'හමාස් ග්‍රහණයේ පැය හයක්' - ඔක්තෝබර් 7 හමාස් ඊශ්‍රායල හමුදා කඳවුර වෙත කඩා වැදුණේ කොහොමද ?

Graphic depiction of Hamas storming Nahal Oz on 7 October - gunman can be seen running and a base watchtower is visible ඔක්තොම්බර් 7 වන දින හමාස් නාහාල් ඕස් වෙත කඩා වැදීමේ ග්‍රැෆික් නිරූපනය - කඳවුරේ පිහිටි මුර අට්ටාලය දෙසට තුවක්කුකරු දුවමින් සිටින ආකාරය දෘෂ්‍යමාන වේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ඔක්තෝබර් 7 වන දින හමාස් නාහාල් ඕස් වෙත කඩා වැදීම: කඳවුරේ පිහිටි මුර අට්ටාලය දෙසට තුවක්කුකරු දුවමින් සිටින ආකාරය පෙන්වන ග්‍රැෆික් සටහනක්
    • Author, ඇලිස් කඩි
    • Role, ජෙරුසලම

ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරයෙන් වසරක් ගත වී ඇතත් රටේ බලගතු හමුදාවේ කඩා වැටීම සහ ආරක්ෂාවේ බිඳ වැටීම ගැන මෙන්ම ඊශ්‍රායල ඉතිහාසයේ මාරාන්තිකම දිනය ගැන තවමත් දැඩි ලෙස ප්‍රශ්න අසමින් තිබේ.

ගාසා තීරයේ දේශසීමාව ආරක්‍ෂා කළ එක් හමුදා කඳවුරක සිදු වූ දේ ගැන පවුල්වලට ලබා දුන් වාර්තා බීබීසීය අසා දැන ගෙන ඇත.

ඔක්තෝබර් 7 වන දා උදේ හමාස් තුවක්කුකරුවන් විසින් නාහාල් ඕස් කඳවුර ආක්‍රමණය කරන ලද අතර ඊශ්‍රායල් සොල්දාදුවන් 60කට වැඩි පිරිසක් මිය ගොස් තවත් පිරිසක් ප්‍රාණ ඇපයට ගනු ලැබීය.

එදින එහි සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ඊශ්‍රායල හමුදාව තවමත් සිය නිල විමර්ශනය ප්‍රකාශයට පත් කර නොමැති නමුත් ඔවුන් දැනටමත් එහිදී මියගිය අයගේ ඥාතීන් දැනුවත් කර ඇති අතර ඇතැමුන් එම තොරතුරු බීබීසීය සමඟ බෙදාගෙන ඇත.

එදින සිදු වූ දේ පිළිබඳ ඊශ්‍රායල හමුදාවේ නිල තොරතුරු දැන ගැනීමට අපට ඇති ආසන්නතම අවස්ථාව මෙය යි.

සිදුවීම් එකට එකතු කිරීමට තවදුරටත් කළ උත්සාහ කිරීමේදී, දිවි ගලවා ගත් අය සමඟ අප කතා කළ අතර, මියගිය අය විසින් ඔවුන් මිය යාමට පෙර එවන ලද පණිවිඩ, ප්‍රහාරය සිදු වූ ආකාරය විස්තර කරන හඬ පටවලට සවන් දීම ආක්‍රමණයේ වේගය සහ රුදුරු බව පිළිබඳ චිත්‍රයක් ගොඩනඟා ගැනීමට උපකාරී විය.

බීබීසීයට හමු වූ දෑ

  • දේශසීමා කැමරා නිරීක්ෂණය කිරීමේ කාර්යයේ නිරත වූ තරුණියන් පමණක් නොව කඳවුරේ බොහෝ සොල්දාදුවන් විසින් ඔක්තෝබර් 7 ට පෙර සැක කටයුතු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කොට තිබේ.
  • ප්‍රහාරයට දින කිහිපයකට පෙර හමාස් ක්‍රියාකාරකම් හදිසියේ නැවැත්වීම සොල්දාදුවන් නිරීක්ෂණය කර ඇත.
  • එහි සිටි බොහෝ ඊශ්‍රායල හමුදා නිරායුධව සිට ඇති අතර ප්‍රහාරයක් එල්ල වූ විට නිල ප්‍රොටෝකෝලවල සොල්දාදුවන් ඉදිරි වලල්ලට යනවා වෙනුවට පිටුපස සිට තිබේ.
  • ඇතැම් නිරීක්ෂණ උපකරණ ක්‍රියා විරහිත වී හෝ හමාස් සංවිධානයට පහසුවෙන් විනාශ කිරීමට හැකි වි තිබේ.

අප විසින් රැස් කර ඇති තොරතුරු මඟින් ගැටලු මතු කර තිබේ - දේශසීමා ආසන්නයේ පිහිටි කඳවුරක සීමිත සොල්දාදුවන් පිරිසක් පමණක් සන්නද්ධ වූයේ ඇයි, ලැබුණු බුද්ධි තොරතුරු සහ අනතුරු ඇඟවීම්වලට ප්‍රතිචාර දැක්වීමට වැඩි යමක් නොකළේ ඇයි, අතිරේක භට පිරිස් වලට පැමිණීමට එතරම් කාලයක් ගත වූයේ කෙසේද යන්න ඇතුළුව සහ කඳවුරේ වූ යටිතල පහසුකම් එහි සිටි පුද්ගලයින්ව අනාරක්ෂිතභාවයට පත් කළා ද යන්නයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අපි අපගේ සොයාගැනීම් ඊශ්‍රායල් ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කළ අතර, ඊට ප්‍රතිචාර දැක්වූවන් පැවසුවේ "නාහාල් ඕස් හි සිදුවීම් ඇතුළුව ඔක්තෝම්බර් 7 වෙනිදා සිදුවීම් සහ ඊට පෙර පැවති තත්ත්වයන් පිළිබඳ ගැඹුරු විමර්ශනයක්"සිදු කෙරෙමින් පවතින බවය.

