සිතට දැනෙන ගැඹුරු ශෝකය නැති කර ගැනීමට වසර 400ක් පැරණි පොතකින් ක්‍රම 5ක්

Exhausted beautiful woman with eyes closed touching her head in pain while relaxing on comfortable bed at home

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී මුන්ඩෝ

1621දී රොබර්ට් බර්ට්න් විසින් "The Anatomy of Melancholy" [ශෝකයේ ව්‍යුහය] ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරන ලද අතර එය නූතන බටහිර ලෝකයේ ශෝකය යන මෙම විශ්වීය මානව අත්දැකීමේ හේතු, ලක්ෂණ සහ ප්‍රතිකාර තේරුම් ගැනීමට සහ වර්ගීකරණය කිරීමට ගත් පළමු උත්සහය විය.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විශාරදයෙකු සහ මහාචාර්යවරයෙකු වූ බර්ට්න්, අන් අයගේ ලිපි ලේඛනවලින් මෙන් ම ඔහුගේ ම අත්දැකීම්වලින් ද ඊට ආභාසය ලැබී ය.

නමුත් විෂාදය සහ මනෝභාවයන් වෙනස්වීම සඳහා බලපාන මානසික රෝග පිළිබඳව අප දන්නා දේවල් සමග අද බර්ට්න්ගේ වැදගත් සොයාගැනීම් කෙතරම් ප්‍රමාණයක් ගැලපෙනවා ද?

එයට පිළිතුර සොයා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය ලේඛිකා ඒමි ලිප්ට්‍රොප් විසින් බර්ට්න්ගේ න්‍යායන් පහක් පහත පරිදි විශ්ලේෂණය කරනු ලැබ තිබේ.

1. රටාව හඳුනා ගැනීම

එකිනෙකට සම්බන්ධයක් නැති බව පෙනෙන්නට තිබුණත් විෂාදයෙන් පෙළෙන අයගේ මනෝභාවයන්වල බොහෝ විට සමාන රටාවන් තිබේ. ගැඹුරු ශෝකය "පාරම්පරික රෝගයක්" බව බර්ට්න් සිද්ධාන්තමය පැහැදිලි කිරීමක් කළ අතර පවුල් සහ පරම්පරා හරහා පැමිණිය හැකි මානසික රෝග රටා පිළිබඳව ද ඔහු සොයා බැලී ය.

ඔහු ඇතැම්විට එතරම් වැරදි නොවන්නට ඇත: විෂාදයට ජානමය සහ පාරිසරික සංඝටක යන දෙක ම හේතු වන බව දැන් සොයාගෙන තිබේ.

විෂාදමය ආබාධයන්ට ප්‍රතිකාර කිරීම සඳහා පවුල් සමග කටයුතු කරන වෛද්‍ය ෆ්‍රාන්සස් රයිස් මෙසේ පැහැදිලි කරයි: "දෙමව්පියන් දෙදෙනාගෙන් කෙනෙක් දැඩි විශාදයෙන් පෙළෙනවා නම්, දරුවාට සහ ඔවුන්ගේ පවුලේ අයට එකට යන්න පුළුවන් සෞඛ්‍ය සේවාවක් තිබිය යුතු යි, ඒ වගේ ම පවුලටත් ඒ රැකවරණය ම ලබා ගන්න පුළුවන්."

ජානමය රටාවලින් මානසික රෝග පුරෝකථනය කිරීමට පමණක් නොව අපගේ හැසිරීම් රටා අධ්‍යයනය කිරීමට ද අපට හැකි ය.

රොබට් බර්ට්න්ගේ ගැඹුරු ශෝකය පිළිබඳ ගවේෂණය, ඒ පිළිබඳව පමණක් නොව පාඨකයන්ව ඔහුගේ ම මනෝභාවයන්හි අතිශය ඉහළ මට්ටමක් දක්වා ගෙන යයි.

