'ගාසා කියන්නේ තැන තැන විසිරුණු සොහොන් බිම් ගොඩක් විතරයි'

සිවිල් වැසියන් වැඩි ගණනක් මරා දමමින් සහ ප්‍රාණ ඇපකරුවන් ලෙස 251ක් ප්‍රාණ ඇපයට ගනිමින්, හමාස් [සංවිධානය] විසින් 2023 ඔක්තෝබර් 7 වන දා ඊශ්‍රායලයේ පෙර නොවූ විරූ අන්දමේ ප්‍රහාරයක් දියත් කරන ලදී.
මෙය ඊශ්‍රායලය සහ හමාස් අතර සම්පූර්ණ යුද්ධයක් ඇවිල වූ අතර, එය කලාපයේ මෑත ඉතිහාසයේ මාරාන්තික ම [ගැටුම්වලින්] එකක් ලෙස විස්තර කෙරෙයි.
බීබීසී ය විසින් යුද්ධය මුළුල්ලෙහි ම දත්ත රැස් කරමින් සිටි අතර, සංඛ්‍යාවන් පසුපස ඇති කතා හෙළිදරවු කිරීමට ගැටුමෙන් බලපෑමට ලක් වූ ඇතැම් පුද්ගලයන්ට කතා කළේය.

ෆාට්මා එඩාමා සහ ඇගේ පවුල සැමදාම ජීවත්ව සිටියේ උතුරු ගාසාවේයි. මරා දැමීමේ, විනාශ වීමේ සහ කුසගින්නෙන් [පිරුණු] මාසයන්වල ඔවුහු සාක්ෂිකරුවෝ වෙති.
ෆාට්මා ඇගේ ජීවන තත්ත්වය විස්තර කරන්නේ "නින්දා සහගත සහ නරක ම" එකක් ලෙසයි.
ඇය අවුරුද්දක් පුරා ගැඹුරු කෝමාවක සිටින බවත්, එක් දිනයක අවදි වී ඇය වතාවක් දැන සිටි "සුන්දර සහ ජීවය පිරි" ගාසාව දකිනු ඇතැයි ඇයට හැඟෙයි.
ෆාට්මා බලාපොරොත්තු සහගත ය. ඇය අධිෂ්ඨානයෙන් පවසන්නේ "අපි ඒක [ගාසාව] නැවත ගොඩනගලා ජීවය අරගෙන එනවා," යනුවෙනි.

ගාසා ගි ජීවිතය සහ මරණය
අෂ්රෆ් අල් ඇටර්ගේ ජීවිතය සදහට ම යුද්ධය විසින් කණපිට හරවා තිබේ.
දකුණුදිග ඛාන් යුනිස් නගරයේ යුරෝපීය රෝහලේ හෙද නිලධාරියෙකු ලෙස අෂ්රෆ් සේවය කරයි.
"තත්පර කීපයකින්, ඔක්කොම එකපාරම," ඔහුගේ බිරිඳ සහ දරුවන් 6 දෙනා මධ්‍යම ගාසාවේ දේර් අල්-බාලා වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මිය ගිය බව ඔහු බීබීසීයට පැවසුවේ ය.

අෂ්රෆ්ගේ බිරිඳ හලා එක්සත් ජාතීන්ගේ සහන සේවා සහ වැඩ ඒජන්සියේ (UNRWA) සේවිකාවක් වූවා ය.
ඔවුන්ගේ වැඩිමහලු පුත්‍රයා වූ ඉසේන් 15 හැවිරිදි විය. ඔහුගේ බාල ම දරුවා වූ වටීන් නම් දියණියට යන්තම් මාස 20ක් විය.
වයස අවුරුදු 10ක් වූ පිරිමි දරුවන් දෙදෙනෙකු හා ගැහැනු දරුවන් දෙදෙනෙකු ලෙස අෂ්රෆ්ට සහ හලාට සිව් නිවුන් දරුවන්ට සිටියේ ය. අෂ්රෆ් සහ හලා ඔවුන් සියල්ලන් ම හැඳින්වීමට පුරුදු වී සිටියේ "දෙවියන්ගේ තෑගි" ලෙසයි.

