බීබීසී රහසිගත රූගත කිරීමකින් හෙළිවූ එක්සත් රාජධානියේ විශාලතම පොලිස් බළකාය තුළ සැඟවුණු වර්ගවාදී සහ ස්ත්‍රී විරෝධී සංස්කෘතිය

A composite image of hidden camera stills showing three people: from the left, Sgt Joe McIlvenny, a man with a shaven head and a grey beard, wearing a police uniform and a lanyard round his neck; PC Martin Borg, a man with dark hair and a dark beard, wearing a leather jacket; and PC Phil Neilson, a man with short brown hair wearing a grey hoodie in a pub with a pint of Guinness in front of him.
    • Author, ඒඩ්‍රියන් පොල්ග්ලේස්
    • Role, BBC Panorama
    • Author, ජෝසෆ් ලී

එක්සත් රාජධානියේ විශාලතම පොලිස් බළකාය වන මෙට්‍රොපොලිටන් පොලිසියේ සේවය කරන නිලධාරීන්, සංක්‍රමණිකයින්ට වෙඩි තැබිය යුතු බවට කළ ඉල්ලීම් හා බලය යෙදවීම ගැන කළ ප්‍රීති ඝෝෂා, බීබීසී පැනොරාමා වැඩසටහන සඳහා සේවය කරන රහසිගත වාර්තාකරුවෙකු විසින් හසුකර ගන්නා ලද දර්ශනවල වූ ස්ත්‍රී දූෂණ චෝදනා ද ප්‍රතික්ෂේප කොට තිබේ.

2021 වසරේදී පොලිස් නිලධාරියෙකු විසින් 31 හැවිරිදි සාරා එවරාඩ් නම් කාන්තාවක ඝාතනය කිරීමෙන් පසු "කෲර හැසිරීම්" වලට එරෙහි වන බවට මෙට්‍රොපොලිටන් පොලිසිය ලබා දුන් පොරොන්දුව ස්ත්‍රී විරෝධීභාවය සහ වර්ගවාදය පිළිබඳව වන සාක්ෂි මගින් අභියෝගයට ලක් වී තිබේ.

බීබීසී පැනොරාමා වැඩසටහනේ රහසිගත රූගත කිරීම්වල දැක්වෙන්නේ, නිලධාරීන් සිය සගයන්ට ලිංගික අදහස් දක්වන ආකාරය සහ සංක්‍රමණිකයන් සහ මුස්ලිම්වරුන් පිළිබඳ ජාතිවාදී අදහස් පළ කරන ආකාරය යි.

මෙම සාක්ෂිවලින් හෙළි වන්නේ, මෙට්‍රොපොලිටන්වලින් පලවා හැරිය යුතු ජාතිවාදී සහ ස්ත්‍රී විරෝධී ආකල්ප ඒ වෙනුවට ඒ මත පදනම්ව එහි ගැඹුරට කිදා බැස ඇති බවයි. "කවුරුහරි අලුතින් එනවා, ඉහළට යනවා, ඒ මූණ දා ගන්නවා. ඔයා ඒවා තේරුම් ගන්න ඕනෙ," එක් නිලධාරියෙක් පැවසීය.

බීබීසී විසින් මෙට්‍රොපොලිටන් පොලිසියට සවිස්තරාත්මක චෝදනා ලැයිස්තුවක් යැවීමෙන් පසු, නිලධාරීන් අට දෙනෙකු සහ එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ සේවය අත්හිටුවා, තවත් නිලධාරීන් දෙදෙනෙකු ඉදිරි පෙළ රාජකාරිවලින් ඉවත් කරන ලදී. (එම බළකායට නායකත්වය දෙන) කොමසාරිස් ශ්‍රීමත් මාර්ක් රෝලි පැවසුවේ, පැනොරාමා විසින් දක්වා ඇති හැසිරීම "නින්දිත, සම්පූර්ණයෙන් ම පිළිගත නොහැකි සහ පොලිස් බළකායේ වටිනාකම් සහ ප්‍රමිතීන්ට පටහැනි" බව ය.

අවවාදයයි: මෙම කතාවේ දැඩි ලෙස අපහාසාත්මක සහ වෙනස්කොට සැලකීම් උද්දීපනය වන වචන සහ අසභ්‍ය භාෂා විලාසයන්නැවත නැවතත් භාවිත කර තිබේ.

අපගේ රහසිගත වාර්තාකරු විසින් රූගත කරන ලද නිලධාරීන් පිළිබඳ විස්තර පහත දැක්වේ.

