කන්කසන්තුරේ සිට නැවෙන් ඉන්දියාවට යන්න අවශ්‍ය දෑ මොනවා ද?

ඉන්දු - ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව වසර 41 කට පසුව පසුගිය 14 වැනිදා ආරම්භ කිරීමත් සමග මෙරට බොහෝ දෙනෙක් නැවෙන් ඉන්දියාවට යාමේ අපේක්ෂාවෙන් පසුවෙති.

යාපනය, කන්කසන්තුරය සිට දකුණු ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය දක්වා වන මගී ප්‍රවාහන නැව් සේවාව මැයි 13 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කන්කසන්තුරය වරාය මෙහෙයුම් භාර නිළධාරි සමන් පෙරේරා පැවසූවේ කන්කසන්තුරය සිට නාගපට්ටිනම් දක්වා වන නැව් ගමන් සේවාව ආරම්භ කිරීමට නියමිත අතර, ඒ සඳහා වන ප්‍රවේශපත් ලබාදීම මේ වන විට ප්‍රවේශපත් අලෙවි නියෝජිත ආයතන විසින් ආරම්භ කොට ඇති බව ය.

ඉන්දු ලංකා මගී නැව් ගමන් සේවාව 2023 ඔක්තෝම්බර් මස 14 වැනිදා සිට ඔක්තෝම්බර් මස 23 වැනිදා දක්වා පළමු අදියරේදී ක්‍රියාත්මක කළ අතර, ඊසාන දිග මෝසම් වර්ෂාව හේතුවෙන් නෞකා ගමන් සේවාව තාවකාලිකව නතර කර තිබුණි.

ඉන්දු - ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව වසර 41 කට පසුව 2023 ඔක්තෝම්බර් මස 14 වැනිදා ආරම්භ කිරීමත් සමග මෙරට බොහෝ දෙනෙක් නැවෙන් ඉන්දියාවට යාමේ අපේක්ෂාවෙන් පසුවූහ.

මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක වන්නේ දකුණු ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය සිට යාපනය,කන්කසන්තුරය වරාය දක්වාය.

මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක වන්නේ දකුණු ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය සිට යාපනය,කන්කසන්තුරය වරාය දක්වාය.
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක වන්නේ දකුණු ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය සිට යාපනය,කන්කසන්තුරය වරාය දක්වාය.

නැවෙන් ඉන්දියාවට යාමට පෙර පළමුවෙන් කළ යුතු දේවල් මොනවා ද?

යාපනය සිට ඉන්දියාවට නැවෙන් ගමන් ගැනීමට අපේක්ෂා කරන ඔබ පළමුව කළ යුත්තේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් ඉන්දියාවට ඇතුළු විම සඳහා වීසා ලබා ගැනීමයි. නාවික ගමන් සේවාව සඳහා වන වීසා අයදුම්පත සම්පූර්ණ ලියවිලි සමඟ ලබාදුනහොත් දින තුනක් ඇතුළත ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් වීසා පහසුකම් ලබා ගැනීමට හැකියාව පවතින බව යාපනයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

වීසා ලබාගන්නා අයෙකු මෙම මගී යාත්‍රා සේවයෙන් ඉන්දියාවට යෑම සඳහා ටිකට් ලබා ගතයුතු අතර, ඉන්දියාවට යෑමට හා නැවත මෙරට ඒමට රුපියල් 53500 ක ප්‍රවේශපත්‍ර ගාස්තුවක් අය කෙරේ.

ඉන්දියාවට යෑමට පමණක් රුපියල් 27000 ක මුදලක් වැය වන බව ටිකට්පත් අලෙවි නියෝජිතායතන සඳහන් කළ අතර, මගියෙකුට කිලෝග්‍රෑම් 50 ක උපරිමයකට යටත්ව ගමන්මළු රැගෙන යාමට හැකියාව ලැබෙයි.

new customs bldg
ඡායාරූප ශීර්ෂ වැකිය, කන්කසන්තුරය ධීවර වරාය ආශ්‍රිතව ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයයක් ද ස්ථාපනය කොට ඇත

මගී යාත්‍රාව පිටත්වන වේලාව හා වරායට පැමිණිය යුතු වේලාව

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මගී නෞකාව ඉන්දියාවේ, නාගපට්ටිනම් වරායෙන් උදැසන 8.00 ට යාපනය බලා ගමන් ඇරඹීමට නියමිත අතර, ඉන්දියාවෙන් නැව් නැගීමට අපේක්ෂා කරන පුද්ගලයින් උදැසන 5.00 ට ගමන් මළු පරීක්ෂා කිරීමට නාගපට්ටිනම් වරාය වෙත පැමිණිය යුතු වේ.

ඉන්දියාවේ සිට මගීන් රැගෙන එන නෞකාව උදැසන 11.00 ට යාපනය,කන්කසන්තුරය වරාය වෙත පැමිණීමට නියමිත අතර, මුහුදේ තත්ත්වය මත වෙලාවේ යම් වෙනසක් විය හැකි බව සමන් පෙරේරා සඳහන් කළේය.