ඔක්තෝබර් 7 වන දින අලුයම 04:00 ට, ෂැරොන් - ඇගේ සැබෑ නම නොවේ - ගාසා දේශසීමා බාධකයේ සිට කිලෝමීටරයක් ​​පමණ දුරින් පිහිටි නාහාල් ඕස් හි ඇගේ සේවා මුරය ආරම්භ කළේය.

ඇය කඳවුරේ කාන්තා හමුදා ඒකකයේ සාමාජිකාවක වූවාය - එය හෙබ්‍රෙව් භාෂාවෙන් ටස්පිටනියෝට් ලෙස හැඳින්වෙන අතර ඔවුන්ගේ කාර්යභාරය වූයේ ආරක්‍ෂිත පවුරේ ඇති කැමරාවලට හසු වන සජීවී දර්ශන නිරීක්ෂණ කිරීමයි.

සේවා මුර අනුව කඳවුරේ පිහිටි යුධ කාමරයේ හෙවත් හමාල්හි සේවය කරන කාන්තාවක අඛණ්ඩව තිර ඔස්සේ ගාසා දෙස බලා සිටි‍යාය.

දැඩි ආරක්ෂක නියෝග වලට යටත් වන හමාල් යනු ඝන දොරකින් සහ පිපිරුම් වලට ඔරොත්තු දෙන බිත්ති වලින් සමන්විත ජනේල රහිත කාමරයකි.

එදින කඳවුරේ සිටි බොහෝ හමුදා නිලධාරීන් නිරායුධව සිටි බව ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව විසින් එම පුද්ගලයින්ගේ පවුල්වලට පවසා ඇත.

ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවේ මෙහෙයුම් අංශයේ හිටපු ප්‍රධානියා වන ජෙනරාල් ඊශ්‍රායල් සීව් බීබීසීය වෙත පැවසුවේ ඔහුගේ සේවා කාලය තුළ දේශසීමා ප්‍රදේශවල කිසි විටෙකත් නිරායුධ සොල්දාදුවන් නොසිටි බවයි.

“ ඒකේ කිසිම තේරුමක් නැහැ... සොල්දාදුවෙක් යනු ආයුධයක්." ඔහු පැවසීය.

එදින නාහාල් ඕස් හි සන්නද්ධ කාර්ය මණ්ඩලයට ඊශ්‍රායල් හමුදාවෙ හි ගෝලානි බලකායේ පාබල සෙබළුන්ගේ ඒකකයක් ඇතුළත් විය.

දේශසීමා බාධකයෙන් එපිට සැක කටයුතු ක්‍රියාකාරකම් උත්සන්න වීමක් ටස්පිටනියෝට් විසින් නිරීක්ෂණය කර ඇති බව බීබීසීය මීට පෙර වාර්තා කර ඇත, නමුත් මෙම සිදුවීම් කඳවුරේ සිටි විවිධ ඒකකවලට අයත් අනෙකුත් සොල්දාදුවන් විසින් ද බෙදා ගත් බව අපි දැන් තහවුරු කර ඇත්තෙමු.

Two photos together - screengrabs from a Hamas training video showing military operations close to the border fence. ඡායාරූප දෙකක් එකට - දේශසීමා වැට ආසන්නයේ හමුදා මෙහෙයුම් පෙන්වන හමාස් පුහුණු වීඩියෝවක තිර සටහන්.

කෙසේ වුවත්, ඔක්තෝබර් 7 වනදාට දින කීපයකට පෙර, සිදුවීම් වල නිහඬ බවක් ඇතිවිය.

"අපිව බය කරන මොනවත් එකේ තිබ්බේ නෑ" කඳවුරේ සිටි එක් පාබල හමුදා සොල්දාදුවෙක් සිය මතකය අවදි කළේය. "මොනවහරි අමුතු දෙයක් ගැන හැඟීමක් හැමෝමටම දැනීලා තිබ්බත්, ඒ ගැන කිසි තේරුමක් තිබුණේ නෑ."

සිදුවෙමින් පවතින දේ ග්‍රහණය කර ගැනීමට ඊශ්‍රායල් ආරක්ෂක අංශ අසමත් වීම "හමාස් ප්‍රහාරයක් එල්ල නොවනු ඇති බවත්, ඔවුන් ඒ සඳහා එඩිතර නොවනු ඇති බවත්, එසේ වුව ද ඔවුන්ට ඊට හැකියාවක් නැති බවත් " යන සිතුවිල්ල ආරෝපණය කර ගත් "ඉහළ අහංකාරකමක්" බව ජෙනරාල් සීව් පැවසීය.

"අපි 6 වෙනිදා නිදාගන්න ගියේ එතන පුසෙක් ඉන්නවා කියලා හිතාගෙන, අපි 7 වෙනිදා ඇහැරුණාම එතැන හිටියේ කොටියෙක්."

උදෑසන 05:30 ට, ගෝලානි ඒකකයේ හමුදා සාමාජිකයින් ආරක්‍ෂිත වැටේ ඊශ්‍රායලය දෙසින් ජීප් රථයකින් මුර සංචාරයක් ආරම්භ කිරීමට සූදානම් විය. එය ඔවුන් සෑම උදෑසනකම එළිය වැටීමට පෙර කළ කාර්යයක් විය. එහෙත් යුද ටැංකි නාශක මිසයිල තර්ජනයක් හේතුවෙන් මුර සංචාරය ප්‍රමාද කරන ලෙස තමන්ට ප්‍රධානීන් උපදෙස් දුන් බව ඔවුන්ගෙන් තිදෙනෙක් බීබීසීයට පවසා ඇත.

“අනතුරු ඇඟවීමක් තිබුණා. වැටට ආසන්නයේ වූ මාර්ගයේ යන්න තහනම් කළා” එක් අයෙක් එම සිදුවීම ගැන සිහිපත් කරයි.