ගැබිනි කාන්තාවකගේ ස්ත්‍රී දූෂණ සහ ගෘහස්ථ හිංසනය පිළිබඳ චෝදනා ප්‍රතික්ෂේප කළ, මෙට්‍රොපොලිටන් ප්‍රාන්තයේ වසර 20 කට ආසන්න සේවා කාලයක් ඇති නිලධාරියෙකු වන සැරයන් ජෝ මැක්ල්වෙනි. ඔහු ඇප මත නිදහස් කිරීමට ගත් තීරණය පිළිබඳව සගයෙකු කනස්සල්ල පළ කිරීමෙන් පසුව ඔහු පිළිතුරු දුන්නේ: "ඒක තමයි ඇය කියන්නේ." යනුවෙනි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පොලිස් කොස්තාපල් මාටින් බෝර්ග්, තවත් නිලධාරියෙකු වන සැරයන් ස්ටීව් ස්ටෑම්ප් සැකකරුවෙකුගේ කකුලක් පාගා දමනු දුටු ආකාරය උද්යෝගයෙන් විස්තර කළේ ය. සැකකරු මුලින් ම සැරයන්වරයාට පයින් ගැසීමට උත්සහ කළ බව පවසමින් තමා ප්‍රකාශයක් කිරීමට ඉදිරිපත් වූ ආකාරය විස්තර කරන විට පීසී බෝර්ග් සිනාසුණේ ය. එම ප්‍රකාශය සත්‍ය දැයි සීසීටීවී දර්ශනවලින් පැහැදිලි නොවීය.

පොලිස් කොස්තාපල් ෆිල් නීල්සන් වීසා කාලය ඉක්මවා රැඳී සිටි රැඳවියෙකුගේ "ඔළුව හරහා උණ්ඩයක් යැවිය යුතු" බවත් "පුරුෂ ලිංගේන්ද්‍රය යෝනි මාර්ගයට ඇතුළු කර රුධිරය පිටවෙන තෙක් ම සංසර්ගයේ යෙදී දූෂණය කළ යුතු" බවත් තැබෑරුමකදී අපගේ වාර්තාකරුට පවසා තිබේ.

බීබීසී පැනොරාමාහි රහසිගත වාර්තාකාරිනී රෝරි බිබ්, මේ වසරේ ජනවාරි දක්වා මාස හතක් එක්සත් රාජධානියේ කාර්ය බහුල ම පොලිස් ස්ථානයක් වන මධ්‍යම ලන්ඩනයේ Charing Cross පොලිස් ස්ථානයේ රැඳවුම් නිලධාරියෙකු ලෙස කටයුතු කළා ය. එය සිවිල් භූමිකාවක් වන අතර එයට සැරයන්වරුන් සහ කොස්තාපල්වරුන් සමග සමීපව කටයුතු කිරීම ඇතුළත් වන නමුත් අත්අඩංගුවට ගැනීම්වලට සහභාගී නොවේ.

මෙට්‍රොපොලිටන් පොලිසියට අයත් රැඳවුම් මධ්‍යස්ථාන 22න් එකක් Charing Crossහි පිහිටුවා තිබේ. එහි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සහ චෝදනා එල්ල කිරීමට හෝ නිදහස් කිරීමට පෙර රඳවා තබා ගනී. එය බොහෝ විට අස්ථාවර පරිසරයක් වන අතර එහිදී නිලධාරීන් තරුණයින් සහ මානසික සෞඛ්‍ය ගැටලු ඇති අය ඇතුළු ප්‍රචණ්ඩකාරී පුද්ගලයින් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සමග කටයුතු කරයි.

පොලිස් ක්‍රියාකාරකම් නිරීක්ෂණ ආයතනයක් වන ස්වාධීන පොලිස් හැසිරීම් කාර්යාලය (IOPC) විසින් වසර හතරකට පමණ පෙර හිරිහැර කිරීම සහ වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයක කේන්ද්‍රස්ථානය මෙම ස්ථානය විය. ඇතැම් නිලධාරීන් තම පෙම්වතියන්ට පහර දීම, අපහාසාත්මක සහ වෙනස් කොට සැලකීමේ අදහස් පළ කිරීම සහ පෞද්ගලික කණ්ඩායම් කතාබස්වලදී ස්ත්‍රී දූෂණය ගැන විහිළු කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව එයින් සොයා ගන්නා ලදී.

"තක්කඩි නිලධාරීන්" සහ "සංස්කෘතික අසාර්ථකත්වයන්" මුලිනුපුටා දැමීමට මෙට්‍රොපොලිටන් පොලිසිය පොරොන්දු වුව ද, ජාතිවාදී සහ ස්ත්‍රී විරෝධී ආකල්ප ඇති නිලධාරීන් තවමත් එම පොලිස් ස්ථානයේ සේවය කරන බව පැනොරාමා වෙත දැනගන්නට ලැබිණි.

'භයානක' ස්ත්‍රී විරෝධය

පොලිස් සැරයන්වරුන් රැඳවුම් මධ්‍යස්ථානය දිනපතා භාරව සිටින අතර ඔවුන් මෙට්‍රොපොලිටන් පොලිසියේ සාරධර්ම සහ සදාචාරාත්මක ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා වගකිව යුතු ය.

Charing Crossහි සේවය කළ එක් අයෙකු වූයේ, සැරයන් මැක්ල්වෙනි ය. ඔහු රාජකාරියේ යෙදී සිටියදී ස්ත්‍රී විරෝධී ආකල්ප ප්‍රදර්ශනය කරන අයුරු නිරන්තරයෙන් රූ ගත වී තිබේ.

