ඉන්දියාව: 'පරණ බස් ලොරි පාරට තහනම්'

වසර 15කට වඩා පැරණි බස් රථ සහ ට්‍රක් රථ ධාවනය තහනම් කිරීමට පියවර ගන්නා බව ඉන්දීය ආණ්ඩුව ප්‍රකාශ කරයි.
වාර්තාගත මට්ටමකින් සිදුවන පරිසර දූෂණය පාලනය කර ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවයි ඉන්දීය රජය පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty
ඩීසල් වාහනවලින් පිට වන දුමාරය, ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේදී ඇති වන දුහුවිලි සහ නගරාශ්‍රිතව පවතින ගොවි බිම් මත ඉපනැල්ල පිළිස්සීම නිසා පිට වන දුමාරය නිසා දිල්ලි නුවර වාතාශ්‍රය අපවිත්‍ර වීම උපද්‍රව සහිත මට්ටමකට පැමිණ තිබේ.
වායු ගෝලය අපවිත්‍ර වීම නිසා වසරකට ඉන්දියාවෙන් වාර්තා වන අඩු වයස් දරු උපත් ප්‍රමාණය හය ලක්ෂයකට අධිකයි.

ඡායාරූප මූලාශ්‍රය,
ලෝකයේ ඉහලම වායු දූෂණයකට ලක් වූ නගර 20 සහිත ලැයිස්තුවක් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය වසරේ දී නිකුත් කළ අතර එහි නගර 13ක්ම අයත් වන්නේ ඉන්දියාවටයි.
වසර 15කට වඩා පැරණි බස් රථ සහ ට්‍රක් රථ ධාවනය සඳහා පනවන තහනම ලබන අප්‍රේල් මාසයේ සිට බල පැවැත්වෙන අතර වැඩි විස්තර සහිත නිවේදනය තව සති දෙකකින් නිකුත් කිරීමට නියමිතයි.