ගෝලානී භට කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු වූ 21ක් හැවිරිදි ෂිමෝන් මල්කා පැවසුවේ එවැනි අනතුරු ඇඟවීමක් අසාමාන්‍ය වුවත් එවැන්නක් අසා නැති බැවින් ඔවුන් ඒ ගැන මඳක් සිතා බැලූ බව යි.

Selfie photo of IDF infantry soldier Shimon Malka. He has short brown hair, is wearing glasses and has a small beard on his chin. He is holding his mobile phone taking selfie in a mirror. IDF පාබල සොල්දාදුවෙකු වන ෂිමන් මල්කාගේ සෙල්ෆි ඡායාරූපය. ඔහු කෙටි දුඹුරු හිසකෙස් ඇති, කණ්නාඩි පැළඳ සිටින අතර ඔහුගේ නිකට මත කුඩා රැවුලක් ඇත. ඔහු තම ජංගම දුරකථනය ආධාරයෙන් කැඩපතකින් සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටී.
ඡායාරූප ශීර්ෂ වැකිය, IDF පාබල හමුදා සොල්දාදුවෙකු වන ෂිමන් මල්කා: “අපිට ඒක තවත් එක් දවසක් විතරයි. මට මතකයි 6 ට කිව්වා සෙනසුරාදා නිසා අපි ආපහු නිදාගමු කියලා"

ජෙනරාල් සීව් පවසන්නේ මෙවැනි සැකකටයුතු ප්‍රහාර වලදී සෙබළුන් ඉවත් කර තැබීම ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවේ සම්මත නියෝගය වන අතර එමඟින් ඔවුන් “ඉලක්කයක් ලෙස නිරාවරණය වීම වැළැක්විය හැකි” බවයි. එහෙත්, ඔහු පවසන්නේ, "හමාස් එය තේරුම් ගෙන ඔවුන්ගේ වාසියට එය යොදා ගත්" බවයි.

ගෝලානි සාමාජිකයින්ට ආරක්ෂිතව ප්‍රතිචාර දැක්විය හැකි ස්ථාන වලින් කඳවුර සමන්විත විය යුතු බව ඔහු පැවසීය.

" නොපෙනෙන තැනක සැඟවී හිදිමින් ඔවුන්ට සිය අරමුණට ප්‍රතිචාර දැක්වීමට සොල්දාදුවන්ට ඉතා සරල ක්‍රම තිබෙනවා" ඔහු පැවසීය.

වැටෙන් ඈත්ව ගෝලානි රැඳී සිටින විට, හමාස් සටන්කාමීන් එහා මෙහා යන ආකාරය ෂැරොන් දුටුවේය. නමුත් එය සාමාන්‍ය දෙයක් මිස වෙන කිසිවක් පෙනෙන්නට නොතිබුණි - "ඔවුන්ටත් සේවා මුර තියෙනවා."

06:20 Rocket attack 06:20 රොකට් ප්‍රහාරය

පෙරවරු 06:20 වන විට හමාස් රොකට් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත, නැවතත් ෂැරොන් පැවසුවේ එය ක්ෂණිකව තැතිගන්වන සුළු දෙයක් නොවන බවයි - ඇය මීට පෙර රොකට් ප්‍රහාරවලට මුහුණ දී ඇති අතර කඳවුර ඊට එරෙහිව හොඳින් ආරක්ෂා වී තිබුණි.

"එය සාමාන්‍යයෙන් මිනිත්තු පහක ප්‍රහාරයක් සහ ඊට පස්සේ විවේකයක්," ඇය පවසයි.

නමුත් එම වතාවේ විවේකයක් තිබුණේ නැත.

06:30 Hamas storm towards the fence 06:30 හමාස් බලාත්කාරයෙන් ආරක්‍ෂිත වැට දෙසට

පෙරවරු 06:30 ට පමණ, හමාස් සාමාජිකයින් සමීප වීමට පටන් ගත් බව තමාට පෙනුණු බව ෂැරොන් පැවසුවේය.

භුමියේ සිටින භට පිරිස් වෙත ඒ බව දැනුවත් කිරීම සඳහා ටස්පිටනියෝට් රේඩියෝ පණිවුඩ නිකුත් කළේය.

“සියලුම ස්ථාන වෙත, හතර දෙනෙක් වැට ළඟට දුවනවා,තොරතුර ලැබුණාද ,” "මම වැට ළඟට දුවන ආයුධ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගන්නවා, තොරතුර ලැබුණාද."එක් තරුණියක් නිවේදනය කළ අතර, ඇගේ කටහඬ මදක් වෙව්ලමින් තිබිණ.'

Two maps of Nahal Oz base - one showing it's proximity to the border fence (770 metres) - the other showing its layout with an outer wall and two guard towers marked. නාහාල් ඕස් කඳවුරේ සිතියම් දෙකක් - එකක් මායිම් වැටට (මීටර් 770) සමීප බව පෙන්නුම් කරයි - අනෙක පිටත බිත්තියක් සහ ආරක්ෂක කුළුණු දෙකක් සහිත එහි පිරිසැලසුම පෙන්වයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, නාහාල් ඕස් කඳවුරේ සිතියම් දෙකක් - එකක් මායිම් වැටට (මීටර් 770) සමීප බව පෙන්වයි - අනෙක පිටත බිත්තියක් සහ ආරක්ෂක කුළුණු දෙකක් සහිත එහි සැලැස්ම පෙන්වයි.

එම මොහොතේදීම ෂිමොන්ට ඔහුගේ රේඩියෝව හරහා රොකට් ප්‍රහාරයක් සඳහා භාවිතා කරන කේත වචන ඇසුණි. ඔහුගේ අණ දෙන නිලධාරියා නියෝග කළේ ජීප් රථයෙන් බැස නේමර් ලෙස හැඳින්වෙන ඊශ්‍රායල සන්නද්ධ හමුදා භට පිරිස් ප්‍රවාහනය කරන රථයට ගොඩ වී වැට දෙසට යන ලෙසයි.

නමුත් ඔහුට කිසිදු ආක්‍රමණයක් පිළිබඳව දැක ගත නොහැකි වූ අතර එය පුහුණුවක් පමණක් යැයි උපකල්පනය කළේය.

