හොංකොං: චීන විරෝධී උද්ඝෝෂණ

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පොත් සාප්පු කරුවන් පස් දෙනෙකු අතුරුදහන් වීම පිළිබඳව කෝපයට පත් හොංකොං වැසියන් දහස් ගණනක් වීදි බැස උද්ඝෝෂණය කළහ.
අතුරුදහන් වූ පොත් සාප්පු හිමියන් එකම පොත් ප්‍රකාශන සමාගමකට සබඳතා ඇති අය වන අතර එය චීන රජය විවේචනයට ලක් කරන ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරන සමාගමකි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
චීන රජය මෙම පිරිස රඳවා ගෙන ඇති බවට උද්ඝෝෂකයෝ චෝදනා කරති.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මෙම උද්ඝෝෂණයේ සම සංවිධායකයෙකු වන ලී චෙඋක් යැන් කියා සිටියේ හොංකොං වැසියන් භුක්ති විඳිමින් සිටි නිදහස මර්දනය කිරීමේ හැරවුම් ලක්ෂ්‍යය මෙය බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
බ්‍රිතාන්‍යය හොංකොං දේශය ආපසු චීනයට භාර දෙන විට ඊට අනන්‍යව පැවති නිදහස මර්දනය කිරීමට චීන පරිපාලනය උත්සාහ කරන බවට හොංකොං ජනතාව බිය පළ කරති




