ඇමෙරිකාව ඩොනල්ඩ් ට්‍රම්ප්ට දෙවන අවස්ථාවක් දුන්නේ ඇයි?

Republican presidential nominee former President Donald Trump, Melania Trump and Barron Trump, arrive to speaks at an election night watch party, Wednesday, Nov. 6, 2024, in West Palm Beach, Fla.

ඡායාරූප මූලාශ්‍රය, AP

    • Author, සාරා ස්මිත්
    • Role, උතුරු ඇමෙරිකා සංස්කාරක

මෙය නිසැකව ම ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ වඩාත් ම නාට්‍යානුසාරී පුනරාගමනය ලෙස සැලකිය හැකි ය.

ධවල මන්දිරයෙන් පිටව ගොස් වසර හතරකට පසු, දෙවන අවස්ථාවක් ලබා දීමට මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ වෙත ආපසු යාමට සූදානමින් සිටී.

මැතිවරණ ව්‍යාපාරය ඉතිහාස පොතකට කරුණු සපයයි: ඔහු ඝාතන උත්සාහයන් දෙකකින් දිවි ගලවා ගත් අතර ඔහුගේ මුල් ප්‍රතිවාදියා වූ ජනාධිපති ජෝ බයිඩ්න් මැතිවරණ දිනයට මාස කිහිපයකට පෙර තරගයෙන් ඉවත් විය.

අවසාන ඡන්ද තවමත් ගණන් කරමින් පවතින නමුත්, ප්‍රධාන තරගකාරී ප්‍රාන්තවල ඇමෙරිකානුවන්ගෙන් බහුතරය ඔහුට ඡන්දය දීමට තීරණය කළ අතර, බොහෝ දෙනෙක් ආර්ථිකය සහ සංක්‍රමණ යන විෂයයන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වූහ.

Supporters watch returns at a campaign election night watch party for Republican presidential nominee former President Donald Trump at the Palm Beach Convention Center, Wednesday, Nov. 6, 2024, in West Palm Beach, Florida

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකා ඉතිහාසයේ ධවල මන්දිරයට ආපසු තේරී පත්වූ දෙවන ජනාධිපතිවරයා බවට ට්‍රම්ප් පත්විය.

ඔහුගේ ජයග්‍රහණය සිදු වූයේ, දරුණු කඩා වැටීමකින් පසුව ය. ඔහු බයිඩ්න්ට පරාජය වූ 2020 මැතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කළ අතර, ධූරයේ රැඳී සිටීම සඳහා ජනාධිපතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීම සඳහා ඔහු ගත් උත්සහය අදටත් විමර්ශනයට ලක් වේ.

2021 ජනවාරි 6 වන දින ප්‍රචණ්ඩකාරී ප්‍රහාරයක් දියත් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. තව ද, ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් වරදකරු වීමෙන් පසු ධූරයේ රැඳී සිටියදී අපරාධයකට වරදකරු වූ පළමු ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඔහු ඉතිහාසයට එක් විය.

ඔහු ක්ෂේත්‍ර කිහිපයක නිරත වන චරිතයක් වන්නේ මන්දැයි බැලීම අපහසු නැත.

උමතු විහිළු කරමින් සහ ඔහුගේ දේශපාලන සතුරන්ට එරෙහිව සිය ප්‍රචාරණ ව්‍යාපාරය පුරා ම ට්‍රම්ප් මතභේදාත්මක වචන භාවිත කළේ ය.

ආර්ථිකය පිළිබඳ ඔහුගේ පණිවිඩය ජනතාවට ස්පර්ශ විය

ට්‍රම්ප් සම්බන්ධයෙන් ගත් කල මැද මාවතක් ඇත්තේ ස්වල්ප දෙනෙකුට ය. මෙම ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර මා කතා කළ බොහෝ ඡන්ද දායකයින් කියා සිටියේ, "ඔහුගේ හැකර කට වහනවාට" ඔවුන් කැමති බව ය.

ඒ වෙනුවට, ඔවුන් අවධානය යොමු කළේ ඔහු සෑම රැලියකදී ම ඇසූ ප්‍රශ්නය කෙරෙහිය. "මීට වසර දෙකකට පෙර ඔබ සිටියාට වඩා දැන් ඔබට හොඳ ද?

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්දය දුන් බොහෝ දෙනෙකු මට නැවත නැවතත් පැවසුවේ, ඔහු බලයේ සිටින විට ආර්ථිකය වඩා හොඳ යැයි ඔවුන්ට හැඟුණු බවත්, ඔවුන් ජීවත් වීමට ගත් උත්සහය නිසා ඔවුන් අසනීප වූ බවත් ය. උද්ධමනයට බලපෑ ප්‍රධාන හේතුව කොවිඩ් වසංගතය වැනි බාහිර බලවේග වුව ද, ඔවුන් බලයෙන් ඉවත්ව යන පරිපාලනයට දොස් පවරන ලදී.