ඊශ්‍රායල් ආරක්ෂක අංශ මෙන්ම එරට පුරා සිටින ජනතාව විසින් දිගු කලක් පුරාවට කිසි විටක ඇතුල් විය නොහැකි යැයි දුටු ඒ යකඩ පවුර සහ ඊට ආසන්නයේ වූ කඳවුරු බිඳ වැටීම ගැන වාර්තා කිරීමට පටන් ගත්තේය.

නාහාල් ඕස් හි සේවා මුරයේ යෙදී සිටි ටස්පිටනියෝට් ඒකකයේ සෑම අයෙකුම ඔවුන් නිරීක්ෂණය සඳහා වගකිව යුතු මායිම් වැටේ දෙවන ස්ථානයේ සිට පස්වන ස්ථානය දක්වා බිඳ වැටීම දුටු බව ෂැරොන් පවසයි. හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට ඇතුළු වන ආකාරය ඔවුහු බලා සිටියහ.

ජෙනරල් සීව් පවසන්නේ ප්‍රහාරකයින් වැට තරණය කළ ආකාරයෙන් නොබිඳිය හැකි යැයි හැඟෙන බාධකයේ දෝෂ පෙන්නුම් කළ බවයි.

“ඔයා දැක්ක විදියට , ට්‍රක් රථ දෙකකට වුණත් ඇවිත් ඒක තල්ලු කරන්න පුළුවන්. කරදර වෙන්න දෙයක් නැහැ. එතන මීටර් 50ක් 60ක බිම් බෝම්බ අතුරලා තිබ්බ නම් හමාස්ලව පැය කිහිපයක් ප්‍රමාද කරන්න තිබුණා.”

බීබීසීය සමඟ තොරතුරු බෙදාගත් පවුල් වෙත ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව ලබා දුන් තොරතුරු වලට අනුව පෙරවරු 06:40 ට මොහොතකට පෙර, නාහාල් ඕස් හි නිරීක්ෂණ ස්ථානයකට රොකට්ටුවක් වැදී ඊට හානි වී තිබේ.

කඳවුරේ මර්මස්ථානයක් වන හමාල් විසින් ඉලක්ක ගත වෙඩික්කරුවන් සේවයට යොද වූ බවත්, දේශසීමාව තරණය කිරීමට උත්සාහ කරන තුවක්කුකරුවන්ට දුරස්ථව වෙඩි තැබීමට නිලධාරියෙකු උත්සාහ කළ බවත් ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව පවුල්වලට පවසා තිබේ.

පාබල හමුදා නිලධාරීන් ද හමාල්හි සිටි ටස්පිටනියෝට් සමඟ එක් විය. එක් අණ දෙන නිලධාරියෙක් ඇගේ පැළඳ සිටි රාත්‍රී ඇඳුමින් පැමිණි බව ෂැරොන්ට මතක ය.

තුවක්කුකරුවන් නිරීක්ෂණ කැමරාවලට දිගින් දිගටම වෙඩි තැබීමත් සමඟ හමාල්හි නිරීක්ෂණ තිර අඳුරු වීමට පටන් ගත්තේය.

දේශසීමා දිගේ වූ මෙම නිරීක්ෂණ කැමරාවන්ට පැහැදිලිව පෙනෙන පරිදි හමාස් සංවිධානය මීට සති කිහිපයකට පෙර ක්‍රියාත්මක වූයේ "ඒවා සාමාන්‍යකරණය" කිරීමේ උපායශීලී ක්‍රමයකට බව ජෙනරාල් සීව් පවසයි.

ටස්පිටනියෝට් රාජකාරි කළ ස්ථානයේ සිට මීටර 100ක් එපිටින්, එදින උදෑසන එම ස්ථානයේ සිටි ඊශ්‍රායල් හමුදාවේ නිරීක්ෂණ බැලූන් නිලධාරින් පස්දෙනාගෙන් කෙනෙකු වූ අල්රෝයි, රොකට් සහ සයිරන් හඬින් අවදි වී ඇති බව ඔහුගේ පියා වන රෆි බෙන් ෂිට්‍රිට් බීබීසීය වෙත පැවසීය.

ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් පසුව එදින සිදු වූ දේ පිළිබඳව ඇල්රෝයිගේ පවුලට මූලික විමර්ශනයේ තොරතුරු ලබා දුන්නේය.

නාහාල් ඕස් හි ඇති බැලූනය ගාසා තීරයේ ඈතින් පෙනෙන දේ පිළිබඳව දර්ශනයක් ලබා දුන් අතර එය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක විය යුතුව තිබේ.

නමුත් ඔක්තෝබර් 7 වන දින දේශසිමා මායිම දිගේ ක්‍රියාත්මක බැලුන් තුනෙන් එකක් ක්‍රියාත්මක නොවීය.

IDF observation balloon pictured in 2021. It looks like a blimp or airship with three large fins at the rear. 2021 වසරේ දී IDF නිරීක්ෂණ බැලූනයක පින්තූරය. එය පිටුපස විශාල වරල් තුනක් සහිත බ්ලිම්ප් හෝ ගුවන් යානයක් මෙන් පෙනේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2021 දී ඡායාරූප ගත කරන ලද IDF නිරීක්ෂණ බැලූනය

"නාහාල් ඕස් වල තිබ්බ බැලූන් එක වැඩ කළේ නෑ, කවුරුත් ඒ ගැන කණස්සල්ලට පත් වුණේ නෑ , ඒක ඉරිදා හරි ගස්සනවා කියලා අපිට දන්වලා තිබුණා," බෙන් ෂිට්‍රිට් පවසයි.

‘ඒකේ තිබ්බේ මේ වගේ තත්වයක්' : "හමාස් වැළක්වන්න පුළුවන් , යමක් සිදු වුණොත් ඒක ත්‍රස්තවාදී ආක්‍රමණයක් හෝ ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙන්න පුළුවන්."

