කොල්හාපූර්හි 'මරණ මංචකයෙන් නැගිට්ට' සීයාට ඇත්තටම සිදුවූයේ කුමක් ද ?

Pandurang Ulpe
    • Author, ප්‍රියංකා ජැග්ටප්
    • Role, බීබීසී මරාති

පුද්ගලයෙකු මිය ගිය බව වෛද්‍යවරයෙකු විසින් ප්‍රකාශ කොට, අවමංගල්‍ය කටයුතු සඳහා කටයුතු සුදානම් කරමින් තිබියදී, එම පුද්ගලයා තවමත් ජීවතුන් අතර සිටින පෙන්වමින් සිරුර හදිසියේම සෙලවුණහොත් ?

මෙම කම්පන සහගත සිදුවීම සිදුව තිබෙන්නේ ඉන්දියාවේ කොල්හාපූර් හිදීයි.

කෙසේවෙතත්, මෙම සිද්ධියේ බරපතලකම ද ඒ හා සමාන ය. එය ආශ්චර්යයක් ලෙස ප්‍රකාශ කරන අතරම වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වේ.

එම සම්පූර්ණ සිදුවීම කුමක් දැයි අපි මෙම පුවතෙන් දැන ගනිමු.

කොල්හාපූර්, කස්බා-බව්ඩා ප්‍රදේශයේ විසු වයෝවෘද්ධ පුද්ගලයෙකු තම මරණයෙන් 'නැවත' පැමිණිම ගැන සෑම තැනකම පුවත් පළවිය.

මෙම සිදුවීමෙන් පසු එම ප්‍රදේශය තුළ එක් අතකින් විමතිය පළවෙමින් පවතින අතර අනෙක් පැත්තෙන් මේ පුවත මාධ්‍ය තුළද වේගයෙන් වෛරල් වෙමින් තිබේ.

මිය ගිය වයෝවෘද්ධ පුද්ගලයා නැවත ජීවත්වීම ආශ්චර්යයක් බව සියලුදෙනා පවසයි. නමුත් ඇත්ත වශයෙන්ම එය ප්‍රාතිහාරයක් ද නැතහොත් වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල ද යන්න ප්‍රශ්නයකි.

චිත්‍රපටියක දර්ශනයක් බඳු වූ මෙම සිදුවීමට මුහුණ දුන්නේ, 65 හැවිරිදි පණ්ඩුරං උල්පේ නම් වයෝවෘද්ධ පුද්ගලයා ය. ඔහු අභාවප්‍රාප්ත වූ බව සිතූ පවුලේ අය අවසන් කටයුතු සඳහා සූදානම් වෙමින්, සියලුම ඥාතීන්ටද ඒ බව දැනුම් දෙන ලදී.

පණ්ඩුරං උල්පේ ඔහුගේ අවසන් කටයුතු සඳහා රෝහලෙන් නිවසට රැගෙන යමින් සිටින අතර වාරයේදී ඔහුගේ සිරුර චලනය වන අයුරු දුටු පවුලේ අය නැවත ඔහුව රෝහලට ගෙන ගිය අතර එහිදී ඔහු ජීවතුන් අතර සිටින බව අනාවරණය විය.

රෝහලෙන් ඔහුට ප්‍රතිකාර කළ අතර සීයා සම්පූර්ණ සුවය ලබා දැන් යළි නිවසට පැමිණ ඇත.

"සීයාගේ ජීවිතය අනතුරේ, ඔහුගේ ඥාතීන්ට කතා කර ඔහුව නැවත ගෙදර ගෙන යන්න" යැයි වෛද්‍යවරුන් ඔවුන්ට පැවසූ බව පණ්ඩුරං උල්පේගේ පවුලේ සාමාජිකයින් පවසයි. කෙසේවෙතත් ඔවුන් රෝහල හෝ වෛද්‍යවරයාගේ නම හෙළි කිරීම ප්‍රතික්ෂේප කරයි.

