2020-2023 දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති යුද සහ පර්යේෂණ නෞකා මොනවාද?

ෂි යැන් 6

ඡායාරූප මූලාශ්‍රය, Xinhua

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නැවතත් අසල්වැසි ඉන්දියාවේ අවධානය යොමුව තිබේ. ඒ ලබන ඔක්තෝම්බර් මාසයේදී මෙරටට තවත් චීන පර්යේෂණ නෞකාවක් පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වීමත් සමගයි.

ෂි යැන් 6 නැමති අදාළ චීන පර්යේෂණ නෞකාවට දිවයිනට පැමිණීම සඳහා වන අවසරය ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබාදී ඇති බව අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලීන් හේරත් බීබීසි සිංහල කළ විමසීමකදී තහවුරු කළේය.

මෙවන් පසුබිමක ශ්‍රී ලංකාවට ඉකුත් තෙවසරක කාල සීමාව තුළ පැමිණි ඇති යුද සහ පර්යේෂණ නෞකා මොනවා ද යන්න සම්බන්ධයෙන් බීබීසි සිංහල සොයා බැලීමක් කළේ ය.

ෂි යැන් 6 නැමති අදාළ චීන පර්යේෂණ නෞකාවට දිවයිනට පැමිණීම සඳහා වන අවසරය ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබාදී ඇති බව අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලීන් හේරත් බීබීසි සිංහල කළ විමසීමකදී තහවුරු කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Xinhua

ඡායාරූප ශීර්ෂ වැකිය, ෂි යැන් 6 නැමති අදාළ චීන පර්යේෂණ නෞකාවට දිවයිනට පැමිණීම සඳහා වන අවසරය ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබාදී ඇති බව අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලීන් හේරත් බීබීසි සිංහල කළ විමසීමකදී තහවුරු කළේය.

මෙරටට පැමිණිමට අවසර ලබා ගන්නේ කෙසේ ද?

විදෙස් රටකට අයත් යුද හෝ පර්යේෂණ නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවසර ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් බීබීසි සිංහල , ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විමසීමක් කළේය.

ඊට පිළිතුරු දෙමින් නාවික හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂක කැප්ටන් ගයාන් වික්‍රමසුරිය පැවසුවේ යාත්‍රාව අයත් රාජ්‍යය එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඊට අදාළ අවසරය ලබා ගත යුතු බවයි.

"යුද හෝ පර්යේෂණ නෞකාව අයත් රටෙන් කරනු ලබන ඉල්ලීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දීමක් කරනවා."

"ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය නාවික හමුදාවෙන් විමසීමක් කරනවා. මේ සියලු පියවර සම්පුර්ණ කිරීමෙන් අනතුරුවයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ අවසරය ලබා දෙන්නේ."

"එසේ කිරීමේ දී අනුගමනය කළ යුතු තවත් ක්‍රියා පටිපාටි කිහිපයක් තිබෙනවා.විදේශ රටකට අයත් යුද නෞකාවක් මෙරට වරායකට ඇතුල්වීමේදී එය පිළිගනු ලබන්නේ නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකුලවයි." නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසීය.

විදෙස් යාත්‍රා පැමිණිම්

මෙරටට පැමිණි යුද හා පර්යේෂණ නෞකා මොනවාද ?

මෙරටට පැමිණි පර්යේෂණ නෞකා අතර මහත් ආන්දෝලනයට තුඩු දුන් චීනයේ යුවාන් වැන්ග් 5 නෞකාව (YUAN WANG 5) ද ඇතුලත්ව වේ.

2020 වසරේදී මෙරටට යුද නෞකා 43ක් පැමිණ ඇති අතර ඉන් නෞකා 15ක් ඉන්දියාවෙන් ද ,තවත් නෞකා 09 ක් ජපානයට අයත් බව ද නාවික හමුදාව විසින් ලබා දුන් දත්ත වල සඳහන් වේ.

මෙරටට පැමිණි පර්යේෂණ නෞකා අතර මහත් ආන්දෝලනයට තුඩු දුන් චීනයේ යුවාන් වැන්ග් 5 නෞකාව (YUAN WANG 5) ද ඇතුලත්ව වේ.

එමෙන්ම 2021 වසරේදී මෙරටට පැමිණි යුද නෞකා සංඛ්‍යාව 36ක් වන අතර ඉන් නෞකා 12ක් අයත් වන්නේ ඉන්දියාවටය.

මේ අතර එම වර්ෂයේදී රුසියාවට අයත් B-274 සහ B-603 යන විශාල ප්‍රමාණයේ සබ්මැරින් දෙකක් කොළඹ වරයාට පැමිණ ඇත.

2022 වසරේදී යුද නෞකා 31ක් මෙරටට පැමිණ ඇති අතර ඉන් නෞකා 14ක් අයත් වන්නේ ඉන්දියාවටය.

මේ අතර 2023 වසරේ මේ දක්වා යුද නෞකා 16ක් පැමිණ ඇති අතර ඉන් නෞකා 04ක් ඉන්දියාවට අයත් වන අතර නෞකා තුනක් ඇමෙරිකාවට අයත් වේ.

වැඩිම යුද නෞකා සංඛ්‍යාවක් පැමිණි රට

ඉන්දීය නාවික හමුදාවට අයත් INS “VAGIR” නම් සබ්මැරීනය කොළඹ වරයාට පැමිණි බව නාවික හමුදාව විසින් බීබීසි සිංහල වෙත නිකුත් කළ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.

නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා පවසන්නේ ශ්‍රී ලංකාවට විදේශීය යුද නෞකා පැමිණීමේදී ආර්ථිකයට ද යම් වාසියක් හිමිවන බව ය.

"යුද නෞකා කොළඹ වරායට පැමිණියාට පසුව එහි සිටින නාවික නිලධාරීන් නගරය දැක බලා ගැනීමට සහ භාණ්ඩ ආදිය මිලදී ගැනීම සිදුකරනවා. ඒ අනුව එතැනින් රටේ ආර්ථිකයට යම් ඩොලර් ප්‍රමාණයක් ලැබෙනවා." ඔහු පැවසුවේ ය.