එහි තිබුනේ මෙවන් තත්ත්වයක් : "හමාස් වැළැක්විය හැකියි, යමක් සිදු වුවද එය ත්‍රස්තවාදී ආක්‍රමණයක් හෝ ත්‍රස්තවාදී කණ්ඩායමක්.'"

නිරීක්ෂණ ස්ථානයට ආපසු පැමිණි ෂැරොන් භුමියේ සිටින සොල්දාදුවන් සමඟ පැවති හැඟීම් හේතුවෙන් කලබලකාරී ලෙස අදහස් හුවමාරු කර ගත්තාය.

"මම ඇඬන එකයි, නිවේදනය යි දෙකම එකට කළේ," ඇය පවසයි.

පැවති කලබලකාරී තත්ත්වය මධ්‍යයේ ඇතැම් තරුණියන්ගේ අවධානය ගිලිහී යෑම නිසා අණදෙන නිලධාරියා "නිශ්ශබ්ද වෙන ලෙස පවසා කෑ ගැසූ බව" ඇයට මතකය.

වැට අසලදී, තමන්ට සන්නිවේදන උපකරණ මගින් ලද උපදෙස් අනුගමනය කළ බව ෂිමොන් පැවසුවේය. තමන්ට ඇසෙන තරුණියගේ කටහඬ මෙතරම් කලබලකාරී වූයේ මන්දැයි ඔහුට තේරුම් ගත නොහැකි විය.

"මට ඒ ආතතිය දැනුණා, ඒත් මට කිසිදෙයක් පෙනුණේ නෑ"

ටස්පිටනියෝට් ඔවුන්ව යොමු කළ ස්ථානයට ඔහුගේ ඒකකය ළඟා වූ විට, හමාස් ට්‍රක් රථ ආරක්‍ෂිත වැට කඩාගෙන පැමිණෙමින් තිබු ආකාරය ඔහු දැක තිබුණි.

“එයාලා අපට වෙඩි තියන්න පටන් ගත්තා. ට්‍රක් රථ පහක් විතර ආවා "

සොල්දාදුවන් පෙරළා වෙඩි තබා යතුරුපැදිවල සිටි අය මතින් පැමිණ තිබුණි.

07:00 Hamas reach war room 07:00 හමාස් යුද කාමරයට ළඟා වේ

පෙරවරු 07:00 පසුවී මද වේලාවකට පසු සියල්ලන්ම බිය වූ සහ කිසිවකුට සිතාගත නොහැකි මොහොත එළඹුණි. හමාස් තුවක්කුකරුවන් හමාල්හි දොරකඩට ලඟා වී තිබුණි.

"ඇහැරෙන්න, ත්‍රස්තවාදීන් දොර ළඟ" කියා පැවසූ බව ෂැරොන්ට මතකයේ තිබේ.

තමන් සිටින තැන් අත්හැර යුද කාමරය තුළ පිහිටි කාර්යාලයකට යන ලෙස ටස්පිටනියෝට් හට නියෝග කරන ලදී.

ජෙනරාල් සීව් පවසන්නේ හමුදාවේ ඉහළ නිලධාරීන් බාහිර මුර සංචාර කෙරෙහි අවධානය යොමු කරමින් කඳවුරු ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළ බව යි.

“ඒක මුළු අවුලේම කොටසක්. සතුරා එයාලව පුදුමයට පත් කරමින් කඳවුරට ඇතුල් වූ නිසා එයාලා ඒ වගේ දෙයකට සූදානම් වෙලා හිටියේ නැහැ. හැමදේම කඩා වැටුණා,” ඔහු පවසයි.

07:20 Bomb shelter attacked 07:20 බෝම්බ වලින් ආරක්ෂා වන නිවහනට ප්‍රහාරයක්

07:20 ට පමණ පලිහ ලෙස හැඳින්වූ හමාල්ගෙන් පිටත වූ බෝම්බ වලින් ආරක්ෂා වන නිවහන ප්‍රහාරයට ලක් විය.

ඇතුළත නවාතැන් ගත් අය අතර රාජකාරියෙන් බැහැරව සිටි ටස්පිටනියෝට් සාමාජිකාවන්ද සිටි අතර, ඔවුන්ව "කාන්තා ආරක්ෂක භටයින් සිව් දෙනෙකු'' විසින් ආරක්ෂා කරන ලද බව පැවසෙන, නවාතැන් ගෙන සිටි එක් ටස්පිටනියෝට් සාමාජිකාවක් විසින් 07:38 ට යවන ලද වට්ස්ඇප් පණිවිඩයක් බීබීසීය විසින් දැක ඇත.

ඇයගෙන් ලද තවත් පණිවිඩ එම සමූහයේ නොතිබුණි.

මෙම “කාන්තා රණශූරියන්” ආරක්‍ෂිත නවාතැනේ සැඟවී සිටි එකම සන්නද්ධ අයවළුන් බව ත් අත්බෝම්බ පිපිරීමකින් එක් අණ දෙන නිලධාරියෙකු මිය ගොස් අනෙක් අයට තුවාල වන තෙක් ඔවුන් හමාස් සටන්කාමීන්ට වෙඩි තබමින් ඔවුන්ට ළඟා වීමට ඉඩ නොදුන් බව, ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවුල්වලට පැවසුවේය.

මෙම අවස්ථාවේදී, සෙබළුන් 10 දෙනෙකු පමණ ආරක්‍ෂිත නවාතැනෙන් පළා යාමට සමත් වූ අතර ඔවුන් නවාතැන් ගන්නා බැරැක්කයේ සිරවී සිටියහ. ආරක්‍ෂිත නවාතැන තුළ සිටි අනෙක් සියල්ලන්ම හමාස් සටන්කාමීන් විසින් මරා දමා හෝ අල්ලා ගන්නා ලදී.

ෂිමොන් සහ ඔහුගේ අණ දෙන නිලධාරියා නැවත කඳවුරට යෑමට පිටත්ව ගිය නමුත් සිදුවෙමින් පවතින සිදුවීම් පෙළෙහි බැරැරුම්කම ගැන ඔවුන් ඒ වනවිටත් දැන සිටියේ නැත.