ඔහු තම ලිංගික ක්‍රියා පිළිබඳව සෙසු සගයන් සමග තියුණු වචනවලින් කතා කළ අතර, රහසිගත වාර්තාකරුට සහ කාන්තා සගයෙකුට තමා අන්තර්ජාලයෙන් මුණගැසුණු කාන්තාවක් ගැන මෙසේ පැවසීය: "ඒකිට දොරෙන් යාගන්න බැහැ, දැක්ක ම බය හිතෙනවා, ඒකි මාර මහත යි, ඒකිට පුසීස් දෙකක් තියෙනවා. එකක් ඇත්ත එක, ඒක වටේට මහත එකකුත් තියෙනවා," ඔහු තවදුරටත් පැවසීය.

ඇතැම් කාන්තා නිලධාරිනියන් විරෝධය දක්වද්දීත්, ඔහුගේ තන පුඩු සමග සෙල්ලම් කිරීමෙන් ලිංගික සතුටක් ලැබූ ආකාරය ගැන ඔහු කතා කළේ ය.

ඔහුගේ විද ඇති තන පුඩු හැපීම ගැන විස්තර කරමින් ඔහු මෙසේ පැවසීය: "ඒ එක්ක ම මගේ ලිංගය කෙලින් වුණොත් මගේ වේදනාව ඉවසීමේ හැකියාව ගොඩක් වැඩි වෙනවා. ඉතින්, මං උන්ගෙන් අහනවා මං අතේ ගහන්න ද කියලා..."

භාරකාර සැරයන්වරයෙකු ලෙස, සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ ද? නැතහොත් චෝදනා එල්ල වූ පසු ඇප ලබා දෙන්නේ ද? යන්න පිළිබඳ තීරණ ගැනීම සඳහා සැරයන් මැක්ල්වෙනි වගකිව යුතු ය.

Rory Bibb, seen working at his desk while wearing the uniform of a designated detention officer, a navy jumper with epaulettes in royal blue. He is talking on the phone in front of a computer, making a note on a yellow Post-It note. Behind him is a colleague whose face is blurred
ඡායාරූප ශීර්ෂ වැකිය, Charing Cross පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග මාස හතක් සේවය කළ බීබීසී පැනොරාමා වාර්තාකරු රෝරි බිබ්

පෙම්වතිය දූෂණය කළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමට තීරණය කළ අවස්ථාවක, ඒ පිළිබඳව ප්‍රශ්න කරමින් රැඳවුම් භාර නිලධාරිනියක පෙන්වා දුන්නේ, ගැබිනි කාන්තාවකගේ කුසට පයින් ගැසීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී ඇති බව ය. සැරයන් මැක්ල්වෙනි ප්‍රතිචාර දැක්වූයේ: "ඒක ඉතින් එයා කියන දෙයක් නේ," යනුවෙන් පවසමිනි. නඩුවේ සම්පූර්ණ විස්තර පැනොරාමාහි නොමැත.

සැරයන්වරයාගේ ප්‍රතිචාරය පිළිබඳව තමන් තුළ ඇති වූ කෝපය ගැන රැඳවුම් භාර නිලධාරිනිය පසුව රහසිගත වාර්තාකරුට පැවසුවා ය." එයා ඒක කියපු හැටි ඔව් ඉතින් ඒ එයා කියපු එකනේ. ඒ මිනිහා එයාගේ බඩට පයින් ගහලා තියෙන්නේ එයා ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නකොට," ඇය පැවසුවාය.

"මට ආපහු හැරිලා මිනිහට ගිහින් කියන්න හිතයි , උඹ පකයෙක්. උඹ පකීර් කෙනෙක් කියලා. ඒත්, කරුමෙට, මට එහෙම කියා ගන්න බැහැ. මිනිහා ලොක්කෙක්නේ"

නොටින්හැම්ෂයර් පොලිසියේ තාවකාලික ප්‍රධාන කොස්තාපල්වරියක ලෙස කටයුතු කළ සහ මීට පෙර විෂමාචාර නඩු විභාගවලට සහභාගි වූ සූ ෆිෂ්, පැනොරාමා හී දර්ශන සමාලෝචනය කරමින් සැරයන්වරයාගේ ලිංගික ප්‍රකාශ "සම්පූර්ණයෙන් ම නුසුදුසු, අතිශයින් ස්ත්‍රී විරෝධී" බව පැවසීය.

ස්ත්‍රී දූෂණ සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ චෝදනා පිළිබඳ ඔහුගේ අදහස් සාකච්ඡා කරමින් ඇය මෙසේ පැවසුවා ය: "කාන්තාවක් වගේ ම හිටපු පොලිස් නිලධාරිනියක් විදිහට, ඔහු වැනි පුද්ගලයින්ට මගේ ආරක්ෂාව හෝ අනෙකුත් කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගැනීමට බලය තියෙන එක භයානක යි."

