2006දී ඊශ්‍රායලය සමග ඇරඹි යුද්ධයේ සිට හිස්බුල්ලා සංවිධානය වෙනස් වී ඇත්තේ කෙසේ ද?

Hezbollah fighters carry the coffin of commander Fuad Shukr during his funeral in the southern suburbs of the Lebanese capital Beirut on 1 August 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, කැරීන් ට්‍රෝබි
    • Role, බීබීසී පුවත් අරාබි

ඉහළ පෙළේ ඝාතන සහ ප්‍රහාර මාලාවකින් පසුව, ඊශ්‍රායලය, හිස්බුල්ලා සංවිධානය සහ එහි ආධාරකරු වන ඉරානය අතර පැවති ආතතිමය තත්ත්වය දැන් වෙන කවරදාටත් වඩා ඉහළ තත්ත්වයකට පැමිණ තිබේ. මීළඟට කුමක් සිදුවේදැයි පුරෝකථනය කිරීමේ යතුර පවතින්නේ, ලෙබනනය පදනම් කරගත් මෙම සටන්කාමී කණ්ඩායමේ යුධමය හැකියාව සහ ඊශ්‍රායලය සමග එහි ඓතිහාසික ගැටුම අවබෝධ කර ගැනීම තුළ ය.

හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය යන දෙක ම සිය 2006 ජූලි යුද්ධයේ 18 වන සංවත්සරය අතරතුර ඔවුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවේචනයට ලක් වේ.

මෙම විවේචන එල්ල වන්නේ, මාස 10ක් පුරා පැවති වෙහෙසකර සටන්වලින් පසු ඔවුන් අතර නව මහා පරිමාණ යුද්ධයක් පැන නැගීමට ඇති හැකියාව මධ්‍යයේ ය.

එක් පසකින් ඊශ්‍රායලය සතුව ගුවන් සහ ඉහළ බුද්ධි අංශයේ හැකියාවන් ඇති අතර අනෙක් පසින් හිස්බුල්ලා සංවිධානය සතුව විශාල මිසයිල සංචිත සහ මිලිටරි ඩ්‍රෝන තිබේ.

දෙපාර්ශවය අතර මහා පරිමාණ යුද්ධයක් කෙබඳු විය හැකි ද යන්න තේරුම් ගැනීමට, අත්‍යවශ්‍ය සාධක දෙකක් පිළිබඳව සලකා බැලිය යුතු ය: එනම්, 2006 ජූලි යුද්ධයෙන් සහ දෙපාර්ශවය අතර මාස 10ක් පුරා සිදුවෙමින් පවතින දෛනික ගැටුම්වලින් උගත් පාඩම් ය.

ලෙබනනයේ දැවැන්ත විනාශයක් ඇති කළ හැකි ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ ඉහළ හැකියාවක් ඊශ්‍රායලයට තිබුණ ද ඊශ්‍රායල හමුදා ඒකකවලට ඊශ්‍රායලය දශක ගණනාවකින් සිදු කළ දීර්ඝතම යුද්ධය, එනම් ගාසා තීරයේ යුද්ධයෙන් වෙහෙස කර බව දැනේ.

හිස්බුල්ලා සංවිධානය සම්බන්ධයෙන් ගත් කළ, ඔවුන් පවසන්නේ, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ඔවුන්ට මේ වන විට තම ජ්‍යෙෂ්ඨතම හමුදාපතිවරයා වන ෆුවාඩ් ෂුකර් සහ ප්‍රමුඛ නායකයින් තිදෙනෙකු ද ඇතුළුව සටන්කරුවන් 350කට වැඩි ගණනක් අහිමි වී ඇති බව ය.

Hezbollah supporters hold up portraits of slain commander Fuad Shukr during his funeral in the southern suburbs of the Lebanese capital Beirut on 1 August 2024

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෙබනන් අගනුවර වන බේරූට්හි පැවති ෆුවාඩ් ෂුකර්ගේ අවමංගල්‍ය උත්සවය අතරතුර හිස්බුල්ලා ආධාරකරුවන් ඔහුගේ ඡායාරූප අතැතිව සිටින අයුරු

කෙසේ වෙතත්, ෂියා මුස්ලිම් කණ්ඩායමක් වන මෙම සංවිධානය, නව පළපුරුදු ක්ෂේත්‍ර අණ දෙන නිලධාරීන් බිහි කිරීමට උපකාරී වුණු වසර ගණනාවක් පැවති සිරියානු යුද්ධ සටන්වල සහයෙන්, ඇති විය හැකි ඕනෑ ම යුද්ධයක සටන් කරනු ඇත.

