ගව මස් ගුණ රැකියාවට අගුණයි

ඡායාරූප මූලාශ්‍රය,
ගව මස්වල පෝෂණ ගුණය පිළිබඳව ලිපියක් පළ කිරීමේ වරදට ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ප්‍රකාශයට පත් වන සඟරාවක කර්තෘවරයාගේ වැඩ තහනම් කර තිබේ.
මෙය රජයේ වියදමින් මුද්‍රණය වන සඟරාවක් වන අතර හර්යානා ප්‍රාන්තය තුළ ගව මස් වෙළඳාම හෝ අනුභවය නීතියෙන් තහනම් වේ.

ඡායාරූප මූලාශ්‍රය, AP
මේ අතර තුර දිල්ලියේ තිරගත වීමට නියමිතව තිබු වාර්තා චිත්‍රපටයක් අත්හිටුවීමට ද රජය බලපෑම් කළ බව දිල්ලි ශිෂ්‍ය සිනමා උළෙලේ සංවිධායකයෝ පවසති.
මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ මාංශ වෙළඳාමේ යෙදෙන්නන් ගේ කුළය පිලිබඳ කතාවකි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ගව ඝාතනයේ යෙදුණු බවට සැක පිට මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු මෑතකදී පහර දී මරා දැමීමත් සමග ඉන්දීය දේශපාලනය තුළ ගව මස් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.
බිලියන එකයි දශම දෙකක් වන ඉන්දීය ජන ගහනයෙන් සියයට අසූවක් වන හින්දු භක්තිකයෝ ගවයා දේවත්වයට සබඳකම් දක්වන සත්වයකු ලෙස සලකති.

ඡායාරූප මූලාශ්‍රය, AP
ගව මස් වෙළඳාම හෝ පරිභෝජනය ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල තහනම් වන අතර බොහෝ විට ඉන්දියාව තුළ වෙළඳාම් කෙරෙන්නේ මී ගව මස්.
මී ගවයා දේවත්වයට සම්බන්ධ සත්වයකු ලෙස සලකනු නොලැබීම ඊට හේතු වී ඇති බව වාර්තාකරුවෝ පවසති.
ගව ඝාතනය, වෙළඳාම සහ පරිභෝජනය සම්බන්ධයෙන් පවතින නීති රීති දැඩි කිරීමට වර්තමාන ඉන්දීය හින්දු දක්ෂිණාංශික ආණ්ඩුව කටයුතු කළේය.