මීට පෙර, කනිෂ්ඨ නිලධාරිනියක ලෙස සහ තවත් අවස්ථාවක ජ්‍යෙෂ්ඨ තනතුරක් දරමින් සිටියදී, වෘත්තීය සගයින් අතින් දෙවරක් ලිංගික අතවරයට ලක්වූ ඇගේ අත්දැකීම ගැන සූ ෆිෂ් කතා කර ඇත. ඇයගේ නායකත්වය යටතේ, 2016 දී නොටින්හැම්ෂයර් පොලිසිය ස්ත්‍රී විරෝධීත්වය අපරාධයක් ලෙස වාර්තා කළ පළමු අවස්ථාව බවට පත්විය.

මේ වසරේ ජනවාරි මාසයේදී, බීබීසී රහසිගත වාර්තාකරු එම ස්ථානයේ සේවය කරමින් සිටියදී, අත්අඩංගුවේ පසු වන කාන්තාවකට නුසුදුසු ප්‍රකාශ කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන බව සැරයන් මැක්ල්වෙනිට දන්වන ලදී.

භාරකාර කාර්ය මණ්ඩලය අපගේ රහසිගත වාර්තාකරුට පැවසුවේ, කාන්තාව ආසියානු කාන්තාවක බවත් ඇය "සම්බාහන ව්‍යාපාරයේ" නිරත විය යුතු බව සැරයන් මැක්ල්වෙනි ඇයට පැවසූ බවත් ය. බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිස් නිලධාරීන් ඔහු ගැන වාර්තා කර ඇති බව භාරකාර කාර්ය මණ්ඩලය පැවසීය.

නමුත් පසුගිය මාසයේ, පැනෝරාමා සිය සොයාගැනීම් මෙට්‍රොපොලිටන් පොලිසියට දැනුම් දීමට පෙර, සැරයන්වරයා බීබීසී වාර්තාකරුට පැවසුවේ, තමා නැවත රැඳවුම් මධ්‍යස්ථානයේ සේවය කරන බව ය.

යකා නැගීම

රාජකාරියෙන් බැහැරව සිටියදී අසල පිහිටි තැබෑරුමක මත්පැන් කිහිපයක් පානය කරමින් සිටි පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින්, පැහැර ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහ සියදිවි නසා ගැනීමේ අවදානමක් ඇති බවට විනිශ්චය කරන ලද පුද්ගලයෙකු ඉන් වළක්වා ගත් ආකාරය පොලිස් කොස්පාල්වරයෙකු වන මාටින් බෝර්ග් විස්තර කළේ ය.

පොලිස් කොස්තාපල් බෝර්ග් පැවසුවේ, එම පුද්ගලයා නිලධාරීන්ට කෙළ ගසා සිර මැදිරියේ දොරට මුත්‍රා කළ බවත්, එබැවින් නිලධාරීන් ඔහුව බිම දමා තද කළ බවත් ය. ඔහු "පයින් ගසමින්" සිටියදී, "ස්ටැම්පි" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැරයන් ස්ටීව් ස්ටෑම්ප්, ඔහුගේ සපත්තුවෙන් එම පුද්ගලයාගේ කකුලට පහර දුන් බව කොස්තාපල්වරයා පැවසීය.

රහස් වාර්තාකරුට රැඳවුම් මධ්‍යස්ථානයේ සීසීටීවී කැමරාවල දර්ශන පරීක්ෂා කිරීමට හැකි වූ අතර, එහිදී සැරයන්වරයා ඔහුව දෙවරක් පාගා දමන ආකාරය පෙන්නුම් කළේ ය.

A still of a CCTV image showing three officers in a small cell, who appear to be restraining a suspect, barely visible in the crowd. At the top right of the image, by the open door of the cell, is a man identified as Sgt Steve Stamp, who can be seen stomping down twice
ඡායාරූප ශීර්ෂ වැකිය, සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී සැරයන් ස්ටීව් ස්ටෑම්ප් දෙවරක් ඔහුගේ පාදය තදින් පහළට ඇද දමනු CCTV කැමරාවල සටහන් වී තිබිණි

"මේ හු*** මිනිහා කෑ ගැහුවා," බෝර්ග් පැවසීය. "එයාගේ කකුලේ ගැටිත්තක් තිබුණා, ඒකෙන් පස්සේ හු*** ගෙඩියක් හැදුණා වගේ පෙනුණා," සැරයන්වරයා ඔහුගේ කකුලෙන් පෑගුවාට රැඳවියා විරෝධය පළ කළ බව සිහිපත් කරමින්, "ඔව්, ඌ එහෙම කළා, හු*** යැයි පැවසූ බව ඔහුට මතක ය.

සැකකරු තමාට පයින් ගැසීමට උත්සහ කළ බව සැරයන්වරයා පසුව තමාට පැවසූ බව බෝර්ග් පැවසීය. "හරියට ම හරි සාජන්," ඔහු පැවසූ බව සිහිපත් කළේ ය. "ඔයා සාජන්ට කැමති නම් මම ඒක MG11ට දාන්නම්?"

