යුරේනියම් බලගැන්වීම යනු කුමක් ද? එය සිදුකරන්නේ කොහොම ද?

Nine countries currently possess nuclear weapons, nuclear watchdogs say රටවල් නවයක් සතුව දැනට න්‍යෂ්ටික අවි ඇති බව න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධාන පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, තාරෙකුසාමන් ෂිමුල් සහ මොහොනා හොසේන්
    • Role, බීබීසී බෙංගාලි සේවය

ඉරාන-ඊශ්‍රායල ගැටුම ආරම්භ වූ දා සිට "යුරේනියම් බලගැන්වීම" යන වචන දෙක ප්‍රවෘත්තිවල සහ සමාජ මාධ්‍යවල උණුසුම් මාතෘකාවක් වී තිබිණි. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෑතකදී කළ කතාවකින් පසුව එය නැවතත් ඊට වැඩි අවධානයක් යොමුව තිබේ.

නෙතන්යාහු කියා සිටින්නේ, ඉරානය වසර ගණනාවක් තිස්සේ යුරේනියම් බලගැන්වීම් කරමින් සිටින බව සහ වර්තමානයේ න්‍යෂ්ටික අවියක් තැනීමට "ආසන්න" බව ය.

එවැනි ප්‍රකාශයක් කිරීමෙන් පසු, ඊශ්‍රායලය විසින් ජූනි 13 වන දින ඉරානයට හදිසි ප්‍රහාරයක් දියත් කරන ලදී. ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද ප්‍රති-මිසයිල ප්‍රහාරයක් දියත් කළ අතර එය ගැටුමක ආරම්භය විය.

දින දහයකට වඩා වැඩි කාලයක් පැවති මෙම ගැටුමට එක් අවස්ථාවකදී ඇමෙරිකා එක්සත් ජනපදය ද සම්බන්ධ විය.

විශේෂඥයින්ට අනුව, න්‍යෂ්ටික බෝම්බයක් සෑදීමට නම්, යුරේනියම් 90%කට වඩා බලගැන්විය යුතු ය.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) මාර්තු මාසයේදී වාර්තා කළේ, ඉරානය මේ වන විට යුරේනියම් 60% දක්වා බලගන්වා ඇති බව ය.

ඉරානය කියා සිටින්නේ, තමන් කිසිදු න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය නොකරන බවත්, ඒ වෙනුවට විදුලි ජනනය වැනි සාමකාමී අරමුණු සඳහා න්‍යෂ්ටික බලගැන්වීම් සිදු කරන බවත් ය.

නමුත් මෙම න්‍යෂ්ටික බලගැන්වීම යනු කුමක් ද? එය සිදු කරන්නේ කෙසේ ද?, සහ කොපමණ කාලයක් මෙය සාමකාමී යැයි සලකනු ලබන්නේ ද?

Satellite images show large holes at Iran's Fordow nuclear facility after US attack ඇමරිකානු ප්‍රහාරයෙන් පසු ඉරානයේ ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ විශාල සිදුරු චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්නුම් කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, Satellite image (c) 2025 Maxar Technologies via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරානයේ ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය

යුරේනියම් යනු මොනවා ද?

න්‍යෂ්ටික බෝම්බයක් සෑදීමේ වැදගත් ම මූලද්‍රව්‍යය යුරේනියම් ය.

එය පෘථිවියේ පමණක් ඇති ලෝහයකි.

යුරේනියම් විවිධ වර්ගවලින් පැමිණේ. ඒවායේ බර අනුව U-238 සහ U-235 ලෙස හැඳින්වේ.

ස්වභාවිකව ඇති වන යුරේනියම් 'U-238'හි බහුලව දක්නට ලැබෙන අතර එහි යුරේනියම් ප්‍රතිශතය 99.3%ක් පමණ වේ.

අනෙක් අතට U-235 ස්වාභාවික යුරේනියම්වල ප්‍රතිශතය 0.7%ක් පමණි.

නමුත් බලශක්ති නිෂ්පාදනය අතින්, මෙම 'U-235' වඩාත් ඵලදායී හා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

U-235 හි ඇත්තේ, ස්වාභාවික යුරේනියම් ස්වල්පයක් පමණක් බැවින්, එය විශේෂ ක්‍රියාවලියක් භාවිතයෙන් බලගැන්විය යුතු ය.

