ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්ප්‍රදායෙන් ඔබ්බට

ඡායාරූප මූලාශ්‍රය, bb
වසර 138 ක දීර්ඝ කාල පරිච්ඡේදයක් පුරා සම්ප්‍රදායක් හැටියට දිවා කාලයට පමණක් සීමා කොට තිබුණ ටෙස්ට් ක්‍රිකට් තරඟ ක්‍රීඩා ඉතිහාසයේ පළමු වතාවට දිවා රාත්‍රි තරඟ මට්ටමින් පැවැත්වීමේ කාලය අදින් (නොවැම්බර් 27)ආරම්භ වෙයි.
එම කඩයිමේ පළමු තරඟය දැන් ආරම්භ වී ඇති අතර එය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ ඕවල් ක්‍රීඩාංගනයේ.
ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත කණ්ඩායම් අතරයි එම ඓතිහාසික තරඟය පැවැත්වෙන්නේ.
ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් සනිටුහන් කරමින් මෙපරිද්දෙන් දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරඟ ආරම්භ කෙරෙන්නේ ක්‍රීඩාලෝලීන් ආකර්ෂණය කර ගැනීමේ පියවරක් වශයෙනි.
රෝස පන්දුවක්

විදුලි ආලෝකධාරා මධ්‍යයේ පැවැත්වෙන මෙම තරඟය සඳහා රෝස පැහැති පන්දුවක් තෝරා ගනු ලැබ ඇත.
එම පන්දුව දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරඟ සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද්දකි.
සංවිධායකයන්ගේ ප්‍රයත්නය ටෙස්ට් තරඟ නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන් අතර අලුත් ජවයක් උද්දීපනය කිරීමයි.
සීමිත ඕවර ක්‍රිකට් තරඟ සහ වෙනත් ක්‍රීඩා හමුවේ පසුගිය දශක කීපය ඇතුළත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩාලෝලීන් ආකර්ෂණය කර ගැනීම අතින් එක්තරා අභියෝගයකට මුහුණ දීමට සිදු විය.








