ප්ලූටෝ ග්‍රහලෝකයෙන් අළුත් තොරතුරු

ඡායාරූප මූලාශ්‍රය, nasa
පසුගිය වසර නවය පුරා සෞරග්‍රහ මණ්ඩලය වටා ගමන් ගත් අභ්‍යවකාශ යානයක් ප්ලූටෝ ග්‍රහයා ආසන්නයෙන් ගමන් ගනිමින් දත්ත එක්රැස් කරමින් සිටියි.
යානය ප්ලූටෝ වෙත ළඟා වූයේ පෘථිවියේ සිට කිලෝමීටර් කෝටි පන්සීයකට ආසන්න අභ්‍යවකාශ චාරිකාවක යෙදීමෙන් අනතුරුවයි.
රොබෝ යානය විසින් ප්ලූටෝ ග්‍රහයායේ ඡායාරූප සහ දත්ත එක් රැස් කිරීමට නියමිතයි.
යානය ඔස්සේ ලැබුණු ප්ලූටෝ ග්‍රහයාගේ ඡායාරූප පිළිබඳ විස්තර කරමින් අභ්‍යවකාශ මෙහෙයුමේ ප්‍රධාන පර්යේෂක ඇලන් ස්ටර්න් කියා සිටියේ ‘නොයෙකුත් ආකාරයේ දීප්තිමත් කලාප ඔබට දැකිය හැකියි.
'එහි සමකයට ආසන්නයෙන් ඉතා කළු පැහැති කලාප තිබෙනවා. තුනී හෝ අඩු පීඩනයකින් යුත් නයිට්‍රිජන් සහිත වායු ගෝලයක් එහි තිබිය යුතුයි’ ඇලන් ස්ටර්න් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, n
තත්වයෙන් ඉහළ තවත් ඡායාරූප යානය වෙතින් ලැබීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර අලුතින්ම ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ අභ්‍යවකාශ යානය පෘථිවිය සමඟ යළි සබඳතා ආරම්භ කර ඇති බවයි.
යානය යහපත් තත්වයක පවතින බව තහවුරු වීමත් සමඟ නාසා ආයතනයේ විද්‍යාඥයන් ඔල්වරසන් හඬ නැගූ බවත් වාර්තා වෙයි.
මේරිලන්ඩ් ප්‍රාන්තයේ ‘නාසා’ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ, ප්‍රමාණයෙන් කුඩා ප්ලූටෝ ග්‍රහයා සම්බන්ධයෙන් මාහැඟි තොරතුරු රාශියක් ලැබෙනු ඇතැයි විද්‍යාඥයන් බලාපොරොත්තු තබන බවයි.








