'ඇබොරිජින් මැරිල්ල' ක්‍රීඩාවක් නොවේ

වීඩියෝ ක්‍රීඩාව සම්බන්ධයෙන් විරෝධය පල කරන දහස් ගණන් ජනතාව ඊට එරෙහිව අන්තරජාල පෙත්සමක් ගොනු කර ඇත

ඡායාරූප මූලාශ්‍රය, Survival Island 3 Australia Story 3D

ඡායාරූප ශීර්ෂ වැකිය, වීඩියෝ ක්‍රීඩාව සම්බන්ධයෙන් විරෝධය පල කරන දහස් ගණන් ජනතාව ඊට එරෙහිව අන්තරජාල පෙත්සමක් ගොනු කර ඇත

ඕස්ට්‍රේලියාවේ නිකුත් කෙරුණ වීඩියෝ ක්‍රීඩා තරගයක් ස්මර්ට්ෆෝන් ජංගම දුරකථන වෙළඳසැල් වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම වීඩියෝ ක්‍රීඩා තරගයේ දී සිදු කෙරෙන්නේ ඇබොරිජින් චරිත මරා දමනු ලැබීමයි.

එම වීඩියෝ ක්‍රීඩාව සම්බන්ධයෙන් විරෝධය පල කරන දහස් ගණන් ජනතාව ඊට එරෙහිව අන්තරජාල පෙත්සමක් ගොනු කර ඇත.

ස්ර්වයිවල් අයිලන්ඩ් 3 - ඕස්ට්‍රේලියා ස්ටෝරි ('Survival Island 3 - Australia Story') නමැති වීඩියෝ තරගයට එරෙහිව චේන්ජ් වෙබ් අඩවිය ගොනු කල අන්තර්ජාල පෙත්සමට මේ වන විට අසූ දහසකට වැඩි පිරිසක් අත්සන් කර ඇත.

ඇබොරිජින්වරුන්ගේ සම්ප්‍රදායික නර්තනයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇබොරිජින්වරුන්ගේ සම්ප්‍රදායික නර්තනයක්

ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ජනකොටස වන ඇබොරිජින්වරුගේ චරිත මරා දැමෙන වීඩියෝ මෘදුකාංගය වහාම ඉවත් කර ලෙස ඉල්ලා සිටින පෙත්සම එම මෘදුකාංගය නිපදවූ පුද්ගලයන් සමාව ඉල්ලා සිටිය යුතු බවයි පවසන්නේ.

මෙවැනි වීඩියෝ තරගයක් වෙළඳ පොලට නිකුත් කිරීම පිළිබඳ ප්‍රශ්න කරන පෙත්සම එම ක්‍රීඩාව වර්ගවාදී එකක් බවයි සඳහන් කරන්නේ.

එසේම ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ඇබොරිජන්වරු මරා දැමීම 'තරගයක්' නොවන බවද පෙත්සම කියා සිටියි.