'බර්ඩ්මෑන්' චිත්‍රපටයට ඔස්කාර් සම්මාන හතරක්

ඡායාරූප මූලාශ්‍රය, Getty
හොලිවුඩ් පුරවරයේ ඉරිදා රාත්‍රියේ පැවති ඔස්කාර් සමාන උළෙලේදී 'බර්ඩ්මෑන්' ("Birdman") චිත්‍රපටය ප්‍රධාන සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty
අධ්‍යක්ෂ අලෙහන්ද්‍රෝ ගොන්සාලෙස් ගේ නිර්මාණයට හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂ ඇතුළු සම්මාන හිමි වීම උළෙලේ කැපී පෙනුණ සිදුවීමක්.
සම්මාන පිළිගනිමින් දේශනය පැවැත්වූ මෙක්සිකානු ජාතික අධ්‍යක්ෂවරයා, සංක්‍රමණික ජනතාව ඇමෙරිකා එක්සත් ජනපදයට ලබාදුන් දායකත්වයට සිය ප්‍රණාමය පුද කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters Danny Moloshok
"The Theory of Everything" චිත්‍රපටයේ විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස්ගේ චරිතයට රිදී තිරයේ පණ පෙවූ බ්‍රිතාන්‍ය ජාතික එඩී රෙඩ්මේන් හොඳම නළුවා සම්මානයෙන් පුද ලැබූ අතර, "Still Alice" වයෝවෘද්ධ විශ්ව විද්‍යාල ආචාර්යවරියකගේ චරිතය නිරූපණය කළ ජුලියන් මුවර්ට හොඳම නිළිය සම්මානය හිමි විය.