කන්කසන්තුරය වරාය සිට ඉන්දියාවේ නාගපට්ටිනම් දක්වා වන නෞකා ගමන පස්වරු 2.00 ට ආරම්භ කිරීමට සැළසුම් කොට ඇති අතර, නෞකාවෙන් ගමන් කිරීමට අපේක්ෂිත පුද්ගලයින් පෙරවරු 9.30 ට පමණ සිය ගමන් මළු පරීක්ෂාව වෙනුවෙන් වරාය පරිශ්‍රයට පැමිණිය යුතුය.

කන්කසන්තුරය වරාය පරීශ්‍රයේදී මගීන්ගේ ගමන් මළු පරීක්ෂා කිරීම හා අනෙකුත් සේවාවන් අවසන් කිරීමෙන් අනතුරුව ඉන්දියාවේ සිට පැමිණෙන නැවට මගීන් නැංවීම කරන බවද සමන් පෙරේරා සඳහන් කළේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරි කාර්යාලය, ආගමන විගමන කාර්යාලය, රේගු පරීක්ෂක කාර්යාල, විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකක කාර්යාලය වැනි ආයතන රැසක් කන්කසන්තුරය වරාය පරීශ්‍රය තුළ ස්ථාපිත ඇත.

ඒ ආයතන සියල්ල හරහා වන සේවාවන් කන්කසන්තුරය වරාය පරිශ්‍රය තුළ ක්‍රියාත්මක වන බවද වරාය මෙහෙයුම්භාර නිළධාරිවරයා පැවසීය.

දකුණු ඉන්දියාවේ පවතින සුප්‍රසිද්ධ කෝවිල් නැරඹීම වෙනුවෙන් ශ්‍රී ලාංකික සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි තමිල්නාඩු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු ඉන්දියාවේ පවතින සුප්‍රසිද්ධ කෝවිල් නැරඹීම වෙනුවෙන් ශ්‍රී ලාංකික සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි තමිල්නාඩු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

අතීතයේ පැවති ඉන්දු ලංකා නෞකා සේවය

අතීතයේ සිට ඉන්දියාව හා ලංකාව අතර නෞකා සේවාවන් පවත්වා තිබු අතර, ශ්‍රී ලංකාව තුළ යුද ගැටුම් ආරම්භ වීමත් සමඟ 1982 වසරේ සිට ඉන්දු ලංකා මගී නෞකා සේවය නවතා තිබිණ.

යුද්ධයෙන් අනතුරුව නැවත වතාවක් දෙරට අතර මගී නෞකා සේවාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් 2011 වසරේ ගිවිසුම්ගත වු අතර, විවිධ බාධා හේතුවෙන් මගී නෞකා සේවය ආරම්භ කිරීමට නොහැකිවිය.

දකුණු ඉන්දියාවේ පවතින සුප්‍රසිද්ධ කෝවිල් නැරඹීම වෙනුවෙන් ශ්‍රී ලාංකික සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි තමිල්නාඩු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

“මට දැන් මගේ නැදෑයෝ බලන්න කෙලින්ම ඉන්දියාවට යන්න පුළුවන්”

වවුනියාව ප්‍රදේශයේ පදිංචි එම්.මරියදාස් ඉන්දු - ලංකා මගී නැව් සේවය ආරම්භ කිරීම සම්බන්ධයෙන් පැවසූවේ මෙවැන්නකි.

“මම වවුනියාවේ පදිංචිවෙලා හිටියාට මගේ නැදැයෝ ගොඩාක් දෙනෙක් ඉන්දියාවේ ආරනි ප්‍රදේශයේ තිබෙන අවතැන් කඳවුරුවල තවමත් ජීවත්වෙනවා.යුද්ධයෙන් අවතැන්වෙලා ගියපු පවුල් රැසක් තවමත් ඉන්දියාවේ ආරනි ප්‍රදේශයේ ඉන්නවා.යාපනයේ ඉඳලා නාගපට්ටිනම්වලට නැව් සේවය ආරම්භ කරපු එක ගැන මට ගොඩාක් සතුටුයි.”

“දැන් අපිට චෙන්නායි දක්වා නැවෙන් යන්න පුළුවන්.යාපනයට ගිහිල්ලා එතනින් කෙලින්ම ඉන්දියාවට යන්න පුළුවන්.ඒක ලොකු පහසුවක්.

නැත්නම් අපි කටුනායකට ගිහිල්ලා,එතනින් ප්ලෙන් එකකින් තමයි චෙන්නායිවලට යන්න ඕනේ.එහෙම යනවාට වඩා කෙලින්ම නාගපට්ටිනම්වලට නැවෙන් යන්න ලැබෙන එක වාසියක්.”

“මට දැන් මගේ නැදෑයෝ බලන්න කෙලින්ම ඉන්දියාවට යන්න පුළුවන්.යාපනයේ ඉදලා ඉන්දියාට යන එක අපිට ලේසියි.” ඔහු සඳහන් කළේය.