ට්‍රම්ප් ජයග්‍රහණය ගැන සමාජ මාධ්‍ය ජාල ප්‍රතිචාර

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පවුලේ සාමාජිකයෝ

රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙසින් තේරී පත්වීම පිළිබඳව ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයෝ සිය ප්‍රතිචාරය පලකරමින් සිටිති.

ෆේස්බුක් සහ ට්විටර් සමාජ ජාල ඔස්සේ ඔවුන් පල කළ ප්‍රතිචාර ඇසුරින් සංදේශයේ ඇස ගැටුණු ප්‍රතිචාර කිහිපයක් මේ.

රවී වීරසේකර ගේ ප්‍රතිචාරය

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඇමෙරිකානු මැතිවරණය මගින් අප සියලු දෙනාට ප්‍රබල පණිවුඩයක් ලබාදෙන බව රවී වීරසේකරගේ අදහසයි. ජනමාධ්‍ය හෝ 'ස්වාධීන ජනමත සමීක්ෂණ' ලෙසින් හඳුන්වාගනිමින් ඉදිරිපත් කෙරෙන කරුණු තවදුරටත් විශ්වාස නොකළ යුතුය යන්න ඒ පණිවුඩය බවයි, ඔහු පවසන්නේ.

බොහෝ අවස්ථාවල ජනමාධ්‍ය අසත්‍ය තොරතුරු වාර්තාකරණ බව පවසන රවි වීරසේකර, 'ස්වාධීන ජනමත සමීක්ෂණ' කිසිසේත්ම ස්වාධීන නොවන බවත් පවසයි.

රජිත් කීර්තිගේ ප්‍රතිචාරය

ඡායාරූප මූලාශ්‍රය, Saroj Pathirana

ශ්‍රී ලංකාවේ ප්‍රකට මැතිවරණ නිරීක්ෂකයකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන රජිත් කීර්ති තෙන්නකෝන් පවසන පරිදි ඇමෙරිකානු ජනාධිපතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා ඩොනල්ඩ් ට්‍රම්ප් නොව විකීලීක්ස්.

මැතිවරණ ව්‍යාපාරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් යොදා ගත් සටන් පාඨ සහ ජනපතිවරයා වශයෙන් ඔහුගේ ක්‍රියාකලාපය අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබෙනු ඇතැයි කපිල එම් ගමගේ මේ අතර විශ්වාසය පළකරයි.

කපිල එම් ගමගේ ගේ මතය

ඡායාරූප මූලාශ්‍රය, Facebook

හිලරි ක්ලින්ටන් සහ බිල් ක්ලින්ටන්

ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ට දෙමළ ඩයස්පෝරාවේ පූර්ණ සහයෝගය හිමි වූ බව පවසන ප්‍රියංවදා කරුණාරත්න ඇය පරාජය වීම පිළිබඳව ප්‍රසාදය පල කර තිබේ.

මේ අතර දෙමළ ඩයස්පෝරාවේ නායිකාවක වන ඌෂා ශ්‍රීස්කන්ධරාජා සිය ප්‍රතිචාරය පළ කර තිබුණේ එක් වචනයකින්.

මැතිවරණ ප්‍රතිඵලය 'සිත චංචල කරන්නක්' බවයි, ඇය පවසන්නේ.

ප්‍රියංවදා කරුණාරත්නගේ මතය

ඡායාරූප මූලාශ්‍රය, Facebook

මේ අතර විරංජන හේරත් ඇමෙරිකානු මැතිවරණ ප්‍රතිඵලය සහ ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය සංසන්දය කිරීමේ උත්සාහයක නිරත වී තිබුණි.

රුසියාව සහ චීනය සමග එක්ව යළිත් වරක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපති පදවියට පත්කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාකරනු ඇතැයි ඇතැමුන් සිතා සිටින බව ඔහු පවසයි.

විරංජන හේරත් ගේ ෆේස්බුක් පෝස්ටුව

ඡායාරූප මූලාශ්‍රය, Facebook

බුද්ධික ජේබී ද සිය ප්‍රතිචාය පල කර තිබුණේ වචන කිහිපයකින්.

'ඒ මගේ කොල්ලා ... ට්‍රම්ප්' යන්න ඔහුගේ ප්‍රතිචාරයයි.

නදීෂා චන්ද්‍රසේන

ඡායාරූප මූලාශ්‍රය, Saroj Pathirana

'දැන් ඉතින් ඇමෙරිකාවයි අපියි කියල වෙනසක් නෑ', යන්න ෆේස්බුක් ජාලයේ නිරන්තරයෙන් හාස්‍යජනක අදහස් පළකරන නදීෂා චන්ද්‍රසේනගේ අදහසයි.

කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට වාසිදායක බව අමාත්‍ය සරත් අමුණුගම මීට ඉහතදී පෙන්වා දී ඇතැයි නදීෂා චන්ද්‍රසේනට ප්‍රතිචාර දක්වමින් නිහාල් රත්නායක පවසයි.

බුද්ධික ජේබී ගේ ප්‍රතිචාරය

ඡායාරූප මූලාශ්‍රය, Facebook

පන් කෝටි හැත්තෑ හය ලක්ෂයකගේ හදවතේ තවමත් ජනාධිපති හිලරි ක්ලින්ටන් බවයි, චතුර වෙල්ලගේ පවසන්නේ.

ඌෂා ශ්‍රීස්කන්ධරාජාගේ මතය

ඡායාරූප මූලාශ්‍රය, Twitter