මෙහිදී දිස්ත්‍රික් ශල්‍ය වෛද්‍යවරුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවසා ඇත්තේ නොසැලකිලිමත්භාවයක් සිදුව ඇති බවට පැමිණිල්ලක් ලැබුණහොත් පියවර ගත හැකි බව‍යි.

ඇත්තටම පණ්ඩුරං උල්පේ අජෝබාට සිදුවුයේ කුමක්ද ? මෙම සිද්ධියේදී නොසැලකිලිමත්කමක් සිදුවී තිබේද? ඇත්තටම සිදුවුයේ කුමක්ද? ඒ පිළිබඳව අපි සොයා බලමු.

'ප්‍රංජෝත් මැරෙනවා කියලා' වෛද්‍යවරයා කිව්වා.

පණ්ඩුරං උල්පේගේ මුනුපුරා වන ඕම්කාර් රමානේ මෙම සිදුවීම සම්බන්ධයෙන් බීබීසී මරාති වෙත සියලු තොරතුරු ලබා දුන්නේය.

දෙසැම්බර් 16 වැනිදා සවස පණ්ඩුරං උල්පේට තරමක අසනීපයක් දැනෙන්නට විය. මේ හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් සවස 6.30 ට පමණ ඔහුව ප්‍රතිකාර සඳහා ගංගාවේෂ් හි පිහිටි පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් තිබිණි.

65-year-old Pandurang Ulpe 65 හැවිරිදි පණ්ඩුරං උල්පේ
ඡායාරූප ශීර්ෂ වැකිය, 65 හැවිරිදි පණ්ඩුරං උල්පේ

වෛද්‍යවරයා පැවසුවේ සීයාට හෘදයාබාධයක් වැළඳී ඇති බවයි. පණ්ඩුරං උල්පේගේ තත්ත්වය බරපතළ විය. රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවත් ඔහුගේ තත්ත්වය නරක අතට හැරුණි. එබැවින් ඔහුගේ එකම දියණිය සහ බෑනා රෝහලට කැඳවනු ලැබීය.

මේ අතර ප්‍රතිකාර සිදුවෙමින් තිබියදී පණ්ඩුරං උල්පේ ගේ සිරුරේ චලනයන් සම්පුර්ණයෙන් නතර වූ අතර ඔහුගේ හෘද ස්පන්ධනය ද නතර විය. ඕම්කාර්ට අනුව, පණ්ඩුරං උල්පේට ප්‍රතිකාර කරනු ලැබූ වෛද්‍යවරයා විසින් රෝගියාගේ බිරිඳට දැනුම් දී ඇත්තේ රාත්‍රී 12.30 ට පමණ ඔහු ජීවිතය හැර ගිය බවයි.

මියගිය පණ්ඩුරං උල්පේව නිවසට රැගෙන යන ලෙස වෛද්‍යවරයා ද දැනුම් දුන්නේය. 17 වෙනිදා මධ්‍යම රාත්‍රියේ පවුලේ අය පණ්ඩුරං උල්පේව ගිලන් රථයකින් නිවසට රැගෙන යන විට ඔහුගේ සිරුරේ චලනය සම්පූර්ණයෙන්ම නතර වී තිබිණි.

ඔහුගේ අවමංගල්‍ය සඳහා ඥාතීන්ද කටයුතු ආරම්භ කර තිබුණි. සියලු ඥාතීන්ට සමුදීමක් ද සිදු කෙරිණි.

සියල්ල වෙනස් කළ වේග බාධක බම්පරය

Pandurang Ulpe
ඡායාරූප ශීර්ෂ වැකිය, පණ්ඩුරං උල්පේ
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පණ්ඩුරං උල්පේගේ අවමංගල්‍ය කටයුතු සඳහා නිවසේ කටයුතු සූදානම් වෙමින් තිබියදී ඔහුගේ ඥාතීන් ඔහුව ගිලන් රථයකින් නිවසට රැගෙන යමින් සිටියේය. නමුත් පසුව සිදු වූ දෙයක් නිසා සියල්ල වෙනස් විය.