"මේක යුරේනියම් බලගැන්වීම කියල හඳුන්වනවා," ඩකා විශ්වවිද්‍යාලයේ න්‍යෂ්ටික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙකු වන ආචාර්ය ෂෆිකුල් ඉස්ලාම් බීබීසී බෙංගාලි සේවය වෙත පැවසීය.

Israel's nuclear power plant, located in the desert in southern Israel දකුණු ඊශ්‍රායලයේ කාන්තාරයේ පිහිටා ඇති ඊශ්‍රායලයේ න්‍යෂ්ටික බලාගාරය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

යුරේනියම් බලගන්වන්නේ කොහොම ද?

යුරේනියම් බලගැන්වීම යනු U-235 හි ඇති යුරේනියම් ප්‍රතිශතය වැඩි කිරීම ය.

මෙම සමස්ථානිකය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලදී පහසුවෙන් කැඩී බිඳී ගොස් විශාල බලශක්තියක් නිපදවයි.

පළමුව, යුරේනියම් අඩංගු ලෝපස් පතල්වලින් ලබාගෙන කුඩු කරනු ලැබේ.

පිරිසිදු කිරීමෙන් පසු එය 'යෙලෝ කේක්' ලෙස හඳුන්වන කුඩු බවට පත් කෙරේ. ඉන්පසු එය යුරේනියම් හෙක්සාෆ්ලෝරයිඩ් ලෙස හඳුන්වන වායුවක් බවට පරිවර්තනය වේ.

ඉන්පසු යුරේනියම් හෙක්සාෆ්ලෝරයිඩ් කේන්ද්‍රාපසාරී යන්ත්‍රයක මිශ්‍ර කෙරෙනු ඇත.

එම යන්ත්‍රය ඉතා ඉහළ වේගයකින් භ්‍රමණය වන අතර එමගින් U-235 සමස්ථානිකයේ සාන්ද්‍රණය වැඩි වේ. මෙම ක්‍රියාවලියේදී එහි පරිමාණය ඉහළ යයි.

මෙහිදී විදුලිය ජනනය කිරීම සඳහා පරමාණු 3% සිට 5% දක්වා බලගැන්වීම් කරනු ලැබේ.

බලගැන්වූ යුරේනියම්, යුරේනියම් පිරවූ ඉන්ධන දඬු බවට පත් කෙරේ.

ඉන්පසු, එම දඬු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක තැන්පත් කරනු ලබන අතර, එහිදී න්‍යෂ්ටික ප්‍රතික්‍රියා හරහා තාපය ජනනයෙන් විදුලිය ජනනය කරයි.

කේන්ද්‍රාපසාරිකය (centrifuge)

කේන්ද්‍රාපසාරික යන්ත්‍රයක් යනු න්‍යෂ්ටික බලගැන්වීම් සඳහා භාවිත කරන විශේෂ යන්ත්‍ර වර්ගයකි.

එය ඉතා ඉහළ වේගයකින් භ්‍රමණය විය හැකි නලයක හැඩයෙන් යුතු යන්ත්‍රයකි.

මෙම භ්‍රමණ ශක්තිය භාවිත කර යුරේනියම් සමස්ථානිකය 'U-235' යුරේනියම් හෙක්සාෆ්ලෝරයිඩ් වායුවෙන් වෙන් කරනු ලැබේ.

එහෙත්, එය එකවර කළ නොහැකි යි. න්‍යෂ්ටික බලගැන්වීමේ කාර්යය එකවර භ්‍රමණය වන දහස් ගණනක් කේන්ද්‍රාපසාරික යන්ත්‍ර මගින් සිදු කෙරේ.

විශේෂඥයින් පවසන්නේ, නව කේන්ද්‍රාපසාරික යන්ත්‍ර මගින් U-235 වේගවත් හා විශාල ප්‍රමාණවලින් නිෂ්පාදනය කළ හැකි බව ය.

The first nuclear device built for testing in 1945 was called 'The Gadget'. 1945 දී අත්හදා බැලීම සඳහා ඉදිකරන ලද පළමු න්‍යෂ්ටික උපාංගය 'ද ගැජට්' ලෙස නම් කරන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

න්‍යෂ්ටික බෝම්බ

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පදාර්ථයේ කුඩා ම තැනුම් ඒකකය 'පරමාණුවක්' ලෙස හැඳින්වේ.

විද්‍යාඥයින්ට අනුව, අප වටා ඇති සියල්ල පරමාණුවලින් සැකසී ඇත.