මනෝභාවය සම්බන්ධ ගැටලු පිළිබඳ අපගේ අවබෝධයේ දියුණුවත් සමගින්, සමකාලීන විද්වතුන් යෝජනා කර තිබෙන්නේ, බර්ට්න් පැහැදිලි කරන අධික උස් පහත්වීම් සත්‍ය වශයෙන් ම බයිපෝල අක්‍රමිකතාවයේ රෝග ලක්ෂණ විය හැකි බව ය.

බර්ට්න්ට තමාගේ ම නිරන්තරයෙන් වෙනස් වන මනෝභාවයන් සහ ඒවාට බලපෑ තත්ත්වයන් පිළිබඳ පුදුමාකාර අවබෝධයක් තිබිණි.

Genetic patterns are not only useful for predicting mental illness; we can also study patterns in our behavior.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඔයා සීතල වතුරේ තියෙන පීඩනයට පුරුදු වීම සහ කායික හා සෛලීය මට්ටමින් එය වඩා හොඳින් කළමනාකරණය කිරීමට හැකි වීමෙන් විෂාදය වැනි ආබාධවලට තුඩු දෙන්න පුළුවන් වෙනත් ආකාරයේ ආතතීන්ට ඇතිවන කුපිත වීමේ ප්‍රතිචාරයත් ඔයාට අඩු කරගන්න පුළුවන්"

වර්තමානය වන විට ඇති මෙම දැනුවත්භාවය මානසික රෝග කළමනාකරණය සඳහා අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස සැලකිය හැකි ය.

අපගේ මනෝභාවයන් සහ හැසිරීම්වල රටා නිරීක්ෂණය කළ හැකි නම්, ඒවාට දායක වන බාහිර සාධක කළමනාකරණය කිරීම අපට ආරම්භ කළ හැකි ය.

2. සීතල ජලයෙන් ස්නානය කිරීමේ වාසිය

බර්ට්න් ඔහුගේ කෘතියට වෙනත් අය විසින් ලියන ලද පුළුල් පරාසයක අදහස් සහ පාඨ ද එකතු කළේ ය. "නැවුම් ගංගාවල සහ සීතල වතුරේ" එළිමහනේ ස්නානය කිරීමේ ප්‍රතිලාභ ඔහු ඇතුළත් කළ එක් න්‍යායක් වූ අතර, දිගු කලක් ජීවත් වීමට කැමති ඕනෑ ම කෙනෙකුට එය යෝග්‍ය යැයි එහි කියයි. ඒ සම්බන්ධයෙන් ඔහු නිවැරදි විය හැකි ය.

වසර 400කට පසුව, එංගලන්තයේ පෝර්ට්ස්මත් විශ්වවිද්‍යාලයේ පරිසර රසායනාගාරයේ පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය මයික් ටිප්ටන් මෙම අදහස සමග එකඟ වෙයි.

ඔහු මෙය හරස් අනුවර්තනය (cross-adaptation) යනුවෙන් හඳුන්වන දෙයක් යැයි විශ්වාස කරයි: "ඔයා සීතල වතුරේ තියෙන පීඩනයට පුරුදු වීම සහ කායික හා සෛලීය මට්ටමින් එය වඩා හොඳින් කළමනාකරණය කිරීමට හැකි වීමෙන් විෂාදය වැනි ආබාධවලට තුඩු දෙන්න පුළුවන් වෙනත් ආකාරයේ ආතතීන්ට ඇති වන කුපිත වීමේ ප්‍රතිචාරයත් ඔයාට අඩු කර ගන්න පුළුවන්."

3. සොබාදහම සමග සම්බන්ධ වීම

බර්ට්න්ට අනුව, ශෝකයේ රෝග ලක්ෂණ සමනය කිරීමට ස්වභාවධර්මය ප්‍රධාන තැනක් ගනී. මනස පිරිසිදු කිරීමට, ශෝකයේ නහර පවිත්‍ර කිරීමට සහ හදවත ප්‍රීතියෙන් තැබීමට බෝරේජ් සහ හෙලෙබෝර් වැනි ඖෂධ පැළෑටි සහ මල්වල ඇති ගුණ ගැන ඔහු වර්ණනා කළේ ය.

