අලි රකින රැස්වීමක් බොට්ස්වානා රාජ්‍යයේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

දරුණු ලෙස දඩයම් වීමේ අවදානමට ලක් වී සිටින වන අලි ඇතුන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තිහකට වැඩි රටවල නියෝජිතයෝ බොට්ස්වානා රාජ්‍යයට රැස් වූහ.

අලි ඇතුන් සංරක්ෂණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු වූයේ දඩයමට ලක් වීම හේතුවෙන් වන අලි ඉතා ඉක්මනින් වඳ වී යා හැකි බවට පරිසරවේදීහු අනතුරු හැඟවීමත් සමගයි.

කෙන්යානු ආණ්ඩුව විසින් රාජසන්තක කරනු ලැබූ ඇත් දළ තොගයක් පසු ගියදා විනාශ දැමුණු අයුරු

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, කෙන්යානු ආණ්ඩුව විසින් රාජසන්තක කරනු ලැබූ ඇත් දළ තොගයක් පසු ගියදා විනාශ දැමුණු අයුරු

විශේෂයෙන් පසුගිය දශකයක කාලය තුළ සියයට හැටකට වැඩි ප්‍රමාණයකින් දඩයමට ලක් වී ඇති මධ්‍යම අප්‍රිකාවේ අලි ඇතුන් ගහනය දරුණු ලෙස වඳ වී යෑමේ තර්ජනයට ගොදුරු වී ඇති බව ලෝක වනසත්ව පදනම (WWF) පැවසුවේය.

නීති විරෝධී ලෙස ඇත් දළ වෙළදාමේ යෙදෙන ලොව පුරා සිටින ජාවාරම්කරුවන් විසින් අලි ඇතුන් දඩයම් කිරීම සංවිධානගතව සිදු කරන බව පරිසරවේදීහු පවසති.

මරා දැමීමට ලක් වන ඇතුන්ගේ දළ වලින් බොහෝ ප්‍රමාණයක් චීනයේ නීති විරෝධී වෙළඳපළට සපයන බව පරිසරවේදීහු වැඩිදුරටත් කියා සිටිති.