හිස්බුල්ලා සංවිධානයට ඉරානයේ සහය ලැබෙන අතර ම ඔවුන්ගෙන් මූල්‍ය සහ හමුදා ආධාර ද ලබයි.

එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය මෙන් ම ඇතැම් අරාබි රාජ්‍යයන් ඇතුළු බොහෝ බටහිර රටවල් විසින් මෙම කණ්ඩායම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස වර්ගීකරණය කරනු ලැබ තිබේ.

ලෙබනන් රජය එය ඊශ්‍රායලයට එරෙහි නීත්‍යනුකූල ප්‍රතිරෝධක කණ්ඩායමක් ලෙස සලකයි. එරට තුළ එය පාර්ලිමේන්තුවේ සැලකිය යුතු නියෝජනයක් ඇති දේශපාලන පක්ෂයක් ලෙස පිළිගැනේ.

A group of Hezbollah fighters is stationed in the village of Sujoud in southern Lebanon
ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්

2006 වසරේදී, හිස්බුල්ලා සංවිධානය දේශසීමා හරහා යමින් පහර දී ඊශ්‍රායල සෙබළුන් අට දෙනෙකු ඝාතනය කර සෙබළුන් දෙදෙනෙකු පැහැර ගැනීමත් සමග දෙපාර්ශවය අතර පූර්ණ යුද්ධයක් ඇති විය. පසුව ඔවුහු ඊශ්‍රායලය සමග සිරකරුවන් හුවමාරුවක් ඉල්ලා සිටියහ.

නිරීක්ෂකයින් විශ්වාස කරන්නේ, ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර දැනට පවතින, වෙහෙසකර යුද්ධය හැකි සියලු ශක්තීන් එක් කර හෝ මහා පරිමාණ යුද්ධයක් බවට පත් වුවහොත්, ඊශ්‍රායලය 2006දී මුහුණ දුන් තත්වයට ම මුහුණ දිය හැකි බව ය: ඔවුහු එහිදී දැඩි ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර පසුව ගොඩබිම් ආක්‍රමණයක් ක්‍රියාත්මක කළේ ය.

තම හමුදා මෙන් ම අවිආයුධ පවා යෙදවුව ද ඔවුන්ට පැහැරගත් සෙබළුන් දෙදෙනෙකු බේරා ගැනීමේ සහ හිස්බුල්ලා සංවිධානය හමුදාමය වශයෙන් මැඩ පැවැත්වීමේ සිය අරමුණු සාක්ෂාත් කර ගැනීමට නොහැකි විය.

Smoke above buildings

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2006 අගෝස්තු 1 වන දින ලෙබනනයේ අයිටා අල්-ෂාබ් ගම්මානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු

2006 යුද්ධය නැවතුමකට පැමිණයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 1701 යෝජනාවෙන් පසුව ය. යුද්ධය අවසන් කිරීම සඳහා අනුමත කරන ලද පාඨයක් වූ එය යුද්ධය දින 34ක් පැවතීමෙන් පසුව 2006 අගෝස්තු 11 දින ඒකමතිකව සම්මත විය.

ඊශ්‍රායලය සිය ප්‍රහාරක මෙහෙයුම් නැවැත්වූ විගස ම හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන මිසයිල ප්‍රහාර අගෝස්තු 14 වන දින උදෑසන නතර කළේ ය.

හිස්බුල්ලා සහ ඊශ්‍රායලය මෙම හේතූන් මත එම යෝජනාව කඩ කරන බවට විවේචනයට ලක් වේ: ඒ, හිස්බුල්ලා සංවිධානය සිය අවි ආයුධ පවත්වාගෙන යාම සඳහා සහ ඊශ්‍රායලය තවමත් ලෙබනන භූමිය අල්ලාගෙන සිටීම මෙන් ම ලෙබනන ගුවන් සීමාව නිතිපතා උල්ලංඝණය කිරීම හේතුවෙනි.

