ඉන්දියාව සහ කැනඩාව අතර වර්ධනය වන රාජ්‍ය තාන්ත්‍රික ගැටුම පිටුපස කතාව

Indian PM Narendra Modi (right) shakes hand with Canada's Justin Trudeau standing next to each other. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි (දකුණ) කැනඩාවේ ජස්ටින් ටෘඩෝ එකිනෙකා අසල සිටගෙන අතට අත දෙමින්.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි (දකුණ) 2023 සැප්තැම්බරයේ G20 සමුළුවට පෙර කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝට අතට අත දෙමින්
    • Author, ඉන්දීය භාෂා සේවය
    • Role, බීබීසී
    • වාර්තාකරණය, දිල්ලි (ඉන්දියාව) & බ්‍රැම්ප්ටන් (කැනඩාව)

අපරාධයක් පිළිබඳව ඉන්දියාවේ ඇතැම් ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයින් සැලකිය යුතු ප්‍රමාණයකින් දැනුවත්ව සිටි බව කැනඩාව සඳහන් කිරීමෙන් පසුව ඉන්දියාව සහ කැනඩාව අතර පැවති සබඳතා අවම මට්ටමකට පැමිණ තිබේ.

පසුගිය වසරේ ජූනි මාසයේදී සීක් බෙදුම්වාදී සහ කැනේඩියානු පුරවැසියෙකු වූ හර්දීප් සිං නිජ්ජාර් ඝාතනය කිරීම එම අපරාධය යි.

රටවල් දෙක ම දැනටමත් ඔවුනොවුන්ගේ ඉහළ ම රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දැඩි වාග් ප්‍රහාර එල්ල කිරීම් ද කර තිබේ.

දෙරට අතර සබඳතා දිනෙන් දින පළුදු වීම කැනඩාවේ වෙසෙන ඉන්දියානු ඩයස්පෝරාව සහ ශිෂ්‍ය ප්‍රජාව අතර කණස්සල්ලට හේතුවී තිබේ. බොහෝ දෙනෙක් කැනඩාවේ බ්‍රැම්ප්ටන්හි බීබීසී කණ්ඩායමක් සමග කතා කිරීමට බිය වූ අතර, ඊට හේතුව වූයේ ඔවුන්ගේ ස්ථිර පදිංචියට හෝ සංචාරක වීසා සම්බන්ධයෙන් ඇති වූ බිය යි.

මාධ්‍ය හමුවකදී කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ එරටින් නෙරපා හරින ලද ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් හැඳින්වූයේ, 'විමර්ශනයට අවශ්‍ය පුද්ගලයින්' ලෙස යි. ඔවුන් "කැනේඩියානු භූමියේ සාපරාධී ක්‍රියාකාරකම්වලට සහය දැක්වූවා,'' යනුවෙන් ද ඔහු චෝදනා කළේ ය.

ඉන්දියාවෙන් ද ඊට තියුණු විචෙනයක් එල්ල විය - අදාළ චෝදනා "අභූත චෝදනා" ලෙස ඉන්දියාව විසින් හඳුන්වනු ලැබීය. ටෲඩෝ රජය කැනඩාවේ වෙසෙන සීක් ඡන්දදායකයින් අතර "පක්ෂපාතී ඡන්දදායකයින් පිරිසක්" ඇති කර ගැනීමට කටයුතු කරමින් සිටින බවට ඉන්දියාව චෝදනා එල්ල කර තිබේ.

"මිනීමැරුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඉන්දීය ආණ්ඩුවේ ඒජන්තයින් සම්බන්ධ" බව පෙන්නුම් කරන "සාක්ෂි ලැබී ඇති" බවට කැනේඩියානු පොලිසිය පසුව මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.

මෙය සිදු වන්නේ ජූනි මාසයේ ඉතාලියේ පැවති G-7 සංසදයේදී සහ පසුගිය සිකුරාදා ASEAN සමුළුවට සමගාමීව ටෲඩෝ සහ මෝදි අග්‍රාමාත්‍යවරුන් එකිනෙකා මුණගැසුණු පසුබිමක් තුළ ය.

People standing on a rainy day outside gather to commemorate 'Sikh New Year' in Toronto (April 2023) ටොරොන්ටෝ හි 'සීක් අලුත් අවුරුද්ද' සැමරීමට මිනිසුන් රැස් වෙති (අප්‍රේල් 2023)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'සීක් අලුත් අවුරුද්ද' සැමරීමට ජනතාව ටොරොන්ටෝ වෙත රැස්වූ අවස්ථාවක් (අප්‍රේල් 2023)

සීක්වරුන් සහ කැනඩාව

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

770,000ට වැඩි ජනගහනයක් සහිත සීක් ප්‍රජාව, කැනඩාවේ ජනගහනයෙන් 2%කට වඩා වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන අතර ඔවුන් බලපෑම් කළ හැකි ඡන්දදායකයින් සමූහයකි.

