්ෂය තුන්වන වරටත් ජයග්‍රහණය කිරීමෙන් පසු ,පොයිලිවර් තවදුරටත් කොන්සර්වේටිව් පක්ෂ නායකයා ලෙස තබා ගැනීමට අවශ්‍ය දැයි තීරණය කිරීම දැන් පක්ෂයට පැවරුණු කාර්යයක් වී තිබේ.
සඳුදා රාත්‍රියේ පොයිලිවර් තම ධූරය දිගටම කරගෙන යාමට ඇති කැමැත්ත ගැන අවධාරණය කරමින්, කොන්සර්වේටිව් ආධාරකරුවන් වෙත කියා සිටියේ "වෙනසකට කාලය ගතවන" බවය.
4. හෙළිදරව් වූ බෙදීම්
මැතිවරණ ප්‍රතිඵල මගින් කාර්නිට අභියෝගයක් විය හැකි කැනඩාවේ බෙදීම් ඉස්මතු කර තිබේ.
සැලකිය යුතු කරුණක් නම්, ලිබරල්වාදීන් බොහෝ දුරට ඇල්බර්ටා සහ සස්කැච්චුවාන් යන පළාත් වලින් බැහැර කර තිබීමය - තෙල්වලින් පොහොසත් සහ ගෑස්වලින් පොහොසත් එම ප්‍රේරි පළාත්, ඔටාවාහි බල කේන්ද්‍රස්ථානයෙන් දුරස්ථව පැවතීම දිගු කලක් තිස්සේ උග්‍ර වී ඇත.
මැතිවරණයට පෙර සිටම, ලිබරල් පක්ෂය තවත් ජනවරමක් දිනා ගන්නේ නම් ජාතික සමගිය පිළිබඳ අර්බුදයක් ඇති වන බවට එම කලාපවල සමහරු අනතුරු අඟවමින් සිටියහ.
වෙනස් ප්‍රතිඵලයක් සඳහා ඡන්දය දුන් මිලියන සංඛ්‍යාත ජනතාවට ස්තූති කරමින් කානි සිය විජයග්‍රාහී කතාවේදී එම බෙදීම් පිළිබඳව අවධානය යොමු කළේය.
"සියලු ම කැනේඩියානුවන් වෙනුවෙන් පාලනයක් ගෙන යාමට මා අදහස් කරනවා," ඔහු පැවසීය.
මේ අතර, ජීවන වියදම් ගැටළු, විශේෂයෙන් නිවාස දැරිය හැකි මිල කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කළ පොයිලිවර්ගේ පණිවිඩය බොහෝ තරුණයින්ගේ සැලකිල්ල යොමු විය.
අප්‍රේල් 25 වන දින නැනෝස් මත විමසුමකින් පෙන්නුම් කළේ, වයස අවුරුදු 18 ත් 34 ත් අතර පුද්ගලයින් අතර කොන්සර්වේටිව් පක්ෂයට ඇති සහයෝගය ලිබරල් පක්ෂයට වඩා 44% සිට 31.2% දක්වා වැඩි වී ඇති බවයි. තරුණයින් අතර මෙම බෙදීම වඩාත් තියුණු විය.
වෙනස් මත විමසීමක් වූ , ඇබකස් මත විමසුම මගින් හෙළි වූයේ වයස අවුරුදු 18 ත් 29 ත් අතර පුද්ගලයින්ගෙන් 18% ක් පමණ ට්‍රම්ප් ගැන කනස්සල්ලට පත්ව සිටින බවයි. එය අවුරුදු 60 ට වැඩි ඡන්දදායකයින් සඳහා 45% ක ප්‍රතිශතයක් දක්වා ඉහළ ගිය අතර, එය පරම්පරා අතර ගැටළු සම්බන්ධයෙන් පවතින වෙනස පෙන්නුම් කරයි.
සඳුදා රාත්‍රියේ, කොන්සර්වේටිව් පක්ෂය ලබා ඇති ජයග්‍රහණ සමග සිය පක්ෂයේ ඉදිරි ගමන පිළිබඳව තරුණ කැනේඩියානුවන් ඇතුළු පිරිසක සමග පොයිලිවර් අදහස් පළ කළේය.
