'ලොකුම ගැටළුව' අපේ චිත්‍රපටයක් අපේ රටේ පෙන්වීම
දේශීය සිනමා කර්මාන්තය තුළ වත්මන් සිනමාකරුවන් මුහුණ දී ඇති ප්‍රධාන අභියෝගය සිය නිර්මාණ ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීමට අවසර ලබා ගැනීම සඳහා වසර කිහිපයක් බලා සිටීමට සිදු වීම හා නිෂ්පාදන සඳහා මුදල් සොයා ගැනීම බව 'දැකල පුරුදු කෙනෙක්' සිනමා සිත්තමේ නිර්මාණශීලීහු පවසති.
'දැකල පුරුදු කෙනෙක්' සිනමා සිත්තම ප්‍රථම වරට ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව එහි අධ්‍යක්ෂ මලිත් හෑගොඩ සහ තිර රචක බූපති නලීන් වික්‍රමගේ ලන්ඩනයේ බීබීසී මූලස්ථානයේදී සංදේශයේ සරෝජ් පතිරණ සමග සාකච්ඡාවකට එක් වෙමින් ඒ බව කියා සිටියහ.

ඡායාරූප මූලාශ්‍රය, The Strange Familiar
‘ලංකාවේ මුල් කාලීනව සිනමාවේ තිබුණ ගැටළුවක් තමයි ලංකාවේ සිනමාව ජාත්‍යන්තරයට ගෙන යන්නේ කොහොමද කියන එක. දැන් අපට තියන ප්‍රශ්නේ තමයි අපේ චිත්‍රපටියක් අපේ රටේ පෙන්නන්නේ කොහොමද කියන දේ’ යනුවෙන් තිර රචක බූපති නලීන් වික්‍රමගේ පැවසුවේය.
ජාත්‍යන්තරය
නමුත් කලාත්මක ප්‍රකාශනයක් උදෙසා සිනමාවේ යෙදෙන බොහෝ තරුණ හා ප්‍රවීණ සිනමාකරුවන් මේ වන විට ජාත්‍යන්තර සිනමා උළෙලවල් සඳහා සහභාගී වන බවයි ඔහු සඳහන් කළේ.
මේ වන විට රජයේ හෝ පෞද්ගලික අංශයේ කිසිදු මූල්‍ය ආයතනයක් චිත්‍රපට සඳහා ආයෝජනය නොකරන බවත් ඔවුහු පෙන්වා දෙති.

ඡායාරූප මූලාශ්‍රය, The Strange Familiar
පසු නිෂ්පාදන කටයුතු සඳහා ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම හේතුවෙන් ඒ සඳහා විදේශ ගත වීමට සිදු වන බවයි සිනමා අධ්‍යක්ෂ මලිත් හෑගොඩ පවසන්නේ.
මීට අමතරව ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් අයුරින් නවීන තාක්ෂණය සහිත සිනමා ශාලා නොමැති බවත් පවුලේ නිෂ්පාදන සඳහා පමණක් ඇතැම් සිනමා ශාලා ඉඩ පහසුකම් ලබා දෙන බවත් මලිත් හෑගොඩ වැඩි දුරටත් කියා සිටියේය.