සෑම පරමාණුවකට ම න්‍යෂ්ටියක් ලෙස හඳුන්වන කේන්ද්‍රයක් ඇත. මෙම න්‍යෂ්ටිය තුළ, පරමාණුවේ ශක්තිය ගබඩා කර ඇති අතර එය සාමාන්‍ය තත්ත්වයන් යටතේ මුදා හරිනු නොලැබේ.

විද්‍යාඥයින් න්‍යෂ්ටිය බිඳ දැමීමෙන් එම ශක්තිය මුදා හැරීමට විශේෂ ක්‍රමයක් භාවිත කරන අතර එය න්‍යෂ්ටික විඛණ්ඩනය (nuclear fission) ලෙස හැඳින්වේ.

විශාල පරමාණුවක න්‍යෂ්ටිය ඛණ්ඩනය වූ විට, එය විශාල ශක්තියක් නිකුත් කරයි.

සෑම විඛණ්ඩනයකින් ම ශක්තිය නිපදවන අතර අනෙකුත් පරමාණු බිඳ දමන තවත් නියුට්‍රෝන නිපදවයි. මෙය දාම ප්‍රතික්‍රියාවක් ආරම්භ කරයි.

පරමාණු එකින් එක කැඩී යාමෙන් විශාල පිපිරීමක් ඇති වේ. මෙම පිපිරීමට ප්‍රධාන කොටස් තුනක් ඇත:

1. තාපය: පිපිරීමකදී සෙල්සියස් අංශක දහස් ගණනක තාපයක් ජනනය වේ. එම තාපයෙන් මිනිසුන්, නිවාස සහ මෝටර් රථ පුළුස්සා අළු කළ හැකි ය.

පීඩන තරංගය: මෙය කොතරම් ප්‍රබල ද යත් එයට කිලෝමීටර 20ක් දුරින් පිහිටි ගොඩනැගිලි පවා විනාශ කළ හැකි ය.

3. විකිරණශීලීතාව: පිපිරීමෙන් නිපදවෙන විකිරණ මගින් දිගු කාලයක් මිනිසුන්ට සහ සොබාදහමට හානි සිදුවිය හැකි ය.

එය පිළිකා, උපත් ආබාධ ආදී සංකූලතාවන්ට හේතු වන අතර, වසර ගණනාවක් පසෙහි විෂ සහිතව පැවතිය හැකි ය.

සුවිශේෂී සිද්ධියක් වන්නේ මෙම සම්පූර්ණ ක්‍රියාවලිය තත්පර කිහිපයක් තුළ සිදුවීම ය.

යුරේනියම් 3-5% දක්වා බලගැන්වීමෙන් විදුලිය නිපදවිය හැකි නමුත් න්‍යෂ්ටික බෝම්බයක් නිපදවිය නොහැක.

"න්‍යෂ්ටික බෝම්බයක් සෑදීමට නම්, යුරේනියම් 90%කට වඩා බලගැන්විය යුතු යි," මහාචාර්ය ඉස්ලාම් බීබීසී බෙංගාලි සේවයට පැවසීය.

ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කර ගත් පර්යේෂණ සංවිධානයක් වන ඇමෙරිකානු විද්‍යාඥයින්ගේ සම්මේලනයට අනුව, දැනට රටවල් නවයක් සතුව න්‍යෂ්ටික අවි තිබේ.

එම රටවල් වන්නේ, රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, චීනය, පකිස්ථානය, ඉන්දියාව, ඊශ්‍රායලය සහ උතුරු කොරියාව යි.

යුරේනියම් බලගැන්වීම කෙතරම් දුරට සාමකාමී ද?

බලශක්තිය, වෛද්‍ය විද්‍යාව සහ පර්යේෂණ වැනි දේ සඳහා වන න්‍යෂ්ටික වැඩසටහන් සාමාන්‍යයෙන් සාමකාමී ලෙස සලකනු ලබන බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසයි.