ඩ්‍රෝන ප්‍රහාර වලින් කඳවුරට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ වූ බවත්, දිශාවන් හතරකින් සටන්කරුවන් 70 දෙනෙකු ක්‍රියාත්මක වූ බවත්, උදෑසන වන විට තවත් විශාල පිරිසක් ඊට එකතු වූ බවත් නාහාල් ඕස් හිදී මියගිය පුද්ගලයින්ගෙන් එක් අයෙකුගේ පවුලට ඊශ්‍රායල් ආරක්ෂක අංශ දන්වා සිටියේ ය.

Two aerial images of a Hamas drone strike targeting vehicles inside the base. In the top one, the explosive device can be seen falling in the air. In the bottom one, it is the start of the moment of impact on a vehicle කඳවුර තුළ ඇති වාහන ඉලක්ක කර හමාස් ඩ්‍රෝන යානයක් ප්‍රහාරයක් එල්ල කරන අයුරු දැක්වෙන ගුවන් ඡායාරූප දෙකක්. එහි ඉහළ ඡායාරූපයේ පුපුරණ ද්‍රව්‍ය ගුවනේ සිට වැටෙන ආකාරය දැකිය හැකිය. පහළ ඡායාරූපයෙහි, එමගින් වාහනයට වන බලපෑම දැකිය හැක.

ඡායාරූප මූලාශ්‍රය, Telegram

ගාසා තීරයේ ඉහළින් සහ පහළින් දහස් ගණනක් ඊශ්‍රායල භූමියට ඇතුළු විය.

කඳවුරට ආපසු යන අතරතුර ප්‍රහාරයේ තරම තමන්ට තේරුම් ගැනීමට හැකි වූ බව ෂිමෝන් පවසයි.


"අපි කඳවුරට යනකොට , ඔක්කොම අළුවෙලා ඉවරයි", ඔහු පවසයි.

හමාල් හී කාර්යාලය තුළ සිටි 20කට ආසන්න සෙබළුන් ඔවුනොවුන් සන්සුන් කිරීමට කටයුතු කළ බව ෂැරොන් පැවසීය.

මේ අතර, ඔවුන් සහයෝගය ඉල්ලා නැවත නැවතත් ඇමතුම් ලබා දීමට උත්සාහ කළහ.

"මම හිතන්නේ [කවුරු හරි කිව්වා ] ' අමතර උදව් නැහැ, කාටවත් එන්න බෑ' කියලා , මට මතක විදිහට මගේ නිලධාරියා කිව්වා 'අපිට අමතර උදව්වක් ඕනි නැහැ, අපට ඕනි ගැලවෙන්නයි' කියලා "ඔහු පැවසීය.

08:00 Israeli drone arrives 08:00 ඊශ්‍රායල ඩ්‍රෝන් යානය පැමිණේ

උදෑසන 08:00ට පමණ සීක් ලෙස හැඳින්වෙන ඊශ්‍රායල ඩ්‍රෝන යානයක් පැමිණි නමුත්, ඊශ්‍රායල් ආරක්ෂක අංශ වලට අනුව, එහිදී ඊශ්‍රායල සොල්දාදුවන් සහ හමාස් අතර වෙනස හඳුනාගැනීමේ දුෂ්කරතා ඇති වී තිබේ. එයින් අදහස් කළේ එය අපේක්ෂිත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම මන්දගාමී වූ බවයි.

ඒ සමගම, වෙඩි තැබීම් රාශියක් සමගින් හමාල් වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ විය. හමාස් සංවිධානයට ඇතුල් වීම වැළැක්වීමට සන්නද්ධ පිරිස් ගොඩනැගිල්ලේ දොරකඩ අසල සටන් කළහ. පැය හතරක් පමණ සටන අඛණ්ඩව පැවතුණි.

මේ අතර, ෂිමොන් පවසන්නේ ඔහු සහ කඳවුරේ සටන් කරමින් සිටි අනෙකුත් සොල්දාදුවන් සම්පූර්ණයෙන්ම අඩු වෙමින් පැවති අතර අතිරේක භට පිරිස් පිළිබඳ කිසිදු ලකුණක් නොතිබුණි.

"ඒ සියල්ල අපැහැදිලි."

උදෑසන 09:00 ට පමණ, කඳවුරේ ආහාර ගන්නා ස්ථානය වෙත ගෝලානි භට පිරිස් ගිය අතර එහිදී තුවක්කුකරුවන් බොහෝ දෙනෙක් එහි සැඟවී සිටින බව ටස්පිටනියෝට් ඔවුන්ට පැවසූහ.

එදින නාහාල් ඕස් වෙත ඇතුළු වන සෑම හමුදා සොල්දාදුවන් 25 දෙනෙකුටම තුවක්කුකරුවන් 150 දෙනෙකු සිටි බව ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව විසින් ඥාතීන්ට පසුව පවසන ලදී.

"එදා උදේ හමාස් කරමින් හිටියේ විශාල වශයෙන් ඒකරාශි වීම " යැයි ජෙනරාල් සිව් පවසයි.

"විවිධ බිඳ වැටීම් 70කට වැඩි ගාණක් තිබ්බා... ත්‍රස්තවාදීන් 3,000කට වැඩි ගාණක්... තමන් සතුව ගුණාත්මක භාවයක් නැති බව ඔවුන් දැනගෙන හිටිය නිසා ඔවුන්ට ප්‍රමාණය එක්ක යන්න වුණා."

මේ කාලයේ රූගත කර ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන වීඩියෝ පටයක, සන්නද්ධ හමාස් සාමාජිකයින් විසින් අල්ලා ගන්නා ලද නහාල් ඕස් හි තරුණ නිරීක්ෂණ නිලධාරීන් පෙන්වන ලදී.

දෑත් බැඳ මුහුණු බිත්තිය දෙසට හරවා ගෙන සිටි කාන්තාවන්ට "බල්ලෝ, අපි උඹලව පාගලා දානවා" යනුවෙන් එක් මිනිසෙකු කියන ආකාරය පවසනු ඇසුණි.