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඊශ්‍රායල හමුදාව තනි තනි ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ කලාතුරකින් වන නිසා, ආගෝස්තු 18 අලුයම අෂ්රෆ්ගේ පවුල ඝාතනය වූ ප්‍රහාරය ගැන ඉක්මනින් තොරතුරු ලබා දී නැත.
දවසකට පසු නිකුත් වූ නිවේදනයක දැක්වුණේ "ත්රස්තවාදීන් ඉවත් කිරීමට සහ පොළොවට ඉහළින් සහ පහළින් ඇති යුධ අංගන විනාශ කිරීමටත්," දේර් අල්-බාලා අසල ප්‍රදේශයේ මෙහෙයුමක් සිදුකළ බවයි.
හලා සහ ඇගේ දරුවන් හය දෙනා, ගාසාහි යුද්ධය ආරම්භයේ සිට ඝාතනය වූ 40,000කට වැඩි පලස්තීනුවන්ගෙන් කිහිප දෙනෙකු පමණි.
ඔක්තෝබර් 7 සිට ආක්‍රමණය කළ බටහිර ඉවුරේ ද ප්රචණ්ඩත්වයේ ඉහළ යාමක් තිබේ.
2024 සැප්තැම්බර් 23 දිනට, නැගෙනහිර ජෙරුසෙලෙම ද ඇතුළත් ව බටහිර ඉවුර ආක්රමණයේ දී පලස්තීනුවන් 693ක් ඝාතනය වූ බව එක්සත් ජාතීන් පවසයි. ඊශ්‍රායල් හමුදා විසින් මරාදැමුණු පුද්ගලයන් 676ක් සහ ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් මරාදමනු ලැබූ 12ක් ද මීට ඇතුළත් ය.
ඊශ්‍රායලය පවසන්නේ බටහිර ඉවුර වටලෑම ඉලක්ක කරන්නේ ඊශ්‍රායලය සහ බටහිර ඉවුර තුළ ඊශ්‍රායල ජාතිකයන්ට එල්ල වූ මාරාන්තික පලස්තීන ප්‍රහාර වැළැක්වීමට බවයි. වර්තමාන ඊශ්‍රායල රජය එහි නීතිවිරෝධී පදිංචිකරුවන් පාලනය පුළුල් කර තිබේ.
දක්ෂිණාංශික ඊශ්‍රායල රජය බටහිර ඉවුරේ බටහිර ඉවුරේ පදිංචි කිරීම් ආපසු වෙනස් කළ නොහැකි වන ලෙස කටයුතු කරමින් සිටින බවට පලස්තීනුවෝ බිය වෙති.

ඊශ්‍රායලයේ තත්ත්වය
2023 නොවැම්බර් මුල දී ඊශ්‍රායල බලධාරීන් විසින් නිකුත් කළ නවත ම සංඛ්‍යාලේඛනවලට අනුව, ඊශ්‍රායල ඉතිහාසයේ මාරාන්තික ම ප්‍රහාරය ලෙස සැලකෙන ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් 1,200කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
ඊශ්‍රායලයේ ඔක්තෝබර් 7 ප්‍රහාරයේ දී, 2020 සිට එක් ව සිදු කළ මිලිටරි ආකාරයේ පුහුණුවීම්වලින් පසුව හමාස් වෙත පලස්තීන සන්නද්ධ කණ්ඩායම් 5ක් එක් වූ බව පෙන්වන සාක්ෂි බීබීසීය විසින් 2023 නොවැම්බර් මාසයේ දී එකතු කරන ලදි.

එම දිනයේදී ම හමාස් සහ එයට සම්බන්ධ කණ්ඩායම් විසින් පුද්ගලයන් 251ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා වෙත ගෙන යන ලදි.
පසුගිය වසර තුළ එම ප්‍රාණ ඇපකරුවන්ගෙන් සමහරක් නිදහස් වූ අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසක් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා එකඟත්වයෙන් ද සමහරෙක් මිලිටරි මෙහෙයුම් අතරතුරේ ද නිදහස් වී ඇත.

හමාස් විසින් ප්‍රාණ ඇපයට ගත් අය අතර, 34 හැවිරිදි යාඩ්න් බයිබස්, ඔහුගේ බිරිඳ ශ්රිරි සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා ද වූහ.
සිරභාරයේ සිටිය දී ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ශ්රිරි සහ ඇගේ දරුවන් දෙදෙනා මියගිය බවට 2023 නොවැම්බර් 29 දින හමාස් විසින් කියා සිටින ලදි.ඊශ්‍රායල රජය පැවසුවේ එම ප්‍රකාශය ගැන පරීක්ෂා කරමින් සිටින බවයි.