A man surveys the damage of a rocket hitting a building

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2006 ජුලි 23 වැනි දින දකුණු ලෙබනනයේ සිට ඊශ්‍රායලයේ හයිෆා නගරයට රොකට් ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු

ඊශ්‍රායලය වෙත හිස්බුල්ලා සංවිධානය එල්ල කළ ප්‍රහාර

හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායල ස්ථානවලට බෝම්බ හෙලීම ආරම්භ කළේ, පසුගිය වසරේ ඔක්තෝබර් 8 වන දා ය.

"ගාසාවට සහය දැක්වීම සඳහා" මෙය සිදු කරන බව ඔවුහු පැවසූහ. එනම්, හමාස් සංවිධානය විසින් 2023 ඔක්තෝබර් 7 වන දින දකුණු ඊශ්‍රායලයේ සිවිල් වැසියන් සහ සෙබළුන්ට එරෙහිව ක්‍රියාත්මක කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ගාසා තීරයට බෝම්බ හෙළීමෙන් පසුව ය. හමාස් සංවිධානය විසින් සිය ප්‍රහාරය 'ඔපරේෂන් ෆ්ලඩ් ඔෆ් අල්-අක්සා' ලෙස නම් කරනු ලැබ තිබිණි.

ගාසා තීරයේ සටන් විරාමයක් ඇති වන තෙක් මෙම මෙහෙයුම් පවත්වාගෙන යන බව හිස්බුල්ලා සංවිධානය නිවේදනය කළේ ය.

මීට අමතරව, ඉරානයේ සහය ලබන හිස්බුල්ලා, හමාස්, ඉස්ලාමීය ජිහාඩ්, හූති සහ ඉරාක කණ්ඩායම් ඇතුළත් උපායමාර්ගික මිලිටරි සන්ධානයක සහයෝගයෙන් කටයුතු කරන විවිධ හමුදා කණ්ඩායම් සමග ඊනියා "සංග්‍රාම භූමි එකතුව (unity of arenas)" පිළිබඳව පැහැදිලි අදහසක් ලැබී තිබේ.

An emergency work in front a damaged apartmnent complex

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල හදිසි සහන සේවා නිලධාරීන් 2024 මාර්තු 27 වන දින ලෙබනනයේ සිට එල්ල කරන ලද රොකට් ප්‍රහාරයකින් හානියට පත් කිරියාට් ෂ්මෝනා හි ගොඩනැගිල්ලක් පරීක්ෂා කරමින්
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

හිස්බුල්ලා සංවිධානය සමග යුද්ධයක් ඇති වුවහොත් ලෙබනනය යළි "ගල් යුගයට" යන බවට ඊශ්‍රායලය අනතුරු අඟවා ඇතත් හිස්බුල්ලා සහ ඊශ්‍රායල නිලධාරීන් පවසා ඇත්තේ, තමන් යුද්ධයට සූදානම් නමුත් මහා පරිමාණ ගැටුමකින් වැළකී සිටීමට කැමැත්තක් දක්වන බව ය.

දේශසීමා ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ 90,000කට වැඩි පිරිසකට - බොහෝ දුරට සිවිල් වැසියන්ට - ඔවුන්ගේ නිවෙස්වලින් පිටව යාමට සිදුව ඇති බව එක්සත් ජාතීන් පවසයි. ඊශ්‍රායල ප්‍රහාරවලින් සිවිල් වැසියන් 100 දෙනෙකු සහ හිස්බුල්ලා සටන්කාමීන් 366 දෙනෙකු මිය ගිය බව එම සංවිධානය පවසයි.

ඊශ්‍රායලයේ නිලධාරීන් පවසන්නේ, හිස්බුල්ලා සංවිධානයේ ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 60,000කට තම නිවෙස් අතහැර යාමට සිදුව ඇති අතර සිවිල් වැසියන් 10 දෙනෙකු ඇතුළු 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ය.

දකුණු ලෙබනනයේ ගොඩනැගිලි 3,200කට වැඩි ගණනකට පූර්ණ හෝ අර්ධ වශයෙන් හානි සිදුවී ඇති ආකාරය දිස්වන චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යයනයෙන් බීබීසීය විශ්ලේෂණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඊශ්‍රායල මාධ්‍ය පවසන්නේ උතුරු ඊශ්‍රායලයේ ගොඩනැගිලි 1,00කට වැඩි ගණනකට හානි සිදුව ඇති බව ය.