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ වෙසෙන සීක් ප්‍රජාවට කැනඩාව ආකර්ෂණීය ගමනාන්තයක් වී ඇති අතර ගැටලුවකින් තොරව ප්‍රවේශ වීමේ පොරොන්දු ලබා දෙන සංචාරක නියෝජිතායතනවලින් කැනඩාව පිරී තිබේ.

කැනඩාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (NDP) මෙහෙයවනු ලබන්නේ, මෑතක් වන තුරු ම ටෲඩෝගේ ෆෙඩ්රල් ආණ්ඩුවට තීරණාත්මක සහයෝගය ලබා දුන් සීක් නායකයෙකු වන ජග්මීත් සිං විසිනි. සීක්වරුන් කැනඩාවේ ෆෙඩ්රල් කැබිනට් මණ්ඩලයේ කොටසක් වන අතර බොහෝ දෙනෙක් එහි පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති.

නමුත් ඉන්දියාව ඇතැම් ඉන්දියානු-කැනේඩියානු සීක් ප්‍රජාව සලකනු ලබන්නේ, සීක්වරුන්ට වෙන ම නිජබිමක් ඉන්දියාවේ බිහිකිරීම සඳහා වන ඛලිස්තාන් ව්‍යාපාරයේ සහකරුවන් ලෙස ය.

1980 දශකයේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ඛලිස්තාන් ව්‍යාපාරය එහි උච්චතම අවධියේ පැවති අතර, එම ප්‍රදේශයේ සිදුවූ ප්‍රචණ්ඩකාරී ප්‍රහාර මාලාවන් හේතුවෙන් පුද්ගලයින් දහස් ගණනක් මිය ගියහ.

මෙම ව්‍යාපාරයට එරෙහිව ඉන්දීය සන්නද්ධ හමුදා විශේෂ මෙහෙයුම් දියත් කිරීමෙන් පසු එහි ශක්තිය හීන වී ගියේ ය.

1984 ඔක්තෝබර් මාසයේදී අගමැති ඉන්දිරා ගාන්ධි ඝාතනය කිරීමෙන් පසු ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉන්දියානු හමුදාව අම්රිත්සාර්හි ශුද්ධ වූ සීක් දේවස්ථානය වන රන් දෙවොලට ආන්දෝලනාත්මකව කඩා වැදිණි.

මෙම සිද්ධිය ඇති වූයේ, 1984 වසරේදී ඉන්දියාවේ සීක් විරෝධී කැරලි හේතුවෙන් 3,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වීමට සමගාමීව ය.

ඓතිහාසික ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ යැයි විශ්වාස කරන සීක් බෙදුම්වාදීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉන්දියාව දිගින් දිගට ම කැනඩාවෙන් ඉල්ලා තිබිණි.

කැනඩාව එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇත්තේ තමන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ පුද්ගල නිදහස විශ්වාස කරන බව පවසමිනි.

A mural features the image of late Sikh leader Hardeep Singh Nijjar, who was slain on the grounds of the Guru Nanak Sikh Gurdwara temple in June 2023, in Surrey, British Columbia, Canada 2023 ජුනි මාසයේදී ගුරු නානක් සික් ගුරුද්වාරා දේවාල භූමියේදී මරා දමන ලද සීක් නායක හර්දීප් සිං නිජ්ජාර්ගේ රූපය කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ සරේ හි බිතු සිතුවමක දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මිය ගිය සීක් නායක හර්දීප් සිං නිජ්ජාර්ගේ රූපයක් සිතුවමෙහි දැක්වෙයි (සැප්තැම්බර් 2023)

නිජ්ජාර් යනු කවුද?

හර්දීප් සිං නීජාර් උපත ලැබුවේ, උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ජලන්දර් දිස්ත්‍රික්කයේ ය. 1997 දී තරුණයෙකු ලෙස ඔහු කැනඩාවට ගිය අතර එහිදී ඔහු විවාහ වී ඔහුට පුතුන් දෙදෙනෙකු සිටින අතර ජලනල කාර්මිකයෙකු ලෙස සේවය කළේ ය.

බ්‍රිට්‍රිෂ් කොලොම්බියා පළාතේ පදිංචිව සිටි ඔහු, සීක් ජාතිකයන් සඳහා වෙන ම නිජබිමක් වන ඛලිස්තානය නිර්මාණය කිරීම සඳහා හඬ නගන්නෙකු ලෙස ද නමක් දිනා ගෙන සිටියේ ය.