උල්පේ රැගත් ගිලන් රථය එක්වරම මාර්ගයේ තිබු වේග බාධක බම්පරයක ගැටී ඇත. ඒ සමග පණ්ඩුරංගේ අප්‍රාණික සිරුර සෙලවෙන්නට විය. ඉන් මොහොතකට පසු ඔහුගේ මුණුපුරා වන ඕම්කාර් රමානේ විසින් සිය සීයාගේ ඇඟිලි සෙලවෙන අයුරු දුටුවේය.

ඕම්කාර් පැවසුවේ තම සීයාගේ ඇඟිලි චලනය වන බව දුටු විගස ඔහු ළඟ තිබූ ඔක්සිමීටරයෙන් ඔහුගේ ශරීරයේ ඔක්සිජන් මට්ටම පරීක්ෂා කළ බවයි. ඉන් පසු, තම සීයා ජීවතුන් අතර සිටින බව දැනගත් වහාම ඔහු වහාම ගිලන් රථය කස්බා බව්ඩා හි ඩී.වයි. පටිල් රෝහල වෙත යොමු කළේය.

රෝහලේ වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් දැරූ අතර මේ හේතුවෙන් දෙසැම්බර් 17 වැනිදා සවස 3 ට උල්පේට පියවි සිහිය ලැබුණි. එතැන් සිට ප්‍රතිකාර ලබමින් සිටිය ඔහු සම්පූර්ණ සුවය ලබා දෙසැම්බර් 30 වැනිදා නැවත තම නිවසට පැමිණි අතර ඒ අවස්ථාවේදී ඔහුව මහත් උනන්දුවෙන් පිළිගනු ලැබ තිබේ.

ඔහු නිවසට පැමිණීමෙන් පසු ඔහුගේ වීඩියෝව සහ සම්පූර්ණ කතාව සමාජ මාධ්‍ය තුළ වෛරල් විය.

නමුත් ඔහුව පළමුව ගෙන ගියේ කුමන රෝහලටද, ඔහු මියගොස් ඇති බව කීවේ කුමන වෛද්‍යවරයාද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් ලබා දීමට පවුලේ අය සූදානම් නැත.

කෙසේ වෙතත්, දිස්ත්‍රික් ශල්‍ය වෛද්‍යවරයා (සිවිල් ශල්‍ය වෛද්‍යවරයා) පැවසුවේ මෙය නොසැලකිලිමත්කමෙන් සිදුවූවක් බවයි.

සිවිල් ශල්‍ය වෛද්‍යවරයා පැවසුවේ කුමක්ද?

පණ්ඩුරං උල්පේගේ සිද්ධියේ සත්‍යය කුමක්දැයි දැන ගැනීමට බීබීසී මරාති, කොල්හාපූර් සිවිල් ශල්‍ය වෛද්‍ය සුප්‍රියා දේශ්මුක් සම්බන්ධ කර ගන්නා ලදී. මේ සම්බන්ධයෙන් පණ්ඩුරං උල්පේගේ පවුලේ අයගෙන් තොරතුරු විමසා සිටි බව ඇය පැවසුවාය.

"පණ්ඩුරං උල්පේගේ ECG හි සරල රේඛාවක් දිස් වූ පසු අදාළ වෛද්‍යවරුන් විසින් ඔහු මිය ගිය බව ප්‍රකාශ කළ බව ඕම්කාර් රමානේ අපට ලියා තිබෙනවා," වෛද්‍ය දේශ්මුක් පැවසුවාය.

කෙසේ වෙතත්, නීතිරීතිවලට අනුව කිසිදු රෝගියෙකු මිය ගිය බව ක්ෂණිකව දැනුම් නොදෙන බව ඔහු පැවසීය. ඕනෑම රෝගියෙකු ඔහුගේ මරණයෙන් පැයකට පසුව මිය ගිය බව ප්‍රකාශ කරයි. එතෙක් රෝගියාට විවිධ හදිසි ප්‍රතිකාර ලබා දෙන බවද ඔහු පැවසීය.