A man clambers over a collapsed building

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"වඩා ත් අසීරු ම විරුද්ධවාදියා"

හිස්බුල්ලා සංවිධානය "මේ මොහොතේ ඊශ්‍රායලයට සිටින අසීරු ම විරුද්ධවාදියා" විය හැකි බව බ්‍රිතාන්‍ය හමුදා විශේෂඥ ජස්ටින් ක්‍රම්ප් පවසන අතර ගැටුම පුළුල් වුවහොත් විමතියට පත්වන සිදුවීම් ඇති විය හැකි බවට ද පවසයි.

බ්‍රිතාන්‍ය හමුදාවේ වසර ගණනාවක් සේවය කළ සහ ලන්ඩනයේ හමුදා උපදේශන සමාගමක් වන 'Sibylline' ආරම්භ කළ ක්‍රම්ප් පවසන්නේ, "2006දී තිබුණු හැමදේ ම හිස්බුල්ලා සංවිධානය සතුව තිබෙනවා, නමුත් විශාල ප්‍රමාණවලින්."

ඇමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සියට අනුව, හිස්බුල්ලා සංවිධානය සතුව විවිධ වර්ගවල සහ පරාසයන්ගෙන් යුත් ෂෙල් වෙඩි සහ මිසයිල 150,000ක් පමණ මෙන් ම සටන්කරුවන් 45,000ක් පමණ ඇත. කණ්ඩායමේ නායක හසන් නස්රල්ලා මීට පෙර කියා සිටියේ, එහි සටන්කරුවන් 100,000 කට වඩා සිටින බව ය.

Iron Dome

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2006 ජූලි ඊශ්‍රායල යුද්ධයේදී, ඔවුන් විසින් කට්යූෂා (Katyusha) සහ ග්‍රැඩ් (Grad) රොකට්ස් සහ යුද්ධ ටැංකි නාශක මිසයිල මෙන් ම රුසියාවේ නිෂ්පාදිත කෝනෙට් (Kornet) මිසයිල ඇතුළු ඉලක්කයක් වෙත නිවැරදිව පහර දිය හැකි මිසයිල පුළුල් ලෙස භාවිත කරන ලදී.

ඊශ්‍රායලයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ ඉහළ හැකියාවක් තිබුණ ද "භූමියේ වාසිය, ඒ කියන්නේ ගමන් කරන්න තියෙන දුෂ්කර බව, හිස්බුල්ලා සංවිධානයට තියෙනවා," ක්‍රම්ප් පවසයි.

"හිස්බුල්ලා සංවිධානයට තමන්ගේ වාහන සහ මිසයිල ප්‍රහාර එල්ල කරන ස්ථාන සඟවා තබා ගැනීමට දැන් වඩා හොඳ හැකියාවක් ලැබිලා තියෙන නිසා, ඊශ්‍රායලය වෙත එල්ල කරන මිසයිල ප්‍රහාර, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පමණක් නතර කරන්න නැහැ. ඒ නිසා ඊශ්‍රායලය ගොඩබිම් ආක්‍රමණයක් ගැන බැරෑරුම් ලෙස සලකා බලන්න පුළුවන්," ඔහු වැඩිදුරටත් පවසයි.

"මම යුද්ධ ටැංකිවලට අණ දෙන නිලධාරියෙක් වුණා නම්, හිස්බුල්ලා සහ එහි යුද්ධ ටැංකි නාශක මිසයිලවලට පහර දෙන්න ලිටානි ගඟෙන් දකුණට [දකුණු ලෙබනනයේ] මම කීයවටත් යවන එකක් නැහැ. මම සතුටු වෙන එකක් නැහැ."

යුධෝපකරණ සහ මිසයිල ගබඩාව

හිස්බුල්ලා සංවිධානය තම අවි එකතුවේ ප්‍රමාණය හෝ ඔවුන් සතුව ඇති මිසයිල වර්ග ඒවා භාවිත කරන තුරු හෙළි නොකරයි.

පසුගිය වසර පුරා ප්‍රකාශයට පත් කරන ලද බොහෝ බුද්ධි වාර්තාවලට අනුව, හිස්බුල්ලා සංවිධානයේ ආයුධවල ප්‍රධාන සැපයුම් මාර්ගය ඉරානය වන අතර ඉරාකය සහ සිරියාව හරහා ගොඩබිමෙන් ආයුධ ගලා එයි.

