හමාස් ප්‍රහාරය නැවැත්වීමට ඊශ්‍රායල බුද්ධි අංශ අපොහොසත් වූයේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, REUTERS
- Author, ෆ්‍රෑන්ක් ගාඩ්නර්
- Role, බීබීසී ආරක්ෂක වාර්තාකරු
"මේක වුණේ කොහොම ද කියලා අපිට හිතා ගන්න බෑ."
සියලු සම්පත් තිබියදීත් ඊශ්‍රායල බුද්ධි අංශ මෙම ප්‍රහාරය සිදු වන බව නොදැන සිටියේ කෙසේ දැයි මා විමසූ විට ඊශ්‍රායල නිලධාරීන් දැක්වූ ප්‍රතිචාරය එය යි.
ආයුධ සන්නද්ධ පලස්තීන තුවක්කුකරුවන් විශාල ගණනක් ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර දැඩි ආරක්ෂාවක් යොදවා ඇති දේශසීමාව හරහා යාමට සමත් වූ අතර ගාසා තීරයේ සිට ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර දහස් ගණනක් එල්ල කරනු ලැබී ය.
ඊශ්‍රායලයේ අභ්‍යන්තර ඔත්තු සේවය වන ෂින් බෙට්, එරට බාහිර ඔත්තු ඒජන්සිය වන මොසාඩ් සහ ඊශ්‍රායල් ආරක්ෂක අංශ සතු සියලු සම්පත් ඒකාබද්ධ කර ගනිමින් දැරූ ප්‍රයත්නයන් තිබියදීත් එම ප්‍රහාරය එල්ල වන බවට කිසිවෙකුත් නොදැන සිටීම පුදුමසහගත ය.
එසේ නොමැති නම්, ඔවුන් එය දැක ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අපොහොසත් වූවා විය හැකි ය.
ඊශ්‍රායලයට මැද පෙරදිග වඩා ත් ම පුළුල් සහ වැඩි වශයෙන් අරමුදල් සැපයන ඔත්තු සේවා ඇතැයි පැවසේ.

ඔවුන්ට පලස්තීන සටන්කාමී කණ්ඩායම් තුළ මෙන් ම ලෙබනනය, සිරියාව සහ වෙනත් තැන්වල තොරතුරු සපයන්නන් සහ නියෝජිතයන් සිටියි.
ඔවුන්, අතීතයේදී, සටන්කාමී නායකයින්ගේ සියලු ගමනා ගමන තොරතුරු ගැන අභ්‍යන්තර වශයෙන් තොරතුරු ලබා ගෙන, නියමිත වේලාවට ඔවුන්ව ඝාතනය කර ඇත.
ඇතැම් අවස්ථාවලදී ඔවුන් මේවා සිදු කර ඇත්තේ, සිය නියෝජිතයන් පුද්ගලයෙකුගේ මෝටර් රථයක ජීපීඑස් ට්‍රැකර් එකක් සවි කිරීමෙන් පසුව එල්ල කරන ලද ඩ්‍රෝන් ප්‍රහාරවලිනි. තවත් විටෙක අතීතයේදී ඔවුන් පුපුරා යන ජංගම දුරකතන පවා භාවිත කර තිබේ.
භූමියේ, ගාසා සහ ඊශ්‍රායලය අතර නොසන්සුන් දේශසීමා වැට දිගේ කැමරා, භූ චලන සංවේදක සහ සාමාන්‍ය හමුදා මුර සංචාර පවා යොදවා ඇත.
මෙම ප්‍රහාරය අතරතුර රට තුළට අනවසරයෙන් ඇතුළුවීම නිශ්චිතව ම වැළැක්වීමට කටු කම්බි සහිත වැට "කදිම බාධකයක්" විය යුතුව තිබිණි.
එහෙත් හමාස් සටන්කාමීහු එය ඩෝසර් කර, කම්බිවල සිදුරු ඇති කර හෝ මුහුදෙන් සහ පැරග්ලයිඩර් මගින් ඊශ්‍රායලයට ඇතුළු වූහ.