"බොහෝ කාලයක් තිස්සේ රට පුරා අතහැර දමා සිටි ගණන් කරන්න බැරි තරම් ජනතාව වෙනුවෙන් අපි හඬක් නැගුවා," ඔහු පැවසීය.
5. වාමාංශික නව ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ බිඳවැටීම
මෙම මැතිවරණයේදී කැනේඩියානුවන්, ලිබරල් හෝ කොන්සර්වේටිව් පක්ෂ, විශේෂයෙන් වාමාංශික නව ප්‍රජාතන්ත්‍රවාදී හෝ එන්.ඩී.පී යන පක්ෂ වෙත තම ඡන්දය භාවිතා කිරීමට තෝරා ගැනීම නිසා කුඩා දේශපාලන පක්ෂවලට පහරක් එල්ල වී තිබේ.
කුඩා පක්ෂ කිහිපයක් සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් අහිමි කරගෙන ඇත - විශේෂයෙන් 2021 දී කැනඩාව පුරා ගණන් කළ ඡන්ද වලින් 18% ක් පමණ ලබාගෙන සිටි NDP පක්ෂයට - විශේෂයෙන් සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් මෙවර අහිමි වී ඇත.
වසර අටකට ආසන්න කාලයක් එන්ඩීපී නායකයා ලෙස කටයුතු කළ ජග්මීත් සිං, බ්‍රිටිෂ් කොලොම්බියාවේ තමාගේම ආසනයේ බලය අහිමි කර ගත් අතර, ඔහු ඉල්ලා අස්වන බව නිවේදනය කළේය.
"පැහැදිලිවම මම දන්නවා මේ රාත්‍රිය නව ප්‍රජාතන්ත්‍රවාදීන්ට බලාපොරොත්තු සුන් කරවන රාත්‍රියක් කියලා," ඔහු තවදුරටත් පැවසීය: "අපි සටන් කිරීම නැවැත්තුවොත් විතරයි අපි පරාජය වෙන්නේ."
හරිත පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 2% සිට 1% දක්වා අඩකින් අඩු වී ඇති බව ද දැකගත හැකිය.
ලාභ නොලබන මහජන මත පර්යේෂණ සංවිධානයක් වන ඇන්ගස් රීඩ් ආයතනයේ සභාපති ෂාචි කර්ල් බීබීසීයට පැවසුවේ ලිබරල් පක්ෂයට බලය මාරුවීම පිටුපස ට්‍රම්ප්ගේ ප්‍රකාශ හේතුවී ඇති බවයි.
"තර්ජන, ඈඳා ගැනීමේ කතා, මේ සියල්ල මධ්‍යයේ වාමාංශික ඡන්දදායකයින්ට විශාල පෙළඹවීමක් වී තිබෙනවා," ඇය පැවසුවාය.
'Bloc Québécois' පක්ෂය 7% ක පමණ ඡන්ද ප්‍රතිශතයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, ඔවුන් ක්විබෙක්හි ආසන 23 ක් දිනා ගනු ඇත.
මෙය මත විමසුම් වාර්තාවලින් 97% ක් මත පදනම් වේ.
කැනඩාව ඓතිහාසිකව යම් ආකාරයක කොන්සර්වේටිව් හෝ ලිබරල් ආණ්ඩු සඳහා ඡන්දය දී ඇතත්, එහි ද්වි-පක්ෂ ක්‍රමයක් නොමැත.
රටේ දේශපාලන ක්‍රමය තුළ, මෙම කුඩා පක්ෂ තවමත් පාර්ලිමේන්තුවේ කාර්යභාරයක් ඉටු කරයි. එන්ඩීපී සහ බ්ලොක් යන දෙකම සමහර අවස්ථාවලදී මහජන මන්ත්‍රී මණ්ඩලයේ නිල විපක්ෂය පිහිටුවා ඇත.














