ඊශ්‍රායල ගාසා යුද්ධය: එක්සත් ජනපද විශ්ව විද්‍යාලවල යුද විරෝධතා පැතිර ගියේ කෙසේ ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, එක්සත් ජනපදය පුරා පිහිටි විශ්ව විද්‍යාලවල ගාසා යුද විරෝධතා ව්‍යාප්ත වූ අයුරු
ඊශ්‍රායල ගාසා යුද්ධය: එක්සත් ජනපද විශ්ව විද්‍යාලවල යුද විරෝධතා පැතිර ගියේ කෙසේ ද?

ගාසා තීරයේ යුද්ධයට එරෙහිව ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි පිහිටි කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් සතියකට පෙර ආරම්භ වූ විරෝධතා එක්සත් ජනපද විශ්ව විද්‍යාල මණ්ඩප රැසක් පුරා පැතිර ගොස් තිබේ.

රට පුරා පැවති විරෝධතාවලදී, විරෝධතාකරුවන් සිය ගණනක් අත්අඩංගුවට ගෙන ඇත. අඛණ්ඩ යුද ගැටුම මධ්‍යයේ ඊශ්‍රායලය සමඟ සබඳතා ඇති සමාගම් සහ පුද්ගලයන් සමග කටයුතු කිරීම වර්ජනය කරන ලෙස පෙලපාලිකරුවෝ විශ්ව විද්‍යාලවලින් ඉල්ලා සිටිති.