මෙම ආයුධ අතර අල්මාස්-3 (Almas-3) යුද්ධ ටැංකි නාශක මිසයිලය ඇති අතර එය නිවැරදිව ඉල්ලක්ක හඹා යා හැකි ඉරාන මිසයිලවල නව පරම්පරාවකි.

හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව ප්‍රථම වතාවට බුර්කාන් (Burkan) මිසයිලය සහ 2015දී සිරියාවේදී ඝාතනයට ලක්වූ හිස්බුල්ලා නායකයාගේ නමින් නම් කරන ලද ජිහාඩ් මුග්නියේ (Jihad Mughniyeh) මිසයිලය ද භාවිතා කළේ ය.

කාඩිෆ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියකු සහ "Hezbullah: Politics and Religion" කෘතියේ කර්තෘ අමල් සාද් මෙසේ පවසයි: "අද අප දකින්නේ 2006දී අප දුටු හිස්බුල්ලා සංවිධානයේ දියුණු සහ සංවර්ධිත ආකාරයක්."

"හිස්බුල්ලා සාම්ප්‍රදායික හමුදාවක ලක්ෂණ සහ සාම්ප්‍රදායික නොවන හමුදා කණ්ඩායම්වල ලක්ෂණ ඒකාබද්ධ කරන දෙමුහුන් හමුදාවක් කියන තත්ත්වයෙන් ඔබ්බට ගිහින් තියෙන්නේ," ඇය පවසයි.

Rockets being intercepted in the sky

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2024 ජූලි 8 වන දින උතුරු ඊශ්‍රායලයේ ගලීලී ප්‍රදේශයට ඉහළින් ඊශ්‍රායලයේ අයන් ඩෝම් ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් දකුණු ලෙබනනයේ සිට එල්ල කරන රොකට් විනාශ කළ අයුරු

මෙම වර්ගීකරණය පදනම් වී ඇත්තේ හමුදා සංවිධානය, ප්‍රමාණය, උපක්‍රම සංවර්ධනය, පුහුණු මට්ටම සහ හිස්බුල්ලා සංවිධානය සතු වෘත්තීය විශේෂ බළකායන් මත බව ඇය පවසයි. එය ඔවුන් සතුව ඇති ආයුධ, විශේෂයෙන් මිසයිල මත රඳා පවතී.

දිගුකලක් හිස්බුල්ලා නායකත්වයේ සිටින හසන් නස්රල්ලා, කණ්ඩායම සතුව ඇති ඊශ්‍රායලය අභ්‍යන්තරයට ළඟා විය හැකි නිවැරදිව ඉලක්ක හඹා යා හැකි සහ දියුණු මිසයිල ගැන මීට පෙර සඳහන් කර ඇත.

හමුදා කටයුතු පිළිබඳ විශේෂඥ මාධ්‍යවේදියෙකු සහ හිස්බුල්ලා සංවිධානයට සමීප ලෙබනන් රූපවාහිනී නාලිකාවක් වන Mayadeenහි විශ්ලේෂකයෙකු වන අලි ජසිනි මෙම ප්‍රකාශය කිලෝමීටර් 300 (සැතපුම් 190) පරාසයකට ළඟා විය හැකි කෙටි දුර, නිවැරදිව ඉලක්ක වෙත ළඟා විය හැකි බැලස්ටික් මිසයිල ඔවුන් සතුව ඇති බවට ඉඟියක් විය හැකි බව පවසයි.

මෙම මිසයිල වර්ගය ඊශ්‍රායලයට ඇති කෙටි දුර හේතුවෙන් කණ්ඩායමට වාසියක් අත් කර දිය හැකි බව ත් ඊශ්‍රායල හමුදාවට ඒවාට ප්‍රතික්‍රියා දැක්වීමට ඇති කාලය සීමා කළ හැකි බව ත් ඔහු තවදුරටත් පවසයි.

හිස්බුල්ලා සංවිධානය ද රුසියානු මිසයිල භාවිත කරන බවට ඇතැම් මිසයිල හෝ ඒවායේ කොටස් අන්තර්ගතව ඇති ඇතැම් ඡායාරූපවලින් ද පැහැදිලි වී තිබේ.