MG11 යනු සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශයකි. හිටපු ප්‍රධාන කොස්තාපල්වරිය වන ෆිෂ් පැවසුවේ, බෝර්ග් එහි අසත්‍ය බව පෙන්විය හැකි ගොතන ලද තොරතුරු ඇතුළත් කර ඇත්නම්, එය "යුක්තියේ ගමන් මග විකෘති කිරීමක් හෝ යුක්තියේ ගමන් මග විකෘති කිරීමට කුමන්ත්‍රණයක්" වනු ඇති බව ය.

සීසීටීවී දර්ශනවල එම පුද්ගලයා සැරයන් ස්ටෑම්ප්ට පයින් ගැසීමට උත්සාහ කළේ ද? යන්න පැහැදිලි නැත. එම පුද්ගලයාගේ පාදවල පාවහන් නොතිබූ අතර ඒ වන විට නිලධාරීන් හතර දෙනෙක් ඔහුව වළක්වමින් සිටියහ.

සැකකරුවන් ඇඟිලි සලකුණු ලබා ගැනීම ප්‍රතික්ෂේප කළහොත්, ඔවුන්ගේ ඇඟිලි දෙකක් තදින් ඇද කඩා දැමිය හැකි ආකාරය එක් නිලධාරියෙක් විස්තර කළේ ය. "මම බලහත්කාරයෙන් ඇඟිලි සලකුණු ගන්න කැමති යි," ඔහු පැවසීය.

A hidden camera shot, taken slightly from below and at an angle, of an officer in police uniform, a white man with brown hair in a side-parting and a with a cleft chin, standing in front of a police van in the courtyard of Charing Cross police station, with windows of the station all around. He is pulling with his right hand on the fingers of his left as he discusses taking fingerprints by force
ඡායාරූප ශීර්ෂ වැකිය, එක් නිලධාරියෙක් බලහත්කාරයෙන් ඇඟිලි සලකුණු ගැනීමට තමා කොතරම් කැමති ද? යන්න ගැන පුරසාරම් දොඩමින්, සැකකරුවන්ගේ ඇඟිලි කඩා දැමිය හැකි ආකාරය ගැන කතා කළේ ය.

තවත් කොස්තාපල්වරයෙක්, පළමු වරට ආපන ශාලාවේදී රහසිගත වාර්තාකරු හමුවූ අවස්ථාවක, සැකකරුවෙකු ඔහුගේ මුහුණට වැලමිටෙන් පහර දුන් ආකාරය විස්තර කළේ ය. එම අවස්ථාවේදී ඔහුගේ පාදවලට විලංගු දමා තිබූ අතර "උගේ කකුල් පිටිපස්සෙන් ගූ විසික් වෙන්න පාරක් දුන්නා" ඔහු කියා සිටියේය.

"පකේ පාරවල් පහක් හයක් ගැහුවා," ඔහු කිවේය. "ඒක හොඳ පෙනුමක් නෙවෙයි. යකා නැගලා හිටියේ. ඒත් එකෙන් කිසි ම දෙයක් එළියට ගන්න බැරිවුණා."

'උන් තනිකර ජරාවක්'

තැබෑරුමේ මත්පැන් පානය කරමින්, නිලධාරීහු ජාතිවාදී, සංක්‍රමණික විරෝධී හෝ මුස්ලිම් විරෝධී අදහස් ප්‍රකාශ කළහ.

එක් අවස්ථාවක, කොස්තාපල් බෝර්ග් තැබෑරුමේ කතා කරමින් සිටියේ, වාර්ගික සුළුතරයන්ට අයත් අත්අඩංගුවේ සිටින සැකකරුවන් ගැන ය. වඩාත් ම හිංසාවට ලක් කළේ කුමන කණ්ඩායම දැයි විමසූ විට, ඔහු පිළිතුරු දුන්නේ "මුස්ලිම්" යනුවෙනි.

"අපිට වෛර කරනවා. උන් අපිට වෛර කරනවා. ඇත්තට ම උන් අපිට වෛර කරනවා," ඔහු පැවසීය. "ඉස්ලාම් කියන්නේ ප්‍රශ්නයක්. මම හිතන්නේ බරපතළ ප්‍රශ්නයක්."

පොලිස් ප්‍රමිතීන්ට අනුව නිලධාරීන්ගේ හැසිරීම "රාජකාරියේ යෙදී සිටියදී හෝ ඉන් පිටතදී පොලිස් සේවය අපකීර්තියට පත් නොකළ යුතු හෝ මහජන විශ්වාසය පළුදු නොකළ යුතු ය."

A hidden camera shot taken at chest height looking slightly upwards at PC Martin Borg, a white man with dark hair and a short, dark beard, standing in what appears to be an alleyway outside a pub, wearing a dark T-shirt and a black leather jacket
ඡායාරූප ශීර්ෂ වැකිය, මුස්ලිම්වරු "අපට වෛර කරනවා" යැයි පැවසූ කොස්තාපල් මාටින් බෝර්ග්, ඉස්ලාම් ආගම "බරපතළ ගැටලුවක්" ලෙස හැඳින්වීය.