ඕර්ෆි බයිබස් ලෙවි, යාඩ්න්ගේ සහෝදරියයි. ඇය ඇගේ සහෝදරයා සහ ඔහුගේ පවුලේ ඉරණම සම්බන්ධයෙන් කණගාටුවට පත් ව සිටින නමුත්, ඔවුන් තවමත් ජීවතුන් අතර සිටින බවට ඇය තවදුරටත් විශ්වාස කරයි.
විශේෂයෙන් ම එම වයසේ දරුවන්ට, ඇය "අමානුෂික" ලෙස විස්තර කරන ග්රහණයෙන් ජීවිතය රැකගෙන කොපමණ කාලයක් සිටිය හැකිදැයි තමාට විශ්වාස නැති බව ඇය පවසයි.
ඔර්ෆි බීබීසීයට පැවසුවේ ඇය "විශ්වාසය පවත්වාගෙන යාමට අරගල කරන," බවයි.

75 හැවිරිදි ඊශ්‍රායල සාම ක්‍රියාකාරිනියක වන අදා සාහී ඔක්තෝබර් 7 නිර් ඔස් කිබූට්ස් හි ඇගේ නිවසේ දී හමාස් විසින් පැහැරගෙන ප්‍රාණ ඇපකරුවෙකු වශයෙන් ගාසා හි දින 53ක් තබා ගන්නා ලදි.
ඇය අවිනිශ්චිත සතියක සටන් විරාමයක් තුළ දී නිදහස් වූ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 105 දෙනාගෙන් එක් අයෙකි.
මෙම හුවමාරුවට ඊශ්‍රායල බන්ධනාගාරවලින් නිදහස් කළ පලස්තීන සිරකරුවන් 240ක් ද ඇතුළත් ය.
"මම දැන් සාමය විශ්වාස කරන්නේ නෑ," ඇය පවසයි.
යුද්ධය නැවැත්වීමට තවදුරටත් ගන්නා රාජ්‍ය තාන්ත්‍රික උත්සහයන් මෙතෙක් අසාර්ථක වී ඇත.

ගාසා ජනගහනය සංක්‍රමණය වෙමින්: යා හැකි ආරක්ෂිත තැනක් නැහැ
2024 සැප්තැම්බර් 30 දිනට ගාසා හි ජනගහනය මිලියන 2.1කට ආසන්න බව එක්සත් ජාතීන් ඇස්තමේන්තු කරයි.
යුද්ධය පැවති වසර පුරාවට ඊශ්‍රායල හමුදාව විසින් ජනතාව නම් කරන ලද "ආරක්ෂිත ප්‍රදේශ"වලට යොමු කරමින් ඉවත් වීමේ නියෝග නිකුත් කර තිබේ.
2024 අගෝස්තු මාසයේ යුනිසෙෆ් වාර්තාවක දැක්වෙන්නේ ගාසා හි මිලියන 1.7ක ජනතාව වර්ග කිලෝමීටර 48ක ප්‍රදේශයකට යොමු කර ඇති බවයි. මෙය සෑම වර්ග කිලෝමීටරයකට ම මිනිසුන් 35,000කට වඩා වැඩි ජන ගණත්වයක් නිර්මාණය කරයි.

31 හැවිරිදි එන්ජූඩ් අබු කාලෝබ් ගාසා හි අවතැන් වූ බවට ඇස්තමේන්තුගත මිලියන 1.9න් එක් අයෙකි.
ඊශ්‍රායල් ඉවත් කිරීමේ නියෝග හෝ ප්‍රහාර නිසා එන්ජූඩ්ට සහ ඇගේ දරුවන් 4 දෙනාට 11 වතාවක් තැනින් තැනට මාරු වීමට සිදු වී තිබේ.
ඇතැම් වෙලාවන්හි දී ඔවුන්ට අධික තදබදයෙන් සහ රෝගවලින් ද පලා යාමට සිදුවිය.

දැන් ඇය ඛාන් යුනිස් හි වැලි කාන්තාර ප්‍රදේශයක් වන අල්-මවාසි ප්‍රදේශයේ තාවකාලික කූඩරමක ජීවත් වෙයි. එය මීට පෙර ඊශ්‍රායල හමුදාව විසින් ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කළ නමුත් පසුව ප්‍රහාරයට ලක් විය. එන්ජූඩ් තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට බලාපොරොත්තු නොවේ.