ඉන්දියාව ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර ඇති අතර, අනෙකුත් ක්‍රියාකාරකම් අතර, රට තුළ තහනම් සටන්කාමී කණ්ඩායමක් වන Khalistan Tiger Force (KTF) පිටුපස සිටින "මහ මොළකරු" ඔහු බවට ද චෝදනා එල්ල විය.

2007 වසරේදී කැනේඩියානු පුරවැසියෙකු බවට පත්වූ නිජ්ජාර්, බ්‍රිටිෂ් කොලොම්බියාවේ සීක් නිදහස වෙනුවෙන් සාමකාමීව පෙනී සිටි අයෙකු සහ ඔහුගේ ප්‍රජාව ගැන ගැඹුරින් සැලකිලිමත් වූ පුද්ගලයෙකු බව ඔහුගේ ආධාරකරුවෝ පවසති.

පසුගිය වසරේ ජූනි මාසයේ සවස් යාමයේ වැන්කුවර්හි උපනගරයක පිහිටි සීක් කෝවිලක පිටතදී අඳුරු පැහැති ඇඳුම් ඇඳ සිටි තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කරන විට ඔහු 45 හැවිරිදි වියේ පසු විය.

ඔහු මිය යන විට, බ්‍රිට්‍රිෂ් කොලොම්බියාවේ වෙසෙන සීක් ජාතිකයින් සඳහා ඉන්දියාවේ ස්වාධීන රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ජනමත විචාරණයක් සැලසුම් කරමින් සිටියේ ය. එය ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කර ගත් 'යුක්තිය සඳහා වන සීක්' කණ්ඩායම විසින් කරන ලද ගෝලීය ව්‍යාපාරයක කොටසක් වන අතර ඉන්දියාව එය තහනම් කර තිබේ.

පොලිසිය පැවසුවේ, නිජ්ජාර් එම ස්ථානයේදී ම මිය ගිය බව ය. ඔහුගේ ඝාතනයට සම්බන්ධ බවට එල්ල වන චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කරන අතර, අගමැති ටෲඩෝ එල්ල කරන චෝදනා "විකාරයක්" බව ද ඉන්දියාව පවසයි.

කණස්සල්ලට පත්වන අවස්ථා

පසුගිය දශක දෙක තුළ බටහිර ජාතීන් සමග ඉන්දියාවේ සබඳතා වැඩිදියුණු වී ඇති අවස්ථාවක, සතුරුකම් සමගින් ඉන්දියා-කැනඩා සබඳතාවල තියුණු කඩා වැටීම බොහෝ දෙනා පුදුමයට පත් කර ඇත.

ඉන්දියාව G-7 රටවල් සමග ආර්ථික, වෙළෙඳ සහ දේශපාලන සබඳතා පවත්වන අතර ඔවුන් මෑතකදී G-20 සමුළුවට සත්කාරකත්වය ලබා දුන්නේ ය. කැනඩාව G-7 කණ්ඩායමට අයත් රටක් මෙන් ම නේටෝ සාමාජිකයෙකු ද වන අතර ඉන්දියාව සිය සබඳතා ස්ථාවරව ගොඩනගාගෙන සිටින ඇමෙරිකා එක්සත් ජනපදය සමග ද ඔවුන් සමීප ආර්ථික හා යුද සබඳතා ගොඩනගා ගෙන සිටියි.

දශක දෙක හමාරකට පෙර කැනඩාවට සංක්‍රමණය වූ බ්‍රැම්ප්ටන්හි වෙසෙන සීක් ජාතික කරම්ජිත් සිං ගිල් විශ්වාස කරන්නේ, රටවල් දෙක ම ගන්නා තීරණවල ප්‍රතිවිපාක සිසුන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද විඳීමට සිදුවන බව ය.

"ඉන්දියානු රජයට තමන්ගේ ම ස්ථාවරයක් ඇති අතර ලබන වසරේ ෆෙඩ්රල් මැතිවරණ පැවැත්වීමට නියමිත කැනඩාවට තමන්ගේ ම ස්ථාවරයක් තියෙනවා. ඒත්, එහි ප්‍රතිවිපාක විඳීමට සිදු වන්නේ සාමාන්‍ය ජනතාවට යි," කරම්ජිත් සිං ගිල් පැවසීය.

U.S. President Biden and India's Prime Minister Modi meet with senior officials and CEOs of American and Indian companies, in Washington DC. එක්සත් ජනපද ජනාධිපති බිඩෙන් සහ ඉන්දීය අගමැති මෝදි වොෂින්ටන් ඩීසී හි ඇමරිකානු සහ ඉන්දියානු සමාගම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් හමුවිය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකානු ජනාධිපති බයිඩ්න් සහ ඉන්දීය අගමැති මෝදි වොෂින්ටන්හි ධවල මන්දිරයේදී (සැප්තැම්බර් 2024) හමුවූ අවස්ථාව.

