චීන තායිවාන් නායකයන් අතර ඓතිහාසික හමුවක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

චීන සහ තායිවාන් සබඳතා ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සලකුණු කරමින් දෙරටේ ජනාධිපතිවරුන් දෙදෙනා අතර සිදු වූ හමුව ලෝකයේ අවධානයට ලක් වෙමින් පවතී.

චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping) තායිවාන් ජනාධිපති මේ යින්ග් ජියෝ (Ma Ying-jeou) හමු වුනේ සිංගප්පූර්හි සුඛෝපභෝගී හෝටලයක දී.

අවුරුදු හැටහයක කාලයක් සයුරින් වෙන්ව දෙපසක සිටින චීන දෙපාර්ශවය කෙබඳු නැගීම් සහ බැසීම් හමුවේ වුවද කිසිවකුට වෙන් කළ නොහැකි බවයි ජනාධිපති ෂි ජින් පින් සිය අදහස් දක්වමින් තායිවාන් ජනාධිපතිවරයා සමඟ සඳහන් කළේ.

‘අපි ලෙයින් බැඳුන සහෝදරයන්. ඇට කටු කැඩෙන්න ඉඩකඩ තියෙනවා. ඒත් ඒවා වෙන් වන්නේ නැහැ. අපි එකම පවුලක්’ චීන ජනාධිපති ෂි ජින්පින් සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය,

තායිවාන් ජනාධිපතිවරයා කියා සිටියේ දෙරට සමාජ ක්‍රම දෙකක් යටතේ ජීවත් වුනත් එකිනෙකාට ගරු කරන බවයි.