බයිඩ්න් යටතේ වාර්තාගත මට්ටමක් කරා ළඟා වූ නීතිවිරෝධී සංක්‍රමණ පිළිබඳව ඡන්ද දායකයින් ද දැඩි කනස්සල්ලට පත්ව සිටියහ. ට්‍රම්ප් සහ ඔහුගේ ආධාරකරුවන් ප්‍රකාශ කළ පරිදි, ඔවුන් සාමාන්‍යයෙන් ජාතිවාදී අදහස් ප්‍රකාශ කිරීමක් නොකළ අතර සංක්‍රමණිකයන් මිනිසුන්ගේ සුරතල් සතුන් අනුභව කරන බව විශ්වාස කළේ නැත.

Former US President and Republican presidential candidate Donald Trump looks on during a campaign rally at site of his first assassination attempt in Butler, Pennsylvania on October 5, 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ආර්ථිකය සහ සංක්‍රමණ පිළිබඳ ට්‍රම්ප්ගේ පණිවිඩය ඡන්ද දායකයින්ගේ හදවත් ස්පර්ශ කළේ ය.

ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය සඳහා 'පළමුව ඇමෙරිකාව' සටන් පාඨය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

“පළමුව ඇමරිකාව” යනු ට්‍රම්ප්ගේ තවත් සටන් පාඨයක් වූ අතර එය සැබවින් ම ඡන්දදායකයින්ට සංජානනය වන බවක් පෙනෙන්නට තිබිණි. රට පුරා මිනිසුන් යුක්රේනයට ආධාර කිරීම සඳහා ඩොලර් බිලියන ගණනක් වියදම් කිරීම පිළිබඳව මැසිවිලි නගන්නේ එම මුදල් රට තුළ වියදම් කිරීම වඩා හොඳ යැයි සිතන හෙයිනි.

අවසානයේදී, බයිඩ්න්ගේ උපජනාධිපති ලෙස වසර හතරක් සේවය කළ හැරිස්ට ඡන්දය දීමට ඔවුන්ට නොහැකි විය. හැරිස්ගේ පාලනය බයිඩ්න්ගේ පාලනයට සමාන වනු ඇතැයි ඔවුන් විශ්වාස කළ අතර ඔවුන්ට වෙනසක් අවශ්‍ය විය.

වෙනස වැඩි වශයෙන් නියෝජනය කළ අපේක්ෂකයා මීට වසර හතරකට පෙර බලයේ සිටීම මෙම මැතිවරණයේ එක් උත්ප්‍රාසයක් විය හැකි ය. නමුත් එදා සහ අද අතර වෙනස්කම් කිහිපයක් තිබේ.

2016 දී ඔහු ප්‍රථම වරට බලයට පත්වන විට දේශපාලනයට පිටස්තරයෙකු වූ අතර, අවම වශයෙන් මඳ වේලාවක් ප්‍රවීණ දේශපාලන උපදේශකයින් සහ කාර්ය මණ්ඩලය ඔහු වටා එක්ව ඔහුට සීමාවන් පෙන්වා ඔහුගේ ක්‍රියාවන්ට සීමා පැනවූහ. දැන් ඔහු නීතිරීති අනුව ක්‍රියා කිරීමට එතරම් උනන්දුවක් නොදක්වයි.

මෙම උපදේශකයින් සහ කාර්ය මණ්ඩලය බොහෝ දෙනෙකු ඔහු "බොරුකාරයෙකු", "ෆැසිස්ට්වාදියෙකු" සහ "නුසුදුසු පුද්ගලයෙකු" ලෙස හඳුන්වයි. පක්ෂපාතී පුද්ගලයින් ඔහු වටකර ගන්නේ නම්, ඔහුගේ වඩාත් ආන්තික අදහස්වලින් ඔහුව වළක්වන්නට කිසිවෙකු නොසිටින බවට ඔවුන් අනතුරු අඟවා ඇත.

ඔහු ධූරයෙන් ඉවත් වූ විට, කැපිටල් කෝලාහලයේ ඔහුගේ භූමිකාව, ජාතික ආරක්ෂාවට අදාළ ලිපි ලේඛන හැසිරවූ ආකාරය සහ අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීම සම්බන්ධයෙන් අපරාධ චෝදනාවලට ඔහු මුහුණ දුන්නේ ය.

 A demonstrator stands outside the E. Barrett Prettyman US Courthouse in Washington, DC, on August 3, 2023, ahead of the arraignment of former US President Donald Trump

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප්ගේ නීතිමය ප්‍රශ්න කෙරෙහි ඇමෙරිකානු ඡන්දදායකයින් ඔහුට ධවල මන්දිරයට යාම සඳහා නැවත ඡන්දය දීමේදී සැලකිල්ලක් දැක්වූයේ නැත

එහෙත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ධූරයේ නිල ක්‍රියාවන් සම්බන්ධයෙන් නඩු පැවරීමේදී ජනාධිපතිවරයාට සම්පූර්ණ මුක්තිය ඇති බවට තීන්දු කරනු ලැබ ඇති බැවින්, මීළඟ පාලන කාලය තුළ ඔහුට චෝදනා කිරීම ඕනෑ ම නීතිඥයෙකුට බරපතළ අභියෝගයක් වනු ඇත.