ඊට පෙර දින කඳවුරෙන් රාජකාරී ආරම්භ කළා වූ දහනව හැවිරිදි නාමා ලෙවී, තමන්ට “පලස්තීනයේ මිතුරන්” සිටින බවට බැගෑපත්ව පවසන විටත් ලේ වලින් ඇගේ මුහුණ වැසි තිබිණි.

එම දර්ශනවල දැක්වෙන්නේ කාන්තාවන් ඇදගෙන ගොස් නවතා ඇති වාහනයකට දමන අයුරුයි.

එය නැරඹීම නාමාගේ මවට කම්පනකාරී සිදුවීමක් විය. “ඒ තුවාල, ලේ, එයා කියන දේවල් , ත්‍රස්තවාදීයෝ එයාලට කියපු දේවල්, ඒ අවස්ථාවේ භයානක බව ” වෛද්‍ය අයිලට් ලෙවි පවසයි.

නහාල් ඕස් හි සිටි ටස්පිටනියෝට් නිලධාරිනියන් " පුදුමාකරයි - වැරැද්ද තිබ්බේ පද්ධතියේ, අණ දෙන නිලධාරීන් මිසක එයාලගේ නෙවේ". ජෙනරාල් සීව් පැවසුවේය.

09:45 Israeli helicopter arrives 09:45 ඊශ්‍රායල හෙලිකොප්ටරය පැමිණේ

ප්‍රහාරය ආරම්භ වී පැය තුනකට වැඩි කාලයකට පසු, 09:45 ට, ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවට අයත් හෙලිකොප්ටරයක් ​​හමාස් තුවක්කුකරුවන් වෙත වෙඩි තැබීමට පටන් ගත් බව නිලධාරීන් ශෝකයට පත් ඥාතීන්ට පැවසීය. එය කඳවුරට අවස්ථා 12 කදී වෙඩි තැබීය.

ෂිමොන් සහ ඔවුන්ගේ අණ දෙන නිලධාරියා ඇතුළු තවත් හය දෙනෙක් කඳවුරෙන් පිටතට ගොස් පයින්ම ආපසු පැමිණ තිබේ. ඔහු පැවසුවේ ඔවුන් "සෑම දිශාවකින්ම" වෙඩි තැබූ බවයි.

ස්වයංක්‍රීය වෙඩි හඬ ඔස්සේ එල්ල වූ තනි වෙඩි උණ්ඩ මාලාව ඔවුන්ට නොපෙණුන ද එය හමාස් ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් එල්ල කර තිබුණි.

“එයා වෙඩි තියන සෑම අවස්ථාවකම මගේ යාළුවෙක් ගේ ඔලුවට වෙඩි උණ්ඩයක් වැදුණා,” ඔහු පවසයි.

තමන් සමඟ සටන් කළ අයගෙන් දිවි ගලවා ගැනීමට හැකි වුයේ තමන්ට පමණක් බවත්, තමන් ද යාන්තමින් දිවි ගලවා ගනු ලැබූ බවත් ෂිමොන් පැවසීය.

"උණ්ඩයක් මගේ ඔලුව ළඟින් ගියා ... මගේ ළඟම තිබ්බ කොන්ක්‍රීට් එකක් උඩට ඒ වෙඩි උණ්ඩයක් වදින හැටි මට ඇහුණා ඒ වගේම ඒකේ රස්නය මට දැනුණා."

එම මොහොත වන විට සිය පණිවුඩ හුවමාරු යන්ත්‍රය තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ඔහු පැවසීය.

ජෙනරාල් සීව් එදින ගැන විස්තර කරන්නේ "පරිපූර්ණ කුණාටුවක්" ලෙසයි.

"මේ තරම් පැය ගාණක් අතිරේක භට පිරිස් නොපැමිණියේ සිදුවන්නේ කුමක් ද හෝ අතිරේක භට පිරිස් යැවිය යුත්තේ කොතැනට ද යන්න කිසිවෙකු හරියටම දැන නොසිටි නිසා" බව ඔහු පැහැදිලි කරයි.

ෂිමොන් එම ස්ථානයෙන් මිදී ස්නයිපර්වරයෙකුගේ ස්ථානයට මාරු වී කිබුට්ස් ආරක්ෂා කිරීමට ගිය වෙනත් ඒකකයක සොල්දාදුවන් සමඟ එක් විය.

11:00 War room exposed 11:00 යුධ කාමරය නිරාවරණය විය

නැවතත් පෙරවරු 11.00 වන විට හමාල් එසේත් නැත්නම් යුද කාමරය තුළ සැලකිය යුතු වර්ධනයක් සිදුවෙමින් තිබුණි.

විදුලිය විසන්ධි වූ අතර එයින් අදහස් වන්නේ විදුලි පද්ධතියක ආධාරයෙන් ක්‍රියාත්මක වූ දොරවල්වල අගුලු විවෘත වීමයි. එහිදී යුද කාමරය සම්පුර්ණයෙන් ව්වෘත වූ අතර හමාස් සටන්කාමින් ඒ තුළට වෙඩි තැබීමට සහ අත්බෝම්බ එල්ල කිරීම ආරම්භ කළ බව බොහෝ පවුල් වෙත ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් දැනුම් දී තිබේ.

ගෝලානි සොල්දාදුවෙකු සමඟ මුහුණට මුහුණ ඇතිවූ පිහි පහරකින් එක් අයෙකු මිය ගිය බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවුල්වලට පවසා ඇත.

මෙම අවස්ථාවේදී සොල්දාදුවන් සිය ආරක්ෂාව දොර අගුල් මත තබා තිබු බව ජෙනරල් සීව් පැවසුවේ, පුළුල් මිලිටරි පද්ධතිය "ඒ වන විටත් අසාර්ථක වී තිබුණා" යයි පවසමිනි.

