ඒඩ්ස් ප්‍රචාරණයට දැවැන්ත කොන්ඩමයක්

ඡායාරූප මූලාශ්‍රය, AP
මීටර 18 ක් දිග දීප්තිමත් රෝස පැහැයෙන් යුතු කොන්ඩෝමයක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඓතිහාසික ඔබෙලිස්ක් (obelisk) කුළුණට පළඳවා තිබේ.
දෙසැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිත ලෝක ඒඩ්ස් දිනය ට සමගාමීව HIV වෛරසය පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ ඕස්ට්‍රේලියානු වැඩසටහනක කොටසක් ලෙසයි මෙම ප්‍රදර්ශනය සිදුවන්නේ.

වසර විස්සක් තුළ වාර්තාවන ඉහළම HIV රෝගීන් සංඛ්‍යාව ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවූයේ 2013 වසරේදීයි.
නිව්සවුත් වේල්සයේ AIDS කවුන්සිලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ HIV වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා කොන්ඩෝමයක් පැළඳීමේ වැදගත්කම හුවා දැක්වීම ඔවුන්ගේ අරමුණ බවයි.
එහෙත් කුඩා ළමුන්ගේ ඇසට ලක් වන බැවින් මෙම කොන්ඩෝමය එහි නො තිබිය යුතු බවයි ක්‍රිස්තියානි ආගමික කණ්ඩායමක් පවසා ඇත්තේ.




