ගාසාහි රෝහලක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස්කරන පාපැදිකරු
ගාසාහි රෝහලක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස්කරන පාපැදිකරු
ජර්මනියේ උපත ලද පලස්තීන ජාතිකයෙකු වන අබේඩ්, ගාසා තීරයේ වෙසෙන සිය පවුල බැලීමට ගොස් සිටියදී හමාස් සංවිධානය පුද්ගලයින් 1200ක් පමණ ඝාතනය කරමින් ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරමින් සිටියේය.
ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර දැක්වූ අතර මේ වන විට පලස්තීනුවන් 37,000 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇත. අවුල් වියවුල් මධ්‍යයේ සති පහක් ගාසාහි සිරවී සිටි අබේඩ් ඉන් පිටව යාමට පෙර ගාසාහි මියගිය සහ තුවාලකරුවන් විශාල පිරිසක් දුටුවේය.
ගාසාහි වෙසෙන ජනතාවට උපකාර කිරීම සඳහා, ඔහු දැන් ජර්මනියේ සිට නැවත පලස්තීන ප්‍රදේශ කරා පාපැදි සංචාරයක නිරතව සිටියි. ඔහුගේ උත්සහය ගාසා හි ක්ෂේත්‍ර රෝහලක් ඉදිකිරීම සඳහා යුරෝ 300,000 ක් රැස් කිරීම ය.