ඔක්ස්ෆර්ඩ් උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ මහාචාර්ය සයිමන් හිස්කොක්ට අනුව, සම්භාව්‍ය යුගයේ සිට ම ශෝකය, කාංසාව සහ විෂාදයට ප්‍රතිකාර කිරීම සඳහා බෝරේජ් වැනි ශාක භාවිත කර තිබේ.

මෙම ඉතා සරල ඔසුව ප්‍රීතිය ගෙන දෙන බවට විශ්වාස කළා පමණක් නොව, සටන් බිමේදී ධෛර්යය ඇති කිරීම සඳහා රෝම සොල්දාදුවන්ට වයින් සමග ලබා දුන් බව ද කියනු ලැබේ.

ස්වභාවධර්මයේ ඇති "ප්‍රීතිය" ලබා දීමට ඇති හැකියාව ආහාරයට ගත හැකි ශාකවලට පමණක් සීමා නොවූ බව බර්ට්න් සඳහන් කළේ ය.

For Burton, nature was key to alleviating the symptoms of melancholy.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බර්ට්න් අනුව, ශෝකයේ රෝග ලක්ෂණ සමනය කිරීමට ස්වභාවධර්මය ප්‍රධාන තැනක් ගනී

ගෙවතු වගාව, කැණීම් සහ වගා කිරීම සඳහා පොළොව සැකසීම වැනි ක්‍රියාකාරකම් හුදෙක් ගෙදර දොරේ වැඩ පමණක් නොව ශරීරය ප්‍රබෝධමත් කිරීමට සහ ශක්තිමත් කිරීමට බලවත් ක්‍රම බව ඔහු තරයේ විශ්වාස කළේය.

බ්‍රිතාන්‍ය උද්‍යානකරුවෙකු වන මොන්ටි ඩොන්ට අනුව ම මෙය අදටත් වලංගු ය. ශාක සමග භෞතිකව සම්බන්ධ වීමෙන්, පස පෙරළීමෙන් සහ රෝපණය කරන ලද ශාකවල වර්ධනය දැනීමෙන් ලැබෙන "බලවත් ඖෂධය" ගැන ඩොන් එහිදී විස්තර කරයි.

විෂාදය සම්බන්ධ ඔහුගේ ම අත්දැකීම්වලදී මෙහි ප්‍රතිලාභ මොන්ටි ඩොන් අත්විඳ ඇත: "මම හිතන්නේ ව්‍යායාමයක් හොඳ වෙන්නේ ඒක යම් ආකාරයක ක්‍රියාකාරිත්වයක් සමග ඒකාබද්ධ වූ විටයි," ඔහු පවසයි.

උදාහරණයක් ලෙස, තම සුරතලා (සුනඛයා) ඇවිදීමට කැටුව යාමෙන් ව්‍යායාම, අරමුණක් සහ සොබාදහම සමග සම්බන්ධතාවයක් ඇති කරයි.

4. ප්‍රශ්නය බෙදා ගැනීම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"සැනසීම සොයා ගැනීමට හොඳ ම ක්‍රමය තමයි අපේ දුක මිතුරෙක් සමග බෙදා ගැනීම, නැතුව ඒක අපේ හිතේ හිරකර ගෙන ඉන්න එක නෙවෙයි," යනුවෙන් වසර 400කට පෙර බර්ට්න් ලිවීය.

විෂාදයෙන් පෙළෙන අය අතර ගැඹුරු ලෙස කල්පනා කිරීම සහ හුදෙකලාව පොදු හැසිරීම් වේ. සමාජය සමග ගනුදෙනු කිරීම කලාතුරකින් මෙම තත්ත්වයට උපකාරයක් වුව ද, විෂදයෙන් ඇති වන ආවේගයන්ට මුහුණ දීමට එය ප්‍රමාණවත් නොවේ.

විෂාදය වටහා ගැනීමට පවුල් සමග කටයුතු කරන වෛද්‍ය ෆ්‍රාන්සස් රයිස්, ප්‍රතිකාර සඳහා සැලසුමක කොටසක් ලෙස විනෝදජනක ක්‍රියාකාරකම් කාලසටහනට ඇතුළත් කිරීමට යෝජනා කරයි. ඔවුන්ට එය අවශ්‍ය නොවූවත් කල්තියා ක්‍රියාකාරකම් සැලසුම් කිරීම ඒවා කිරීමට උපකාරී වන අතර එමගින් ඔවුන්ට වඩා හොඳ හැඟීමක් ඇති කර ගත හැකි ය.