ඊශ්‍රායල භූමිය ආසන්නයේ ම රොකට් දහස් ගණනක් ගබඩා කිරීම සහ ඒවා යොදා ගනිමින් මනා සම්බන්ධීකරණයෙන් යුත් සංකීර්ණ ප්‍රහාරයක් සඳහා සූදානම් වීමට මෙන් ම, එය ක්‍රියාත්මක කිරීමට හමාස් සංවිධානයට තම සැලසුම් වෙනුවෙන් අසාමාන්‍ය මට්ටමේ මෙහෙයුම් ආරක්ෂාවක් තිබිය යුතු ය.

පුළුල් පරීක්ෂණයක් ඇරඹේ
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
1973 ඔක්තෝබර් මාසයේදී ඊශ්‍රායලයේ සතුරන් විසින් එල්ල කරන ලද තවත් හදිසි ප්‍රහාරයක් වන, '1973 ඔක්තෝබර් යොම් කිපූර් යුද්ධයේ' 50 වන සංවත්සරය වන විට, මේ සියල්ල සිදු වූයේ කෙසේ ද යන්න පිළිබඳව ඊශ්‍රායල මාධ්‍ය ඔවුන්ගේ රටේ හමුදා සහ දේශපාලන නායකයින්ගෙන් ප්‍රශ්න කිරීම පුදුමයක් නොවනු ඇත.
ඊශ්‍රායල නිලධාරීන් මා හා පවසන්නේ, පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ත් ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමට "වසර කිහිපයක් ගත වනු ඇති බව ත්" ය.
නමුත් මේ වන විට ඊශ්‍රායලයට අවධානය යොමු කිරීමට ඊට වඩා වැදගත් ගැටලු ඇත. ඔවුන්ට දේශසීමා වැටේ ඊශ්‍රායලයට අයත් කොටසේ ගම්මාන කිහිපයක පාලනය අත්පත් කර ගෙන ඇති හමාස් සටන්කාමීන් ඉවත් කරමින් එහි දකුණු දේශසීමාවට අනවසරයෙන් ඇතුළු වීම මැඩපැවැත්වීමට සහ මර්දනය කිරීමට අවශ්‍ය වනු ඇත.
සන්නද්ධ ගලවා ගැනීමේ මෙහෙයුමක් හරහා හෝ සාකච්ඡා මාර්ගයෙන් සතුරන්ට අසුවී සිටින තමන්ගේ ම පුරවැසියන් බේරා ගැනීමේ ප්‍රශ්නය විසඳීමට ඔවුන්ට අවශ්‍ය වනු ඇත.
තමන් වෙත රොකට් ප්‍රහාර එල්ල වන ස්ථාන විනාශ කිරීමට ඊශ්‍රායලය උත්සහ ගනු ඇත. කෙසේ වෙතත්, ඒවා ඉතා කෙටි කාලයක් තුළ ඕනෑ ම තැනක සිට එල්ල විය හැකි බැවින් එය සිදු කිරීම අපහසු කාර්යයක් වනු ඇත.
ඇතැම් විට ඊශ්‍රායලයට ඇති විශාල ම කනස්සල්ල මෙය යි: ආයුධ ලබා දෙන්නැයි හමාස් සංවිධානය කරන ඉල්ලීම්වලට අන් අය ප්‍රතිචාර දැක්වීම නවත්වන්නේ කෙසේ ද?, බටහිර ඉවුර දක්වා පැතිර යන මෙම ගිනිදැල් වළක්වා ගන්නේ කෙසේ ද? සහ ලෙබනනයට උතුරින් පිහිටා ඇති තම දේශසීමාව හරහා හිස්බුල්ලා සංවිධානයේ දැඩි ලෙස සන්නද්ධ සටන්කරුවන් මීට ඇදී ඒමේ හැකියාවක් ඇති ද? යන්න ය.