"ත්‍රස්තවාදීන් හමාල් වෙත ගිනි ගන්නා සුළු ද්‍රව්‍යයක් විසි කර ඊට ගිනි තැබූ" බව ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව විසින් පවුල්වලට කළ දැනුම් දිමේ සඳහන් කර තිබේ.

Smoke-damaged Hamal with nearly everything in the room blackened දුමෙන් හානියට පත් හමාල් කාමරයේ සියල්ල කළු වී ඇත

ඡායාරූප මූලාශ්‍රය, Channel 12

ඡායාරූප ශීර්ෂ වැකිය, දුම් හා ගින්නෙන් හානි වූ යුද කාමරයෙන් ඉතිරි වූ දේ

“දුම හරිම ඝනට තිබ්බා. හැමෝටම කැස්ස සහ හුස්ම හිරවෙන්න පටන් ගත්තා. මිනිස්සු වැටිලා ක්ලාන්ත වෙන්න පටන් ගත්තා,” ෂැරොන් සිහිපත් කරයි.

එක් මවක් පවසන්නේ, ප්‍රහාරයේදී හමාස් විසින් "විෂ සහිත ද්‍රව්‍යයක්" භාවිතා කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව විසින් තමන්ට පැවසූ බවයි, එමෙන්ම අනෙක් අය මෙම විස්තරය නොදනනා බව හෝ ඊශ්‍රායල් හමුදාව විසින් ඒ පිළිබඳව වන සිය වාර්තාව වෙනස් කර ඇති බව පැවසීය.

12:30 Sharon and others escape 12:30 ෂැරොන් සහ තවත් අය පළා යෑම

එදින එහි සිටි අයගේ වාර්තාවලට අනුව දහවල් 12:30 ට පමණ, හමාල්හි සිටි ෂැරොන් ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකුට වැසිකිළි කවුළුව ඔස්සේ නැගී පිටතට පළා යෑමට හැකි ව තිබුණි.

එහිදී, ඇය සහ දිවි ගලවා ගත් අනෙක් අය තමන් අනුගමනය කරමින් පැමිණෙනු ඇතැයි බලා සිටියා ය. එහෙත් කිසිවෙකුත් පැමිණියේ නැත. එදින වැඩ මුරය සඳහා පැමිණි ටස්පිටනියෝට් නිලධාරිනියන් අතරින් දිවි ගලවා ගත් එකම තැනැත්තිය වූයේ ෂැරන් ය. කඳවුරේ සිටි නමුත් එදින උදෑසන රාජකාරි නොකළ එම ඒකකයේම තවත් එක් තරුණියක් ද දිවි ගලවා ගත්තාය.

ඔක්තෝබර් 7 වන දා අවසන් වන විට හමුදාව නැවත එහි පාලනය ලබා ගත් නමුත් එහි ස්ථානගතව සිටි බොහෝ දෙනෙක් එදින දිවි ගලවා ගැනීමට සමත් වුයේ නැත. ටස්පිටනියෝට් හත් දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස නැවත ගාසා වෙත ගෙන යන ලද අතර,එහිදී එක් අයෙක් මිය ගොස්, තවත් අයෙකු බේරා ගත් අතර, පස් දෙනෙකු තවමත් ඉතිරිව ඇත.

Another image of the smoke-damaged Hamal, with two viewing stations completely burnt out. නැරඹුම් තිර දෙකක් සම්පූර්ණයෙන්ම පිළිස්සී ඇති ආකාරය. දුමාරයෙන් හානි වූ හමාල්ගේ තවත් රූපයක්.

ඡායාරූප මූලාශ්‍රය, Channel 12

ඡායාරූප ශීර්ෂ වැකිය, හමාල්හි ගින්නෙන් හානි වූ වර්ක්ස්ටේෂන් දෙකක්

එදින සොල්දාදුවන් 300 කට අධික පිරිසක් ඇතුළුව ඊශ්‍රායලය පුරා පුද්ගලයින් 1,200 ක් පමණ මිය ගිය අතර තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන තිබුණි. එතැන් පටන් ගාසා තීරයේ සිදුකරන ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන් පලස්තීනුවන් 41,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව හමාස් පාලනයේ පවතින එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නාහාල් ඕස් හිදී මියගිය පිරිස අතර බැලුන් නිලධාරි ඇල්රෝයි ඇතුළු හමුදා සාමාජිකයින් සිව්දෙනා සිට ඇති අතර ඔවුන් හමාස් සමඟ දීර්ඝ සටනක නිරත වූ බව ඔහුගේ පියා විසින් ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව ලබා දුන් තොරතුරු උපුටා දක්වමින් පවසයි.

තුවක්කුකරුවන් 10 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මරා දැමීමට ඔවුන් සමත් වූ නමුත්, ඔවුන් පස්දෙනාට වඩා සංඛ්‍යාත්මකව පිරිස වැඩි වූ අතර ඔවුන් සියල්ලෝම දහවල් 2:30 ට තාවකාලික ආරක්‍ෂිත නවාතැන තුළ මිය ගොස් ඇති බව ඔහු පැවසීය.

කඳවුරේ ආරක්ෂිත ස්ථානයක නිර්මාණය කර තිබූ යුද කාමරය විනාශ වි තිබිණි. ඡායාරූප සහ වීඩියෝවලින් පෙන්නුම් කරන්නේ එය අඟුරු වී ඇති බවත්, ටස්පිටනියෝට් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කර ඇති තිර, කළු වී ඇති බවත් ය. එහි ඇති අළු අතර අස්ථි කොටස් ද තිබී හමු විය.

දිවි ගලවා ගත් අයට මෙන්ම ඝාතනයට ලක්වූ සහ පැහැරගැනීමට ලක්වූ අයගේ පවුල්වලට වැරදි ගියේ කොතනදැයි යන්න පිළිබඳ පිළිතුරු නොමැති ප්‍රශ්න ඉතිරිව තිබේ.

අතිරේක වාර්තාකරණය ජෝන් ඩොනිසන් සහ නයෝමි ෂර්බෙල්-බෝල්