ස්ත්‍රී දූෂකයා මරා දැමීම: හතළිහක් අත්අඩංගුවේ

ඡායාරූප මූලාශ්‍රය, AP
ස්ත්‍රී දූෂණයකට සැක පිට අත් අඩංගුවේ පසු වූ පුද්ගලයෙකු බලහත්කාරයෙන් සිර මැදිරියෙන් පිටතට ගෙන ගොස් පහර දී මරා දැමීමේ සිද්ධියට සම්බන්ධව පුද්ගලයන් හතළිස් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.
කලහකාරී ලෙස හැසිරීම, ගොඩනැගිලි ගිනිබත් කිරීම නීතියට පිටු පා අත්අඩංගුවට ගැනීම යන චෝදනා යටතේ එම පිරිස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.
නාගලන්ත ප්‍රාන්තවාසීන් දහස් ගණනක් කඩා වැදී සිර මැදිරිය බිඳ ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ සිටි සයිඩ් ෆරීඩ් කාන් පැහැර ගෙන ගොස් පහර දී මරා දැමීමට ප්‍රථම මෙම සිරකරු නිරුවත් කොට වීදි දිගේ රැගෙන ගිය බවයි වාර්තා වන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AP
සැකකරු බෙන්ගාලි භාෂාව කතා කරන මුස්ලිම්වරයෙකු වීමත් දූෂණයට ලක් වූ තරුණිය නාගලන්ත ප්‍රාන්තයේ බහුතර කිතුනු ප්‍රජාවට අයත් වීමත් නිසා මෙම සිද්ධියට වර්ගවාදය බලපා ඇති බව වාර්තාකරුවෝ පවසති.