වෙස්ට් එන්ඩ් කණ්ඩායමේ කොස්තාපල්වරයෙකු වූ කොස්තාපල් ෆිල් නීල්සන් මුලදී රහසිගත වාර්තාකරු සමග තම අදහස් බෙදා ගැනීමට මැළි විය. නීල්සන් විහිළුවෙන් මෙන්, ඔහු මෙට්‍රොපොලිටන් පොලිසියේ වෘත්තීය ප්‍රමිති අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු දැයි වාර්තාකරුගෙන් විමසීය.

සති දෙකකට පසු, නීල්සන් සහ රෝරි නැවතත් තැබෑරුමේදී මුණගැසුණු අතර, එහිදී කොස්තාපල්වරයා විස්තර කළේ, යුක්‍රේන ජනතාව යුද්ධය නිසා එක්සත් රාජධානියට පලා යාම තමන්ට ගැටලුවක් නැති බව ය. නමුත් මැද පෙරදිග සිට පැමිණෙන මිනිසුන් සම්බන්ධයෙන් ඔහුට සම්පූර්ණයෙන් ම වෙනස් දැක්මක් තිබිණි. "උන් තනිකර ජරාවක්." ඔහු පැවසුවේ එය "ආක්‍රමණයක්" බව ය.

"දෙයියනේ දැන් අපිට අපේ රස්සාවල් නැති වෙයි," නීල්සන් පැවසීය.

සවස් කාලය පුරා නීල්සන් වැඩිපුර මත්පැන් පානය කළ විට, ඔහුගේ අදහස් ස්ථාවරව පැවතුණු අතර ප්‍රචණ්ඩකාරී ඒවා පවා ඉතා අන්තගාමී ආකාරවලින් පවා ප්‍රකාශ කළේ ය.

ඇල්ජීරියානුවන් "ජරා ගොඩවල්" සහ "හු** බවත්, සෝමාලියානුවන් "ජරාවක් " සහ " හු*** කැත" බවත් පැවසූ ඔහු, "මට හිතෙන්නෙ පිටරටින් එන ඕන ම එකෙක් එක්ක වැඩ කරන එක එපා වෙන දෙයක් " යනුවෙන් ද පැවසීය.

මත්පැන් පානය සඳහා හමුවූ අවස්ථා කිහිපයකට පසු, නීල්සන් ඉස්ලාම් ආගම පිළිබඳ තම අදහස් බෙදා ගත්තේ ය. "මම ඕනෑවටත් වඩා ඉස්ලාම් අය අපරාධ කරනවා දැකලා තියෙනවා. උන්ගේ ජීවන රටාව නිවැරදි ජීවන රටාවක් නෙවෙයි," ඔහු පැවසීය.

"වැඩියෙන් ම අපරාධ කරන්නේ මුස්ලිම් අය කියලා ඔයාටත් පේනවා ඇති."

පොලිස් ප්‍රමිතීන්ට අනුව නිලධාරීන් නීති විරෝධී ලෙස හෝ අසාධාරණ ලෙස වෙනස් කොට සැලකීම නොකළ යුතු ය. ස්වදේශ කටයුතු කාර්යාලය සහ පොලිසිය, ආගමික ප්‍රජාවන් නියෝජනය කෙරෙන සාමාන්‍ය පිළිබඳ අත්අඩංගුවට ගැනීමේ අනුපාත පිළිබඳ සංඛ්‍යා ලේඛන ප්‍රකාශයට පත් නොකරයි.

තම වීසා කාලය ඉක්මවා රැඳී සිටි රැඳවියෙකු ගැන නීල්සන් පැවසුවේ, "හු*** උගේ ඔළුවට වෙඩි උණ්ඩයක් තිබ්බා, නැත්නම් පිටුවහල් කළා" යනුවෙනි.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: "රිවෝල්වරයක්. රිවෝල්වරයක් නම් ගොඩක් හොඳයි... ඒ වගේම පයිය ඇතුළට ලේ එන්න ගහලා දුෂණය කරලා දානවා"

හිටපු ප්‍රධාන කොස්තාපල් ෆිෂ් පැවසුවේ" තමා "බියට හා පිළිකුලට" පත් වූ බවත්, කොස්තාපල්වරයා "ප්‍රචණ්ඩකාරී ජාතිවාදියෙකු" බවත් ය.

"පොලිස් නිලධාරියෙක් විදිහට මට ඔහු ගැන කිසි ම විශ්වාසයක් නැහැ. අවංකව කිවහොත්, මනුෂ්‍යයෙක් විදිහට ඒතරම්වත් නෑ," ඇය පැවසුවාය.

'සැබෑ ස්වරූපය එළියට එනවා'

නිලධාරීන් කිහිප දෙනෙකු වෙනස් කොට සැලකීමේ සහ වෘත්තීය නොවන අදහස් බෙදා ගත්ත ද, සමහරු තම සැබෑ අදහස් සැඟවීමේ අවශ්‍යතාව දැන සිටි බව පැහැදිලි කළහ.