මනෝභාවයේ ඇති ප්‍රශ්න සඳහා වෛද්‍යවරයෙකු වෙත යන විට, ඔබට විෂාදයට ලබා දෙන ඖෂධ නියම කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි නමුත්, දැන් වෛද්‍යවරුන්ට කලාව උගන්වන පන්ති වෙත යොමු කිරීම හෝ ඇවිදීම වැනි කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇතුළත් සමාජයීය බෙහෙත් වට්ටෝරු නිකුත් කළ හැකි බව ඔබ දැන සිටියා ද?

බරපතළ මානසික රෝගයක් නිසා නොව ඔබ මීට පෙර සතුටින් යෙදුණු ක්‍රියාකාරකම් තවදුරටත් සතුටක් ගෙන නොදෙන්නේ නම් [anhedonia], එවැනි අයට සමාජයීය බෙහෙත් වට්ටෝරුවක් ඖෂධවලට වඩා ඵලදායී විය හැකි ය. සමාජය ඉතා වැදගත් ය. "මිතුරන්ව පාවිච්චි කරන්න... ඔවුන්ගේ විහිළු සහ විනෝද කතාවලට ඔබව සතුටු කළ හැකි ය," යනුවෙන් බර්ට්න් යෝජනා කළේ යමක් සිතේ තබාගෙන ය.

5. රාජකාරිය සහ ජීවිතයේ සමබරතාව

'වැඩ සහ ජීවිතයේ සමබරතාව' යනු, බර්ට්න් භාවිත කළ නිශ්චිත පාරිභාෂික වචන පෙළ නොවන අතර ඔහු 'අධික අධ්‍යයනයට' වඩා බොහෝ කාව්‍යමය අදහසක් ඇති 'ඉගෙනීමට ඇති ආදරය' තෝරා ගත්තේ ය. කියවීමට සහ ලිවීමට වැඩිපුර කාලයක් ගත කිරීම යනු ව්‍යායාම, නින්ද සහ සමාජගත වීම වැනි මානසික සෞඛ්‍යයට යහපත් යැයි අප දන්නා අනෙකුත් පුරුදු සඳහා ප්‍රමාණවත් කාලයක් කැප නොකිරීමක් යන්න ඔහුගේ න්‍යාය විය. සමබරතාව පැමිණෙන්නේ මෙතැනදී ය: ඉගෙනීමෙන් අවධානය වෙනතකට යොමු කිරීම සහ අරමුණ පිළිබඳ හැඟීමක් ලබා දීමෙන් නොසන්සුන් මනස සන්සුන් කිරීමට උපකාරී වේ. කෙසේ වෙතත්, අධික ලෙස ඉගෙනීම හුදෙකලාව හා අක්‍රියභාවයට හේතු විය හැකි අතර, එමගින් මානසික යහපැවැත්මට සහය වන අනෙකුත් වැදගත් ක්‍රියාකාරකම් නොසලකා හැරෙනු ඇත.

බර්ට්න් ශෝකය ගැන ලියුවේ වසර 400කට පෙර නමුත් එහි කරුණු, රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර පිළිබඳ ඔහුගේ අදහස් අදටත් ප්‍රයෝජනවත් වේ. ශරීරය පිළිබඳ ඔහුගේ දැනුම යල් පැන ගිය එකක් වුව ද, ඔහුට සහ ඔහු අධ්‍යයනය කළ පුද්ගලයින්ට මෙලන්කොලික රෝග ලක්ෂණ සමනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ මනා අවබෝධයක් තිබිණි. ස්වයං දැනුවත්භාවය, පිහිනීම, සොබාදහම, සමාජය සහ කියවීම ඔවුන්ට ප්‍රයෝජනවත් වූයේ නම්, අපට එසේ නොවන්නේ මන් ද?