ජෙනරාල් ප්‍රයුත් තායිලන්ත අගමැති ධුරයට

ජෙනරාල් ප්‍රයුත් චෑන් ඕචා

ඡායාරූප මූලාශ්‍රය, REUTERS

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෙනරාල් ප්‍රයුත් චෑන් ඕචා

තායිලන්තයේ මිලිටරි ජුන්ඩාවක් මගින් බලයට පැමිණි ජෙනරාල් ප්‍රයුත් චෑන් ඕචා තායිලන්ත අගමැති ලෙස දිව්රුම් දී තිබේ.

යුද හමුදාව විසින් පත් කරන ලද තායිලන්ත පාර්ලිමේන්තුවෙන් මැතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් ව ඇත්තේ ජෙනරාල් ප්‍රයුත් චෑන් ඕචා පමණි.

වසර කිහිපයක් මුළුල්ලේ පවත්නා දේශපාලන අස්ථාවරභාවය යලි ඇතිවීම වැළක්වීමට පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කරන බවට ඔහු ප්‍රතිඥා දුන්නේය.

බීබීසී බැංකොක් වාර්තාකරු කියා සිටියේ විවේචකයන් පවසන්නේ ජෙනරාල් ප්‍රයුත් චෑන් ඕචාගේ ප්‍රයත්නය වී ඇත්තේ හිටපු අගමැති වරයාගේ දේශපාලන පක්ෂය පිටු දැකීම බවයි.

තවදුරටත් අදහස් දක්වන විවේචකයින් පවසන්නේ තායිලන්ත පාලනයේ සම්පුර්ණ බලතල තමන් සතු මොහොතක ජෙනරාල්වරයාට අන් බලවේග සම්බන්ධයෙන් සලකා බැලීම අනවශ්‍ය බවයි.

තායිලන්ත නව අගමැති ජෙනරාල් ප්‍රයුත් චෑන් ඕචාගේ මීළඟ කාර්ය භාරය වන්නේ කැබිනට් අමාත්‍යවරුන් තිස් පස් දෙනෙකු පත් කිරීමයි.

අමාත්‍යවරුන් තිස් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කැබිනට් මණ්ඩලය, රාජ්‍ය සහ දේශපාලනික ප්‍රතිසංවිධාන ක්‍රියාවලියක් ඔස්සේ සාමාජිකයින් දෙසිය පනස් දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු මණ්ඩලය අධීක්ෂණය සඳහා කටයුතු කරයි.