ක්‍රම්ප්ට අනුව, හිස්බුල්ලා සංවිධානය මෙම මිසයිල සිරියාවෙන් ලබා ගන්නට ඇත; ඉරානය බොහෝ රුසියානු යුද්ධ අවිවල පිටපත් රැසක් නිෂ්පාදනය කරන බැවින් ඔවුන්ට හිස්බුල්ලා සංවිධානය වෙත එම ආයුධ ම සැපයිය හැකි ය. නමුත් ඒවා පැමිණෙන්නේ ඉරානයෙනි.

The Hezbollah flag being held in the air by a drone

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, The Hezbollah flag carried by a drone

ඩ්‍රෝන් යුද්ධය

මිසයිල හැරුණු විට, වත්මන් යුද්ධයේ ප්‍රධාන ලක්ෂණයක් විය හැක්කේ, ඩ්‍රෝන් මත දැඩි ලෙස රඳා පැවතීම විය හැකි ය. විශේෂයෙන් හිස්බුල්ලා සංවිධානය විසින් ප්‍රථම වරටමිසයිලවලින් පුරවන ලද ප්‍රහාරක ඩ්‍රෝන යානා හෝ ඔවුන් පවසන පරිදි “ස්වූපින්ග්” ඩ්‍රෝන් යානා භාවිත කළ හැක.

ක්‍රම්ප් පවසන්නේ: "හිස්බුල්ලා සංවිධානය ඩ්‍රෝන යානා වඩා හොඳ සහ නව්‍ය ආකාරයෙන් භාවිත කරනවා."

මෙම බ්‍රිතාන්‍ය හමුදා විශේෂඥයා පැහැදිලි කරන්නේ, 2006ට පෙර සිට හිස්බුල්ලා සතුව ඩ්‍රෝන් ඒකකයක් තිබූ නමුත් එය හමුදා වර්ගයට අයත් එකක් වූ බව ය.

"අද ඔවුන් සියලු සන්නද්ධ කණ්ඩායම් සහ හමුදාවන් මෙන් වාණිජ ඩ්‍රෝන යානා මත වැඩි වශයෙන් රඳා සිටින්නේ පොදුවේ යුද්ධවලදී ඩ්‍රෝන යානාවල කාර්යභාරය වඩ වඩා ත් වැදගත් වන නිසා."

මෙම සන්දර්භය තුළ, ජසිනි තර්ක කරන්නේ, භාවිත කරන ඕනෑ ම වාණිජ ඩ්‍රෝන යානාවක් පහසුවෙන් අහිරවීම වැළැක්වීම සඳහා වෙනස් කිරීම්වලට භාජනය කර ඇතැයි ඔහු අපේක්ෂා කරන අතර, හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලයට යවා හමුදා සහ වැදගත් ඒකක රූගත බව කියන ඩ්‍රෝන් යානා මිලිටරි ඒවා බව ඔහුගේ විශ්වාසයයි සඳහන් කරයි.

හිස්බුල්ලා සංවිධානය නිහඬ ඩ්‍රෝන යානයක් භාවිත කිරීම ආරම්භ කිරීම ගැන ඊශ්‍රායල මාධ්‍යවල පසුගිය දා කතාබහට ලක් විය. එය Shahed 101 වර්ගයේ ඉරාන විද්‍යුත් ඩ්‍රෝන යානයක් වන අතර එය පියාසර කිරීමේදී කිසිදු ශබ්දයක් නිකුත් නොකරයි. එබැවින් එයට බාධා කිරීම දුෂ්කර ය. ඒ, විශේෂයෙන් ම එය අඩු උන්නතාංශයකින් පියාසර කරන අතර රේඩාර්වලට පහසුවෙන් හඳුනාගත නොහැකි බැවිනි. හිස්බුල්ලා සංවිධානයට සමීප මූලාශ්‍රවලට අනුව, මෙම ඩ්‍රෝන යානය මීට පෙර යේමනයේ සහ ඉරාක කණ්ඩායම් විසින් භාවිත කරනු ලැබ ඇත.