ජාත්‍යන්තර නීති මගින් බලාගාර සඳහා යුරේනියම් 3–5% කින් සහ පර්යේෂණ සඳහා 20%කින් බලගැන්වීමට ඉඩ ලබා දෙන බව ඩකා විශ්වවිද්‍යාලයේ න්‍යෂ්ටික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය, ආචාර්ය ෂෆිකුල් ඉස්ලාම් බීබීසී බංග්ලා වෙත පැවසීය.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් සාමාන්‍ය න්‍යෂ්ටික වැඩසටහන් නිරීක්ෂණය කරනු ලබන අතර නිතිපතා න්‍යෂ්ටික පහසුකම් පරීක්ෂා කරයි.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ සාමාජිකයන් නොවන සහ න්‍යෂ්ටික අවි ව්‍යාප්ති ගිවිසුමට (NPT) අත්සන් කර නොමැති රටවල න්‍යෂ්ටික පහසුකම් පරීක්ෂා කිරීමට ආයතනයට නොහැකි ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ ඉරානය ඇතුළු රටවල් 191ක් න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුමට (NPT) අත්සන් තබා ඇතත්, ඊශ්‍රායලය තවමත් එයට අත්සන් තබා නොමැත.

එබැවින්, ගිවිසුමට අත්සන් කළ රටවල් මෙන්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට ඔවුන්ගේ න්‍යෂ්ටික ස්ථාන නිතිපතා පරීක්ෂා කිරීමට ඉඩ දිය යුතු නැත.

කෙසේ වෙතත්, ඊශ්‍රායලය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ සාමාජිකයෙකි.

න්‍යෂ්ටික වැඩසටහන් නිරීක්ෂණය කරන ජාත්‍යන්තර සංවිධානවලට අනුව, 1960 ගණන්වල සිට ඊශ්‍රායලය සතුව තමන්ගේම න්‍යෂ්ටික අවි තිබේ.

කෙසේ වෙතත්, ඊශ්‍රායලය මේ දක්වා එම කාරණය ප්‍රසිද්ධියේ පිළිගෙන හෝ ප්‍රතික්ෂේප කර නොමැත.

මෙම අවස්ථාවේදී, ඔවුන් අපැහැදිලි ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ඊශ්‍රායල රජයේ ප්‍රතිපත්තිය "අමිමුට්" ලෙස හැඳින්වේ, එහි තේරුම "හිතාමතා ම අපැහැදිලි බව" යන්න යි.

According to the United Nations, 191 countries, including the United States, Russia, and Iran, have signed the Nuclear Non-Proliferation Treaty (NPT). එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, එක්සත් ජනපදය, රුසියාව සහ ඉරානය ඇතුළු රටවල් 191 ක් න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුමට (NPT) අත්සන් තබා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉරානය සාමකාමී භාවිතය ගැන කතා කළ ද, නිරීක්ෂකයින් පවසන්නේ ඔවුන් සතුව දැනටමත් 60% දක්වා බලගැන්වූ යුරේනියම් කිලෝග්‍රෑම් 400ක් පමණ ඇති බව ය.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ද පසුගිය මාර්තු මාසයේදී එයට සමානව අදහස් පළ කර තිබිණි.

විදුලිය සඳහා 5%ක වැඩිදියුණු කිරීමක් ප්‍රමාණවත් වුව ද, මෙතරම් ඉහළ බලගැන්වූ යුරේනියම් තිබීම ඉරානය න්‍යෂ්ටික බෝම්බයක් නිපදවනු ඇතැයි බොහෝ රටවල් කනස්සල්ලට පත්ව සිටියි..

2015 දී ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ලෝක බලවතුන් 6 දෙනෙකු සමග දිගුකාලීන ගිවිසුමකට එළඹිණි.

P5+1 ලෙස හැඳින්වෙන මෙම ගිවිසුමේ හවුල්කරුවන් වන්නේ, ලොව සුපිරි බලවතුන් වන ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, චීනය සහ රුසියාව යි.

ගිවිසුමේදී, ඉරානය ඇතැම් න්‍යෂ්ටික කටයුතු සීමා කිරීමට සහ පරීක්ෂකවරුන්ට එහි ස්ථාන පරීක්ෂා කිරීමට ඉඩ දීමට පොරොන්දු විය. ඒ වෙනුවට, සමහර ආර්ථික සම්බාධක ඉවත් කරන ලදී.

ඉදිරි වසර 10 තුළ නටාන්ස්හි පැරණි, මන්දගාමී කේන්ද්‍රාපසාරී යන්ත්‍ර 5,060කට වඩා භාවිත නොකිරීමට ඉරානය එකඟ විය.

2018 දී ඇමෙරිකා එක්සත් ජනපදය ගිවිසුමෙන් ඉවත්වූ පසු, ඉරානය නැවතත් ඉහළ මට්ටමකින් යුරේනියම් බලගැන්වීම ආරම්භ කළ අතර දැන් එය 60% දක්වා ඉහළ ගොස් තිබේ.