ජනාධිපතිවරයා ලෙස, ජනවාරි 6 කැරැල්ලට අදාළව ඔහුට එරෙහි ෆෙඩරල් චෝදනා ඉවත් කරන ලෙස අධිකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් දිය හැකි ය, එබැවින් ඔහුට සිර දඬුවමක් ගැන කරදර විය යුතු නැත. ඒ අතර ම, කැපිටල් කෝලාහලයේ වරදට සිර දඬුවම් නියම වූ සිය ගණනකට සමාව දීමට ඔහුට හැකි වනු ඇත.

අවසානයේ, ඡන්ද දායකයින්ට ඇමෙරිකාවේ මතවාද දෙකක් ඉදිරිපත් කරන ලදී.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද දායකයින්ට පැවසුවේ, ඔවුන්ගේ රට අසාර්ථක රටක් බවත්, එය නැවත ශ්‍රේෂ්ඨත්වයට පත් කළ හැක්කේ ඔහුට පමණක් බවත් ය.

මේ අතර, හැරිස් අනතුරු ඇඟවූයේ ට්‍රම්ප් තේරී පත් වුවහොත් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය පැවැත්මේ තර්ජනයකට මුහුණ දෙනු ඇති බව ය. එය එසේ වේවි දැයි දැක ගැනීමට කාලය ඉතිරිව ඇත. එහෙත්, ට්‍රම්ප් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී තමන් විසින් ම පවසන ලද දෙයින් මිනිසුන්ගේ භීතිය සම්පූර්ණයෙන් සමනය කර නැත.

A shot of an empty room at Kamala Harris's campaign central

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රට වෙනුවෙන් කමලා හැරිස්ගේ යෝජනා ඡන්ද දායතයෝ ප්‍රතික්ෂේප කරති

ඔහු රුසියාවේ ව්ලැඩිමීර් පුටින් සහ උතුරු කොරියාවේ කිම් ජොන් උන් වැනි ඒකාධිපති නායකයින්ට ප්‍රශංසා කර ඇති අතර, ඔවුන් "ඔබ කැමති වුවත් නැතත් ඔවුන් සිය භූමිකාවන්හි ඉහළින් ම සිටින" බව ඔහු පැවසීය.

මාධ්‍ය තුළ විවේචකයින් නිහඬ කිරීමට උත්සහ කිරීම ගැන ඔහු කතා කර ඇත. මැතිවරණයට දින කිහිපයකට පෙර ඔහු මාධ්‍යවේදීන් ඝාතනය කළ ද තමන් ඒ පිළිබඳව තැකීමක් නොකරන බව අඟවන අදහස් ද පළ කළේ ය.

මැතිවරණය අවසානයේ ඔහුගේ ජයග්‍රහණයට මග පෑදුව ද - ඔහු කුමන්ත්‍රණ න්‍යායන් සහ මැතිවරණ වංචා පිළිබඳ පදනම් විරහිත ප්‍රකාශයන් අඛණ්ඩව අවධාරණය කර තිබේ.

දැන්, ඡන්ද දායකයින් “ට්‍රම්ප් ට්‍රම්ප් වීම” වැනි ඔහු ප්‍රචාරක ව්‍යාපාරයේදී පැවසූ දේවලින් කොපමණ සංඛ්‍යාවක් හුදෙක් වචනවලට සීමා වූ කතා ද යන්න සොයා ගනු ඇත. මතක තබා ගන්න: ට්‍රම්ප්ගේ දෙවන වාරයේදී යථාර්ථයට මුහුණ දිය යුත්තේ ඇමරිකානුවන් පමණක් නොවේ.

“පළමුව ඇමරිකාව” යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි සෙසු ලෝකය දැන් සොයා ගනු ඇත. එක්සත් ජනපද ආනයන මත ඔහු යෝජනා කර ඇති 20% තීරුබදුවල ගෝලීය ආර්ථික ප්‍රතිවිපාකවල සිට කවුරුන් ජයග්‍රහණය කළ ද යුක්රේනයේ සහ මැද පෙරදිග යුද්ධ දක්වා සියල්ල අවසන් කිරීමට ඔහු ප්‍රතිඥා දී ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළ ඔහුගේ සියලු සැලසුම් ක්‍රියාත්මක කිරීමට සමත් වූයේ නැත. දැන් දෙවන අවස්ථාව සහ සැලකිය යුතු ලෙස අඩු බරක් සහිතව, ඇමෙරිකාව සහ ලෝකය ඔහුට සැබවින් ම කළ හැකි දේ දකිනු ඇත.