The US angle ඇමෙරිකා එක්සත් ජනපද කෝණය

ඉන්දියාව සිය ස්වෛරීභාවය උල්ලංඝණය කළ බවට චෝදනා කරන එක ම රට කැනඩාව පමණක් නොවේ.

2023 සැප්තැම්බරයේදී, එක්සත් ජනපද පුරවැසියෙකු වන ගුර්පත්වන්ත් සිං පන්නු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට ඉන්දියානු ජාතික නිඛිල් ගුප්තාට එරෙහිව ඇමෙරිකාව විසින් ෆෙඩ්රල් අධිචෝදනා පත්‍රයක් නිකුත් කරන ලදී.

බෙදුම්වාදී ඛලිස්තානි නීතිඥයෙකු විසින් පටිගත කරන ලද වීඩියෝ පට හරහා ඉන්දියාවට එරෙහිව බොහෝ විට දොස් පවරා ඇත.

ඉන්දියාව මෙම කුමන්ත්‍රණ චෝදනා ප්‍රතික්ෂේප කර ඒ සඳහා විමර්ශනයට කමිටුවක් පිහිටුවා ඇත.

චීනය දෙස අවධානය යොමු කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සමග වන සිය සබඳතාව ප්‍රවේශමෙන් වර්ධනය කර ඇත. ඉන්දියාව බටහිර ජාතීන් සමග පවත්වන සබඳතා පැරණි හා ඓතිහාසික ය.

පකිස්තානය ද අතීතයේදී ඉන්දීය “ඒජන්තයින්” සිය රට තුළ “භෞමික හා නීවිරෝධී ඝාතන” සිදුකළ බවට චෝදනා කළේ ය.

2024 අප්‍රේල් මස පළවූ 'ද ගාඩියන්' පුවත්පත ප්‍රකාශ කළේ, ඉන්දියාව 2020 වසරේ සිට පකිස්තාන භූමියේදී නාඳුනන තුවක්කුකරුවන් යොදා ගනිමින් පුද්ගලයන් 20කට ආසන්න පිරිසක් ඝාතනය කර ඇති බව ය.

චෝදනා ඔප්පු කිරීමට අපහසු සංකීර්ණ වූ රහසිගත මෙහෙයුම් පිළිබඳ මෙම ප්‍රකාශ ඉන්දියාව ප්‍රතික්ෂේප කර ඇත.

එහෙත්, මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියට චෝදනා එල්ල වූ ලෝකයක දේශසීමා හරහා සිදුවූ ඝාතන චෝදනා අලුත් දෙයක් නොවේ.

“දිගු කලක් තිස්සේ ප්‍රතිවිපාක පිළිබඳ වූ භීතිය හේතුවෙන් ප්‍රධාන බලවතුන් පවා ඝාතන ක්‍රියාවලින් ඉවත් වී තිබුණා. නමුත් සීතල යුද්ධය අතරතුර, ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර වූ උණුසුම් යුද්ධයක සඳහා ආදේශකයක් ලෙස ඝාතන භාවිතා කිරීමට පටන් ගත්තා," ඉන්දියානු විශ්ලේෂක පී.කේ. බාලචන්ද්‍රන් ලියා තිබේ.

තවත් ඉන්දියානු විශ්ලේෂකයෙකු වන ආනන්ද කේ. සහායිට අනුව, මෝදීගේ නායකත්වය යටතේ ඉන්දියාවට ලෝකය නමැති වේදිකාව මත දැවැන්ත රංගනයක නිරත වීමට ජාතිකවාදයෙන් පිරුණු ආශාවක් තිබේ. නිජ්ජාර් සම්බන්ධයෙන් කැනඩාව සමග කටයුතු කිරීමේදී ඉන්දියාවේ ආක්‍රමණශීලී පිළිවෙත තේරුම් ගැනීමට එය උපකාරී වේ.

“අපි මේ රටවල් දෙකට ම සංවේදීව බැඳී සිටින බැවින් මෙය සමතයකට පත් කර ගන්නා ලෙස අපි රටවල් දෙකේ ම රජයයන්ට ආයාචනා කර සිටිනවා," යැයි බ්‍රැම්ප්ටන්හි පදිංචි කරම්ජිත් සිං ගිල් පැවසුවේය.

“යමෙක් අභාවප්‍රාප්ත වී සීමා පනවන්නේ නම් එය දෙවියන් වහන්සේ තහනම් කරනු ඇත. ඉන්, ඉන්දියාවේ සහ කැනඩාවේ සංචාරය කිරීම දුෂ්කර වනු ඇත.''