Flames a smoke billow in the air as a suited and masked firefighter prepares to put the blaze out

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2024 ජුනි 25 වන දින දකුණු ලෙබනනයේ සිට එල්ල ඩ්‍රෝන් ප්‍රහාරයකින් පසු

2023 ඔක්තෝබර් මාසයේ සිටි හිස්බුල්ලා සංවිධානය සහ අද සිටින හිස්බුල්ලා සංවිධානය අතර ඇති විශාල වෙනසක් ලෙස ඔහු පවසන දේ ජසිනි මෙලෙස පෙන්වා දෙයි: "ඊශ්‍රායල හමුදාව සතුව සංඥා බුද්ධි (signals intelligence), අවහිර කිරීම් (jamming) සහ සන්නිවේදන (communications) ක්ෂේත්‍රයේ ලෝකයේ වඩා ත් ම දියුණු තාක්‍ෂණයන් විය හැකි දේ තියෙනවා. ඒ නිසා දේශසීමාවේ සිට කිලෝමීටර් 20ක් දුරින් පිහිටි ස්ෆාට්හි සිදු වූවාක් මෙන් ඊශ්‍රායලය අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කරන ඩ්‍රෝන යානා යැවීමට හෝ ඊශ්‍රායලයේ සංවේදී ස්ථානවල ඡායාරූප ගැනීමට ඩ්‍රෝන යානයක් යවා ආපසු ගෙන්වා ගැනීමට හිස්බුල්ලා සංවිධානය සතු හැකියාවෙන් පෙන්නුම් කරන්නේ, ඊශ්‍රායල තාක්ෂණික ප්‍රගතිය සමග කටයුතු කරන්න ඔවුන් පාඩම් ඉගෙන ගෙන නම්‍යශීලී බවක් පෙන්නුම් කරලා තියෙනවා කියන එක."

ඩ්‍රෝන යානාවල හැකියාවන් ප්‍රදර්ශනය කිරීම සහ හර්මීස් 450 හෝ හර්මීස් 900 වර්ගයේ ඉතා දියුණු ඊශ්‍රායල ඩ්‍රෝන යානා ගණනාවක් බිම හෙළීමට හිස්බුල්ලා සංවිධානය සතු හැකියාව හෝ ඒවා සමග ගැටීමෙන් පසු ප්‍රහාරක ගුවන් යානා ලෙබනන් ගුවන් සීමාවෙන් පිට කළ බවට ඔවුන් සිදු කළ නිවේදනය, තම ගුවන් කලාපයේ ඊශ්‍රායල මෙහෙයුම් සිදු කිරීම අධෛර්යමත් කිරීමේ උපායක් ස්ථාපනය කිරීමේ හිස්බුල්ලා ප්‍රවේශය ගැන කතා කිරීමට ඇතැමෙක් යොමු වූහ.

කෙසේ වෙතත්, නිරීක්ෂකයින් මෙය අතිශයෝක්තියක් ලෙස සලකයි.

ජසිනි පැහැදිලි කරන්නේ, "ගුවන් ගැටුම් ප්‍රශ්නය සංකීර්ණ වන්නේ, එය ගුවන් යානයක් ඉලක්ක කර ගැනීම පමණක් නොව, අඛණ්ඩව සිදුවන ක්‍රියා සමග සම්බන්ධ වන නිසා. මම කියන්නේ දින 10ක පුරා ගුවන් යානා බිම හෙළීමේ හැකියාවක් තියෙනවා ද? ඔබට තවදුරටත් ඒ දේ කරන්න බැරි වෙනවා ද? එය ඉලක්කය මත ද රඳා පවතී. ඉලක්කය ඊශ්‍රායල ගුවන් මෙහෙයුම් ගණන අඩු කිරීම සහ එය සිදුවන්නේ නම්, නිශ්චිත ඉලක්කය සපුරා ගෙන තියෙන්නේ."

ඔහු මෙසේ ද පවසයි: "නමුත් කරුණු දෙස බැලීමේදී, හිස්බුල්ලා සංවිධානය ඉන්නේ ඊශ්‍රායල ගුවන් හමුදාව ලෙබනන් ගුවන් සීමාවේ සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වීම වැළැක්වීමෙන් බොහෝ ඈත."

මෙය හිස්බුල්ලා සංවිධානයට ඊශ්‍රායල ගුවන් යානා අඩු උන්නතාංශවල පියාසර කිරීම සීමා කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන ක්‍රම්ප්ගේ තක්සේරුවට අනුකූල වන නමුත් ඊශ්‍රායලයට උඩු ගුවනේදී ප්‍රහාර එල්ල කළ හැකි බැවින් "හිස්බුල්ලා සංවිධානයට ඇත්ත වශයෙන් ම ඊශ්‍රායල ගුවන් යානාවලට ගුවන් අවකාශය වසා දැමිය නොහැක යැයි”, ඔහු පවසයි.

