'අබ්දෙස්ලාම් අල්ලා ගැනීම IS සංවිධානයට මරු පහරක්'

ඡායාරූප මූලාශ්‍රය, AP
2015 පැරිස් ප්‍රහාරයේ ප්‍රධාන සැක කරු අත්අඩංගුවට ගැනීමට හැකි වීම යුරෝපයේ ක්‍රියාත්මක වන ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට එල්ල වූ විශාල පහරක් බව ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.
ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බර්නාඩ් කැසුනොවා වැඩිදුරටත් කියා සිටියේ පසු ගිය දා සිදු කෙරුණු වැටලීම් වල දී ඉතා භයානක සහ ආරක්ෂාවට තර්ජනයක් එල්ල කළ හැකි පුද්ගලයන් කිහිප දෙනෙකුව මෙල්ල කර අල්ලා ගැනීමට හැකි වූ බවයි.
‘සලාහ් අබ්දෙස්ලාම්’ බෙල්ජියම විසින් තමන්ට භාර දෙනු ඇති බවයි ප්‍රංශය බලාපොරොත්තු වන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AP
පැරිස් ප්‍රහාරයෙන් පසු මාස හතරක් මුළුල්ලේ සැඟවී සිටි ඔහු පසුගිය සිකුරාදා බ්‍රසෙල්ස් නුවර සිදු කෙරුණු වැටලීමක දී පැන යාමට තැත් කිරීමෙන් තුවාල ලැබූ අතර මේ වන විට බෙල්ජියම් පොලිස් අත්අඩංගුවේ පසු වෙයි.
පසුගිය වසරේ නොවැම්බර් දහතුන් වැනිදා පැරීසියට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාර සහ වෙඩි තැබීම් වලින් එකසිය තිස් දෙනෙකු ඝාතනය වූ අතර දොළහකට අධික පිරිසක් තුවාල ලැබූහ.
සිකුරාදා වැටලීම
පසුව ඉස්ලාම් සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම භාර ගනු ලැබුණි.
අත්අඩංගුවේ පසු වන IS සැකකරු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ප්‍රංශයේ සහ බෙල්ජියමේ ජේෂ්ඨ ආරක්ෂක බලධාරීන් අද දිනයේ හමු වීමට නියමිතයි.

ඡායාරූප මූලාශ්‍රය, AP
විසි හය හැවිරිදි ප්‍රංශ ජාතික ‘සලාහ් අබ්දෙස්ලාම්’ බ්‍රසෙල්ස් නුවර උපත ලැබූවකු වන අතර පැරිස් ප්‍රහාරයට පෙර ජීවත් වූයේ බෙල්ජියමේ මොලෙන්බීක් දිස්ත්‍රික්කයේයි.
පසුගිය සිකුරාදා සිදු කෙරුණු වැටලීමේ දී ‘අබ්දෙස්ලාම්’ අත්අඩංගුවට ගනු ලැබුනේ ඔහු ජීවත් වූ නිවසට මීටර් පන්සීයක් පමණ නුදුරින් වූ ගොඩනැගිල්ලක සිටියදීයි.
වැටලීමෙන් අත්අඩංගුවට පත් වූ අනෙක් පුද්ගලයා අහමෙඩ් අලාජ් නැමැත්තෙකු වන අතර බෙල්ජියම් නීතිපතිවරයා කියා සිටියේ ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ලැයිස්තුවට ඇතුළත් පුද්ගලයෙකු බවයි.
ඊට අමතරව ‘අබ්දෙස්ලාම්’ට සැඟවී සිටීමට උපකාර කළ බවට සැක කරන ඔහුගේ පවුලේ ඥාතීන් ද මේ වන විට පොලිස් රැඳවුම් භාරයේ සිටියි.








