මැලේසියානු අගමැති දූෂණ චෝදනාවලින් නිදහස්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මැලේසියානු අගමැති නජීබ් රසාක්ට එරෙහිව එල්ල වූ දූෂණ චෝදනාවලින් ඔහු නිදහස් කිරීමට එරට ප්‍රධාන අභිචෝදකවරයා තීන්දු කළේය.
අගමැතිවරයා හා සම්බන්ධ දූෂණ චෝදනා නඩුව දීර්ඝ කාලයක් පුරා කතාබහට ලක් වී තිබිණ.
නජීබ් රසාක් අගමැතිවරයාගේ පෞද්ගලික බැංකු ගිණුමට බැර කර තිබූ ඩොලර් ලක්ෂ 6,810ක මුදල සෞදි රජ පවුලෙන් ඔහු වෙත ලැබී ඇති ත්‍යාග මුදලක් බවයි එරට නීතිපතිවරයා පවසන්නේ.
නීතිපති මොහොමඩ් අපන්ඩි අලී කියා සිටියේ අපරාධයක් සිදු වී නැති හෙයින් තීන්දුව සම්බන්ධයෙන් තමා සෑහීමකට පත් වන බවයි.
රජයට අයත් ආයෝජන අරමුදලකින් ඉහත කී මුදල අගමැතිවරයාට ලැබී ඇති බවටයි විවේචකයන් චෝදනා කරන්නේ.
එල්ල වූ චෝදනා අගමැතිවරයා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ නමුත් දේශපාලනික වශයෙන් ඔහුට දැඩි පීඩනයක් එල්ල විය.
අගමැති නජීබ් රසාක්ට සිය ධුරයෙන් ඉල්ලා අස් වන ලෙස බල කරමින් එවකට ක්වාලාලම්පුර් නගරයේ උද්ඝෝෂණ පැවැත්විණ.