Hezbollah fighters on manoevres

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හිස්බුල්ලා සටන්කරුවන් යුද්ධ අභ්‍යාසවල යෙදෙන අයුරු

'ප්‍රතිරෝධයේ අක්ෂය'

යේමනයේ හූති කැරලිකරුවන් භාවිත කරන ආයුධ හිස්බුල්ලා සංවිධානය සතුව තිබිය හැකි බව ත්, හමාස් හෝ හූති කැරලිකරුවන් සතුව ඇති ඕනෑ ම ආයුධයක්, අනෙක් ආයුධත් සමග ම හිස්බුල්ලා සංවිධානය ද සතුව පවතින බව ත් ක්‍රම්ප් විශ්වාස කරයි.

ඔහු පවසන්නේ: "මෙම කණ්ඩායම් සියල්ල ම 'තොරතුරු, තාක්ෂණය සහ ආයුධ' බෙදා ගන්නවා. ඔවුන් අතරින් වඩා ත් ම දියුණු හිස්බුල්ලා සංවිධානය".

අමල් සාද්ට අනුව, යුද්ධය ප්‍රසාරණය වනු ඇතැයි සිදු කෙරෙන ඕනෑ ම පුරෝකථනයක් වර්තමාන සන්දර්භය සැලකිල්ලට ගත යුතු ය. එනම්, ඊශ්‍රායලයට එරෙහිව "ප්‍රතිරෝධයේ අක්ෂය" ලෙසින් හඳුන්වනු ලබන "සංග්‍රාම භූමි එකතුව (unity of arenas)" සහ තනි අක්ෂයක් තුළ ක්‍රියාත්මක වන විවිධ හමුදා කණ්ඩායම් ගැන අවබෝධ කර ගත යුතු ය.

ඇයට අනුව, "අතීතයේ 'සංග්‍රාම භූමි එකතුව (unity of arenas)' කියලා දෙයක් තිබුණේ නැහැ. ඔවුන් අද සටන් කරන්නේ වර්ධනය වීමට ඉඩ ඇති උපායමාර්ගික සන්ධානයක් ලෙස යි."

"ප්‍රතිරෝධයේ අක්ෂය" ලෙසින් හඳුන්වන මෙම අක්ෂයට ඉරානය විසින් සහය දක්වනු ලබන හමුදා කණ්ඩායම් කිහිපයක් ඇතුළත් වේ. නමුත් ඒවාට වෙන් වූ අනන්‍යතාවක් පවතී.

මෙම කණ්ඩායම් බොහොමයක් එක්සත් ජනපදය සහඇතැම් අරාබි රාජ්‍යයන් විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරනු ලැබ ඇත.

මෙම අක්ෂයට ලෙබනන් හිස්බුල්ලා සංවිධානයට අමතරව පලස්තීන හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ්, යේමනයේ හූති අන්සාර් අල්ලාහ් සහ ඉරාක කණ්ඩායම් ඇතුළත් වේ.

ඉරාන විදේශ අමාත්‍යංශය "ලෙබනනයේ සිදු කෙරෙන ඕනෑ ම නව ක්‍රියාවක් සඳහා අනපේක්ෂිත ප්‍රතිවිපාක" ගැන

ඊශ්‍රායලයට අනතුරු ඇඟවූ බව දැන දැන ත් මෙම කණ්ඩායම් හිස්බුල්ලා සංවිධානයට එරෙහි ඕනෑ ම පුළුල් යුද්ධයක කුමන භූමිකාවක් ඉටු කරයි ද යන්න නොදනී.

2006 යුද්ධය සිට 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය අතර කාලයේ, ආතතීන් සහ ඇතැම් දේශසීමා උල්ලංඝණයන් පැවතිය ද, එය ලෙබනන-ඊශ්‍රායල් දේශසීමාවේ දුටු දීර්ඝතම සාමකාමී කාල පරිච්ඡේදය විය.

නමුත් ඉතා ඉක්මනින් සිදු විය හැකි, ඉදිරියේදී සිදුවීමට නියමිත දේ සඳහා සූදානමක් සිදු වී නොමැති බව මින් අදහස් නොවේ.