ඇමරිකා සහ කියුබා තානාපති කාර්යාල යළි විවෘත කෙරේ

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඇමරිකා එක්සත් ජනපදය සහ කියුබාව දෙරටේ තානාපති කාර්යාල යළි විවෘත කිරීම සඳහා ගිවිසුමකට එළඹුණ බව ඇමරිකා එක්සත් ජනපද නිලධාරීහු පවසති.

ඉකුත් දෙසැම්බර් මාසයේ දී දෙරට ජනාධිපතිවරුන් ඔවුන් අතර පවතින ගැටළු නිරාකරණය කර ගන්නා බව ප්‍රකාශයට පත් කළ දා සිට රහසිගතව පැවතී සාකච්ඡාවලින් පසුවයි මෙම වැදගත් ගිවිසුමට එළඹුණේ.

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට දෙරටට පිවිසීමට ඇති ඉඩකඩ සහ නව බැංකු කටයුතු විධි විධාන සම්බන්ධයෙන් පැවති සාකච්ඡා හේතුවෙන් ගිවිසුමක් ඇති කර ගැනීම ප්‍රමාද වී තිබිණ.

දෙරට ජනාධිපතිවරුන් ඇමරිකාවේ දී හමුවීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය විසින් ත්‍රස්තවාදී ක්‍රියා වල නිරත රටවල ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කර ගන්නා ලදී .