ගාසා හි අවතැන් වූ බහුතරයකට මෙන් ම එන්ජූඩ් අබු කාලෝබ්ට ද මෙම යුද්ධය අවසන් වූ විට ආපසු යාමට තැනක් නොමැත.
මේ වසරේ මාර්තු මාසයේ දී එක්සත් ජාතීන්ගේ විශේෂඥයෙකු පැවසූයේ මෙම යුද්ධයේ ආරම්භයේ සිට ගාසා හි සියලු ම නිවාසවලින් 70% කට වැඩි ප්‍රමාණයක් හානි වී හෝ විනාශ වී ඇත.
යුද්ධයේ පළමු දින 6 තුළ පමණක් ඊශ්‍රායල ගුවන් හමුදාව බෝම්බ 6,000කට වඩා ගාසා වෙත හෙළා ඇත.
ගාසා හි ඊශ්‍රායල මෙහෙයුම් තීරයේ උතුරු කොටසෙන් ආරම්භ වී දැවැන්ත හානියක් සිදු කරමින් ඊජිප්තු දේශසීමාවේ රෆා දක්වා සිතියමේ පහළට ගමන් කළේ ය.

2024 ජූලි මාසයේ මුල එක්සත් ජාතීන් ඇස්තමේන්තු කළේ ගොඩනැගිලි විනාශ වීමෙන් එකතු වූ සුන්බුන් ප්‍රමාණය ටොන් මිලියන 40කට වැඩි බවයි.
මෙය ගාසා හි එක් එක් වර්ග මීටරය සුන්බුන් කිලෝග්‍රෑම් 115කින් වැසී තිබීමට සමාන වේ.
පුපුරා නොගිය බෝම්බ සහ හානිකර ද්‍රව්‍ය අඩංගු විය හැකි ගාසා හි මිනිසුන්ට මාරාන්තික තර්ජනයක් වන සුන්බුන් කැබලි ඉවත් කිරීමට වසර 15 ක් සහ ඩොලර් මිලියන 500 වැඩියෙන් අවශ්‍ය බව එක්සත් ජාතීන් ඇස්තමේන්තු කරයි.

"ශුභවාදී තත්ත්වයක් යටතේ" මෙහි "යුද්ධයේ දී සම්පූර්ණයෙන් ම විනාශ වූ නිවාස ඒකක පමණක් යථා තත්වයට පත් කිරීම සඳහා අවම වශයෙන් 2040 දක්වාවත් ගතවනු ඇතැයි," එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් 2024 මැයි මාසයේදී ඔවුන්ගේ වාර්තාවේ තක්සේරු කර ඇත.

අසීල්ට යුද්ධයෙන් ඇගේ සොහොයුරා අහිමි විය. ඇගේ මවට පිළිකාවක් තිබෙන අතර, ප්‍රතිකාර සඳහා ඇයව ගාසාවෙන් පිටතට යැවීමට ඇගේ පවුල ගත් උත්සහයන් සාර්ථක වී නැත.
ඇගේ පියා බරපතළ වකුගඩු රෝග තත්වයකින් පීඩා විඳියි.
ඇය බීබීසීයට පැවසුවේ දුෂ්කර දිනවල දී ඇයට ජීවත් වීමට කිසිවක් නැතැයි හැඟෙන බවයි.
වඩාත් හොඳ දිනවල දී ඇය ප්‍රාර්ථනා කරන සෑම දෙයක් ම ඇගේ මවටත් පියාටත් ප්‍රතිකාර කිරීම බවත්, යුද්ධය අවසන් වූ විට ගාසාවෙන් පිටත්ව යාමට හැකි වී සයිප්‍රසයේ සිටින ඇගේ විවාහ ගිවිසගත් පුද්ගලයා සමඟ නැවත එක් වීම බවත් අසීල් පැවසුවා ය.
ගැටුමෙන් දැඩි ලෙස වින්දිත භාවයට පත් වූවන් බලාපොරොත්තු වූවත්, කල් පවත්නා සටන් විරාමයකින් යුද්ධය අවසන් කිරීමට පාරක් සොයා ගැනීම දුෂ්කර වීම වැඩි වී ඇත.
ඒ වෙනුවට තත්ත්වය සංකීර්ණත්වය තවත් වැඩි කරමින් මැද පෙරදිග පුරා ප්රචණ්ඩත්වය පැතිරීම වේගවත්ව වැඩි වී ඇත.