Pandurang Ulpe
ඡායාරූප ශීර්ෂ වැකිය, පණ්ඩුරං උල්පේ

"උල්පේ අජෝබාගේ සිදුවීමේ දී මේ වගේ දෙයක් කරලා නැහැ. ඒ වෙනුවට ඔහු මිය ගිය බව ප්‍රකාශ කර රෝහලට ගෙන ආ ගිලන් රථයේම දමා නැවත ඔහුගේ ඥාතීන් වෙත භාරදී යවා තිබෙනවා," වෛද්‍ය දේශ්මුක් පැවසුවාය.

මෙම සිදුවීමේ දී අදාළ වෛද්‍යවරයාගේ නොසැලකිල්ලක් සිදුවී තිබේද? බීබීසීය මේ පිළිබඳ විමසීමක් සිදු කරන ලදී. "අදාළ වෛද්‍යවරයා ගේ අතින් සිදු වූ ප්‍රධාන වැරදි දෙකක් තිබෙනවා. පළමු වැරැද්ද නම් හෘද ස්පන්දනය නොමැතිවීම නිසා රෝගියා වහාම මිය ගිය බව ප්‍රකාශ කිරීමත්, දෙවන වැරැද්ද මියගිය බව සිතුවද, මරණ පරීක්ෂණයක් සිදුනොකරම ඔහුගේ නිවසට නැවත සිරුර යොමු කිරීම.' මෙයට වෛද්‍ය දේශ්මුක් කරුණු පැහැදිළි කළේය.

මරණයට නිශ්චිත හේතුව සොයා ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් අත්‍යාවශ්‍ය බව පවසන වෛද්‍ය දේශ්මුක් මරණ සහතිකයක් ලබා නොදී හෘද ස්පන්දනය නැවතී ඇති බව පවසමින් පණ්ඩුරං උල්පේ යළි නිවසට යැවීම බරපතළ වරදක් බව සඳහන් කළේය.

ඔහුට නැවත සිහිය පැමිණියේ කෙසේ ද?

එය එසේ නම් පණ්ඩුරං උල්පේට සිහිය ලැබුණේ කෙසේ දැයි බීබීසීය වෛද්‍ය දේශ්මුක්ගෙන් ද විමසා සිටියෙමු.

"හෘදයාබාධයකින් පසු හදවත හදිසියේම නතර වනවා. එවැනි අවස්ථාවක හදවත නැවත ආරම්භ කිරීමට අපි රෝගියාට හෘද සම්බාහනය හෝ එන්නතක් ලබා දෙනවා" යනුවෙන් ඇය පැවසුවාය.

ගිලන් රථය වේග මාපක බාධකය මතින් ගමන් කිරීමත් සමඟ පණ්ඩුරං උල්පේ කම්පනයට පත් වූ අතර, එම කම්පනය හේතුවෙන් ඔහුගේ හදවත නැවත පණ ගැන්වෙන්නට ඇතැයි ඇ ප්‍රකාශ කළාය.

මේ අතර, පණ්ඩුරං උල්පේ මියගොස් ඇති බව ප්‍රකාශ කළ වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති අතර රෝහලෙන් අදාළව කටයුතු කර නොමැති බවද පැවසේ. රෝහලේ නම හෙළි කිරීම ද පවුලේ අය ප්‍රතික්ෂේප කර ඇත.

පවුලේ ජ්‍යෙෂ්ඨයා මරණ මංචකයෙන් ගොඩ ඒම පවුලට පුදුමයකි. නමුත් මාර්ගයේ වේග බාධකය නොතිබුණානම්? යන ප්‍රශ්නයත් තිබේ. එබැවින් 'එම' වෛද්‍යවරයාගේ නොසැලකිල්ල හේතුවෙන් එම පවුලට විශාල දුකක් ගෙනෙන්නට ඇත.