එක් අවස්ථාවකදී, සැරයන් මැක්ල්වෙනි, රහස් වාර්තාකරුට අනතුරු ඇඟවූයේ, පොලිස් ස්ථානය තුළ සීසීටීවී සහ මයික්‍රෆෝන මගින් ග්‍රහණය කර ගත හැකි ආකාරයෙන් සැකකරුවන්ට එරෙහිව බලය යෙදවීම පිළිබඳව සඳහන් නොකරන ලෙස ය.

බලහත්කාරයෙන් පරීක්ෂා කරමින් සිටි මිනිසෙකුගේ කකුලට සැරයන්වරයා පහර දී ඇති අතර, පසුව රහසිගත වාර්තාකරු මෙසේ පැවසීය: "ඔබේ කකුලේ පිටුපස කුඩා තුවාලයක් මම දැක්කා."

මිනිත්තු කිහිපයකට පසු, සැරයන් මැක්ල්වෙනි වාර්තාකරුව එහි කැමරා සහ මයික්‍රෆෝනවලින් ඈත්ව කොරිඩෝවකට ගෙන ගියේය. "නිල ඇඳුමෙන් ලැබෙන බලය පාවිච්චි කරන විධිය ගැන ප්‍රවේශම් වන්න," ඔහු පැවසීය. "ඒක වෙන කෙනෙක් දැනගත්තොත් එච්චර හොඳ නෑ ."

"අපි හැමෝට ම ලොකු පැමිණිල්ලක් දාන්න හු** කතා කරන්න එපා," සැරයන්වරයා තවදුරටත් පැවසීය.

රෝරි මුණගැසුණු දීර්ඝතම සේවා කාලය ඇති නිලධාරියෙකු වන කොස්තාපල් බ්‍රයන් ෂාර්කි, තැබෑරුමේදී, විනය පැමිණිලි ගැන විහිළු කරමින් සහ ලිංගික ඉඟි කරමින් සිටි සගයන් සමග මත්පැන් පානය කරමින් සිටියේ ය.

"ඔබ ලිංගික අතවරයක් ගැන කියන්න ගියොත්, ඔයාට රේප් එකක් වෙන්නත් පුළුවන් ," කොස්තාපල් ෂාර්කි මැදිහත් වී තමා ගැන ම විමසා බලා එය විහිළුවක් බව පැවසීය. "ඒක ටිකක් වැරදියි. මම ඒ ගැන මට ම අභියෝග කරගන්නවා."

A hidden camera shot of PC Brian Sharkey, a white man wearing a light grey hooded top, sitting at a pub table with multiple glasses and menus in front of him and other colleagues just visible out of shot
ඡායාරූප ශීර්ෂ වැකිය, රාජකාරියෙන් බැහැරව, කොස්තාපල් බ්‍රයන් ෂාර්කි, "අලුත් කොල්ලා", රහස් වාර්තාකරු රෝරි බිබ් විශ්වාස කළ හැකි දැයි ප්‍රශ්න කළේ ය.

පසුව කොස්තාපල්වරයා රහසිගත වාර්තාකරු අමතා, "දැන් මං මෙතන හු** කාව විශ්වාස කරන්න ද? ඔයා තමයි අලුත් කොල්ලා," තවත් සිදුවීමක් පිළිබඳ සාකච්ඡාව නවතා දැමීය.

තවත් නිලධාරියෙකු රහසිගත වාර්තාකරුට පැවසුවේ, නව සාමාජිකයෙකු සමග කතා කරන විට ඔහු ප්‍රවේශම් වන බව ය. "ඔයා ඇත්ත කතා කරන වෙස් මුණ දා ගන්න ඕනි , ඊට පස්සේ ඔයාට එයාලත් එක්ක නිකන් ම පෑහෙන්න පුළුවන්, ඊට පස්සේ නිකන් ම ඇත්ත කෙනා එළියට එනවා," ඔහු පැවසීය.

මාස හතක් පුරා පැවති විමර්ශනයේදී රැස් කර ගත් සාක්ෂි විස්තර කරමින් බීබීසී පුවත් සේවය මෙට්‍රොපොලිටන් පොලිසියට ලිපියක් යැවී ය.

මෙට්‍රොපොලිටන් පොලිස් කොමසාරිස් ශ්‍රීමත් මාර්ක් රෝව්ලි හමු වූ අවස්ථාවේදී, තම බළකාය "මෙම චෝදනා විමර්ශනය කිරීම සඳහා ක්ෂණික හා පෙර නොවූ විරූ පියවර" ගෙන ඇති බව පැවසීය. චෝදනා IOPC වෙත යොමු කළ අතර, එහි අධ්‍යක්ෂිකා අමන්ඩා රෝව් පැවසුවේ: "අපි මේ කාරණය අතිශයින් බැරෑරුම් ලෙස සලකනවා" යනුවෙනි.

මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් "Charing Cross හි භාරකාර කණ්ඩායම විසුරුවා හැර ඇති" බව ශ්‍රීමත් මාර්ක් පැවසූ අතර, 2022 සිට පොලිසියේ ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය 1,400කට වැඩි පිරිසක් ඉවත් වී හෝ සේවයෙන් පහ කර ඇති බවත්, එය "බළකායේ ඉතිහාසයේ විශාලතම ශුද්ධ කිරීම" බවත් පැවසීය.

"සේවා සගයින් සහ ලන්ඩන් වැසියන් අධෛර්යවත් කරන බිහිසුණු හැසිරීම් ඇති පුද්ගලයින් සහ කල්ලි මැඩපැවැත්වීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව ඇති," බව ද ඔහු පැවසීය. "ඔවුන් හඳුනා ගැනීමට, ඒවා ඔවුන් හමුවේ ඔප්පු කිරීමට සහ සේවයන් ඉවත් කිරීමට අප තුළ ඇති අධිෂ්ඨානය ස්ථිරව පවතිනවා."

A view from a helicopter of Charing Cross police station, a white, late-Georgian stucco-fronted building forming a triangular shape, with the outline of the courtyard visible in the middle
ඡායාරූප ශීර්ෂ වැකිය, Charing Cross පොලිස් ස්ථානය පිළිබඳව වසර හතරකට පමණ පෙර විමර්ශනයක් කරන ලද නමුත්, තොරතුරු හෙළි කරන්නන් පැවසුවේ පැනොරාමාවෙන් හෙළිවූ ගැටලු තවමත් පවතින බව ය.

මෙම ලිපියෙන් හඳුනාගෙන ඇති නිලධාරීන්ට වෙන් වෙන්ව ද පැනොරාමා වැඩසටහන ලිපි යැවී ය. ඔවුන් ඊට ප්‍රතිචාර දක්වා නැත.

2021 දී සේවය කරන පොලිස් නිලධාරියෙකු විසින් සාරා එවරාඩ් පැහැරගෙන ගොස්, දූෂණය කර ඝාතනය කිරීමෙන් පසු, බාරොනස් ලුයිස් කේසි විසින් රචිත මෙට්‍රොපොලිටන්හි සමාලෝචනයකින් නිගමනය වූයේ එය ආයතනික වශයෙන් ජාතිවාදී, සමලිංගික විරෝධී සහ ස්ත්‍රී විරෝධී ආයතනයක් බව ය.

ශ්‍රීමත් මාර්ක් රෝලි සමාලෝචනයේ නිර්දේශ පිළිගත් නමුත්, ඒ අවස්ථාවේදී ගැටලු "ආයතනික" බව පිළිගත්තේ නැත.

2022 දී, පොලිස් පරීක්ෂක කාර්යාලය විසින් මෙම බළකාය විශේෂ විමර්ශනයන්ට යොමු කරන ලද අතර, එය මෙම වසරේ ජනවාරි මාසයේදී අවසන් වූ දියුණු පරීක්ෂාවකි. ඒ වන විට, ශ්‍රීමත් මාර්ක් පැවසුවේ බළකාය "දැවැන්ත ප්‍රගතියක්" ලබා ගනිමින් සිටි බව ය.

පැනොරාමා වැඩසටහනේ දර්ශන සමාලෝචනය කළ හිටපු නීතිපති ඩොමිනික් ග්‍රීව් පැවසුවේ, සැරයන්වරුන් ගැන සඳහන් කරමින්, උසස් ප්‍රමිතීන්, වටිනාකම් සහ විනය "බලධාරීන් තුළ නොතිබීම පිළිබඳවත්, බලධාරීන් ඔවුන් තුළ එවැනි ප්‍රමිතීන් ඇති නොකිරීම පිළිබඳවත්" තමන් මවිතයට පත්වූ බව ය.

මෙම නිලධාරීන්ගේ හැසිරීම හරහා ඔවුන්ගේ ම හිතු මනාපයට පොලිස් සේවය අඩපණ වූ බවත්, දිගු කාලීනව පොලිස් නිලධාරීන්ගේ කාර්යය දුෂ්කර කළ බවත් ඔහු පැවසීය.

"අධිලිංගික පුරුෂ හැසිරීම්, ස්ත්‍රී විරෝධය, වර්ගවාදය සහ අනවශ්‍ය, නීති විරෝධී ප්‍රචණ්ඩත්වය පිළිබඳ ඉතා කෲර සංස්කෘතියක් එහි ඇති බව කීමට මම ඕනෑ තරම් අවස්ථා දැක ඇත්තෙමි," හිටපු ප්‍රධාන කොස්තාපල් ෆිෂ් පැවසුවා ය.

මෙම සංස්කෘතියේ "වැදගත්කම, පරිමාණය සහ බලපෑම" මෙට්‍රොපොලිටන් පොලිසිය කිසි විටෙකත් ග්‍රහණය කරගෙන නොතිබූ බව ඇය පැවසුවා ය. "එතන හිටියෙ එක වැරදිකාරයෙක් නෙවෙයි, මුළු පොලිසිය ම ගන්න දෙයක් නෑ," ඇය පැවසුවා ය.